ණය ගෙවන්න වරාය විකිණීමේ බොරුව සහ ඇත්ත  ණය ගෙවන්න වරාය විකිණීමේ බොරුව සහ ඇත්ත යථාර්තය..!!!
Posted on July 30th, 2017

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සහ විධායක නිලධාරී සංගම් 4ක් ඒකාබද්ධව නිකුත්කල මාධ්‍ය නිවේදනයක්

2016 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය උපයන සමස්ථ ආදායම රුපියල් බිලියන 44 කි.. ඒ ආදායමෙන් මෙහෙයුම් වියදම්, පරිපාලන වියදම්, ”ණය පොලියසහ වෙනත් වියදම් අඩු කිරීමෙන් පසුව පසුගිය 2016 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 11 කි (රුපියල් මිලියන 11,000).. එය 2015 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 5ක වැඩි වීමක්..

ශ්‍රී ලංකා වරාය අධිකාරිය එම වසරේදී ගෙවූ සම්පූර්ණ ණය සහ පොලී මුදල රුපියල් මිලියන 16, 700 කි.. එයට රුපියල් මිලියන 7, 100 වූ 2016 වර්ෂයේ හම්බන්තොට වරායේ ණය පොලී වාරිකයද ඇතුලත්..

ණය ගෙවීම සදහා වරාය විකිණීම අනිවාර්යයෙන් කල යුතු යැයි යහපාලන ආණ්ඩුව උදේ හවා බොරු බේගල් ඇද බාමින් සිටින්නේ මෙවැනි තත්වයක් තුලය..

වරාය අධිකාරිය මේ ආදායම මූලිකව වාර්ථා කරන්නේ මීටර් 14.25ක් පමණක් ගැබුරු කොළඹ වරායේ ජය බහාළුම් පර්යන්තය (Jaya Container Terminal – JCT) සහ හම්බන්තොට වරායේ වාහන රැගෙන එන නෞකා මෙහෙයවීමෙනි.. ජය බහාළුම් පර්යන්තයේ නොගැඹුර නිසා 2015 වසරේ පමණක් වරාය අධිකාරියට අහිමි වී චීන සමාගමකට වැඩි කොටස හිමි CICT (Colombo International Container Terminal) පර්යන්තයට ගිය විශාල නෞකාසංඛ්‍යාව 194 කි..

මීට විසඳුමක් ලෙස වරාය ආදායම කිහිප ගුණයකින් ඉහළ දැමීමේ හැකියාව ඇති වරාය අධිකාරිය සතු මීටර් 17 කට වඩා ගැඹුරු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (SLPA’s Eastern Container Terminal – ECT) සහ මීටර් 17 කට වඩා ගැඹුරු හම්බන්තොට වරායේ නවතම බහාළුම් පර්යන්ත සම්පූරණ කොට මෙහෙයුම් කටයුතු සදහා යොදා ගැනීම කල හැකි වූවත් මේ යහපාලන ආණ්ඩුව එවැනි සංවර්ධනයකට යොමු වීමට අදහසක්වත් නොපෙන්වයි..

ඉදිවෙමින් පවතින මේ වරායේ ප්‍රථම අධියරේ බහාළුම් පර්යන්ත මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති අතර බහාළුම් මෙහෙයුම් දොඹකර ඇතුළු උපකරණ සවි කිරීමෙන් පසු නුඳුරු අනාගතයේ බහාළුම් මෙහෙයවීම් පහසුවෙන් සිදුකල හැකිය.. හම්බන්තොට වරායේ සල්ලි ගස සොලවන්නට හැක්කේමෙම බහාළුම් නෞකා මෙහෙයවීම් ඇරඹුණු පසුය..

එසේ බහාළුම් මෙහෙයුම් නොමැතිව තිබිදී පවා හම්බන්තොට වරායේ ආදායම ඉහළ ගිය හැටි මෙසේ සරලව දැක්විය හැක..

2011 වසරේ රුපියල් මිලියන 11
2012
වසරේ රුපියල් මිලියන 135
2013
වසරේ රුපියල් මිලියන 565
2014
වසරේ රුපියල් මිලියන 1277
2015
වසරේ රුපියල් මිලියන 2145

සත්‍යය පැහැදිළි කරනවා වෙනුවට අසත්‍යයම පවසමින් රටේ ජනතාව නොමඟ යවමින් තම පටු ලාභ හොයන ආණ්ඩුව මේ වරාය ක්ශ්‍රේත්‍රයට කරමින් සිටින හානිය සුළුපටු නොවේ.. ජාතික සම්පත් විකුණා දමා රට මංකොල්ල කෑමට එරෙහි වීම මෙරට සියළු පුරවැසියන් සතු යුතුකමක් නොව වගකීමකි..

මේ පිළිබඳව විස්තර කෙරෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සහ විධායක නිලධාරී සංගම් 4ක් ඒකාබද්ධව නිකුත්කල මාධ්‍ය නිවේදනයක් මෙතැනින්.. 

https://drive.google.com/…/0B-EzJso25PxqSGFwbG9yWF9QYU0/view

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress