තීරණයක් ගන්න මං සූදානම්..- රවි – රවි ඉවත් කලොත් අගමැති රනිල්, එජාපය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී විපක්‍ෂයට..?
Posted on August 6th, 2017

 lanka C news

පවතින සියලු තත්වයන් ගැන සැලකිලිමත් වෙමින් කල යුතු දේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියාසිටියේ බැඳුම්කර කොමිසම හමුවේ හෙලිව ඇති තොතුරු ගැන කල විමසීමකදීය.

කෙසේ වෙතත් ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තමන්ගෙන් ඉල්ලා නොසිටි බවද ඔහු අවධාරණය කරයි.

මේ අතර යම් හෙයකින්ඇ මති රවි කරුණානායක මහතා අධිකරණයකින් වරදකරුවෙකු නොවී තිබියදී ඇමති ධුරයෙන් ඉවත් කලහොත් එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී විපක්‍ෂයට යා යුතු යයි එම පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරුන් පිරිසක් යෝජනා කරයි.

මේ සම්බන්ධයෙන් අද හෝ හෙට දිනයේ පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්චා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

යම් හෙයකින් බැදුම්කර චෝදනාවට ඇමති රවි කරුණානායක ඉල්ලා අස්සුවහොත් එය දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්‍ෂයට බලවත් අවාසිදායක තත්වයක් බවත් එය එම චෝදනා පිලි ගැනීමක් බවට සමාජයේ මතයක් හැදෙනු ඇති බවත් ඔවුනගේ අදහසයි. ඇතැම්විට මෙම කොමිසම විසින් ඉදිරි දිනයකදී අගමැතිවරයාද කැදවා ප‍්‍රශ්න කර අපකීර්තියට පත් කිරීමේ ඉඩක් ඇති බවද ඔවුන්ගේ අදහසයි.

මේ තත්වය මත හොදම ක‍්‍රියාමාර්ගය වන්නේ ජනාධිපතිවරයා සමග තීරණාත්මක අවසන් සාකච්චාවක් පවත්වා අවසන් ක‍්‍රියාමාර්ගය ලෙස එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගැනීම බවද මෙම ඇමති පිරිස සදහන් කරති.

2 Responses to “තීරණයක් ගන්න මං සූදානම්..- රවි – රවි ඉවත් කලොත් අගමැති රනිල්, එජාපය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී විපක්‍ෂයට..?”

  1. Senerath Says:

    Horu Wevuven Horu !

  2. Ananda-USA Says:

    Either the UNP should RESIGN from the government, or it should be SACKED by the President from the government.

    In EITHET CASE, GOOD RIDDANCE to BAD RUBBISH, I say!

    A new PATRIOTIC government led by ex-President Mahinda Rajapaksa shold be formed IMMEDIATELY to take URGENT MEASURES to REPAIR the DAMAGE done to the Nation by the Yamapalanaya!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress