රවීගේ බබා කතා පිළිගන්න තරම් ජනතාව මරි මෝඩ නෑ : විමල් වීරවංශ
Posted on August 7th, 2017

ජානිපෙ නායක විමල් වීරවංශ

Aug 3, 2017

2015 ජනවාරි 08 වැනිදා සිදු වූයේ යහපාලන අභිෂේකයක් නොව චෞරාභිෂේකයක් බවත් රවී කරුණානායක ඇමතිවරයා පමණක් නොව බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ සියලු දෙනා කවරාකාරයේ චෞර රැලත් ද, වග නුදුරේදීම රට හමුවේ ඔප්පු කර පෙන්වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද(03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

2015 ජනවාරි 08 වැනිදා යහපාලන අභිෂේකය සිදු වුණා කියන මිථ්‍යාවට රැවටුණු අයට, එය මිථ්‍යාවක් බව අප පෙන්වා දෙන විට එය පිළි නොගත් අයට, ඒ මිථ්‍යාව කරා මහජනතාව ගොනාට අන්දාගෙන ගෙන යන්න කඬේ ගිය අයට, අද දිට්ඨධම්මවේදනීය කර්මයට මුහුණ දීමට සිදුව තිබෙනවා. 2015 ජනවාරි 08 වැනිදා සිදු වුයේ යහපාලන අභිෂේකය නොවෙයි, චෞරාභිෂේකය කියලා අද හොඳටම ඔප්පු වෙලා තිබෙනවා.

තිබුණු ආණ්ඩුවේ නායකයන්ට හොරු කියලා ලේබල් ගහලා, අවමාන කරලා යහපාලන අභිෂේකයට කර ගහපු උදවිය, දැන් එළිපිට නිර්වස්ත්‍රව තමන්ගේ හොරකම්වල දිග, පළල මුළු ලෝකයටම පෙන්වන්න පටන් අරන් තිබෙනවා. හිටපු මුදල් ඇමති, වත්මන් විදේශ ඇමති රවී කරුණානායක ඊයේ (02) බැඳුම්කර කොමිසමට ගිහිල්ලා ඒ කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ දී ඇති උත්තර දෙස බලපුවාම, ඔහුට අර්ජුන් ඇලෝසියස්ගෙන් ලැබී තිබෙන ලක්‍ෂ 1650ක සන්තෝසම් මුදල දෙස බලපුවාම, ඒ වගේම අර කෝප් කමිටුවේ හිටපු එක්සත් ජාතික පක්‍ෂයේ ‘ෆුට්නෝට් කල්ලියට’ ලබා දී ඇති ගෙවල් හා නිවාස දෙස බලපුවාම මේ ආණ්ඩුව අද අර්ජුන ඇලෝසියස්ලා හොරකම් කරපු මුදලින් නැටවෙන ආණ්ඩුවක් බවට පත් වී අවසන්.

‘රෑට නිදි ඇඳේදිවත් හමු වෙන්නේ නැද්ද’

හිටපු මුදල් ඇමතිවරයා දැන් සුදනා වගේ කියනවා ‘මම දන්නේ නැහැ. නෝනා තමයි මේක කරලා තියෙන්නේ. මම දන්නවා නම් ඒ ගෙදර පදිංචියට යන්නෙත් නැහැ’ කියලා. අඩු ගණනේ මේ නෝනයි, මහත්තයයි රෑට නිදි ඇඳේදිවත් හමු වෙන්නේ නැද්ද? ‘මම මේ ගෙදර මිලදී ගත්තා. මට ඇලෝසියස් උදව් කළා’ කියලවත් කිව්වේ නැද්ද? ඔය ‘බබා කතා’ පිළි ගන්න තරම් මේ රටේ මිනිස්සු මරි මෝඩයි කියලාද මේ ඇණ්ඩුව හිතාගෙන ඉන්නේ?
‘ශ්‍රී ලංකාවට අවමානයක්!’

මේ වගේ හොරකමට චෝදනා ලබපු පුද්ගලයකු කොහොමද විදේශ අමාත්‍යවරයා ලෙස ලෝකය හමුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ? එවිට ශ්‍රී ලංකාවට සිදු වන අවමානය කෙතරම් බරපතළද? රවී කරුණානායක පමණක් නෙවෙයි, රනිල් වික්‍රමසිංහලා, මලික් සමරවික්‍රමලා එකතු වෙලා තමයි මේ මහ බැංකු බැඳුම්කර මෙහෙයුම පණ ගැන්වූයේ. දැන් රවී කරුණානායක කියනවා ‘මිතුරන්ගෙන් පහර කෑමට සිදුවීමයි වේදනාව’ කියලා. කවුද රවීගේ මිතුරා? අගමැති රනිල් ද? එහෙම නැතිනම් රනිල්ගේ ගෝලයා මලික් සමරවික්‍රම ද? ඒ මිතුරන් දෙදෙනා හැර රවීට වෙනත් මිතුරන් සිටී ද? දැන් ඉතාමත් පැහැදිලියි මේ හොර රැල බැඳුම්කර ගනුදෙනුවෙන් හොරා කාපු බව. බැඳුම්කර ගනුදෙනුවකින් හොරා කනවා, කියන්නේ රටේ ආදායමෙන් හොරා කනවා කියන එකයි. වෙනත් ආණ්ඩුවල අයට ‘හොරා කෑවා’ කියා චෝදනා ආවා නම් ඒවා සංවර්ධන ව්‍යාපෘති වැනි රටේ වියදමෙන් හොරා කාපු බවට වූ චෝදනා. නමුත් මේ චෞර රැල හොරා කා ඇත්තේ රටේ ආදායමෙන්.

මේ මුස්පේන්තු ආණ්ඩුව බලයට පත් වූ දා සිට උතුරේ පොලිස් නිලධාරියකුට පාරේ බැහැලා යන්න බැහැ, වැව් දහස් ගණනක් හිඳිලා. නියඟයෙන් පීඩාවට පත් වූ ජනතාව අතට මේ වනතෙක් කිසිඳු සහනාධාරයක් ලැබී නැහැ. මේ මොනවා නැතත් මේ තක්කඩි රැල හොරකම විතරක් කර ගෙන යනවා. අද හම්බන්තොට වරාය විකුණලා ගන්නවා සල්ලි, ඒවායිනුත් හොරා කනවා. හම්බන්තොට වරාය විකුණපු ඩීල් එකෙන් කාට ද කොමිෂන් ලැබුණේ? කියක් ද ලැබුණේ? යන කාරණා ඉදිරියේදී දැන ගැනීමට ලැබෙයි.

 

3 Responses to “රවීගේ බබා කතා පිළිගන්න තරම් ජනතාව මරි මෝඩ නෑ : විමල් වීරවංශ”

  1. Ananda-USA Says:

    Mey MARA-MODA THAKA-THEERU THUPPAHI CHOURA AANDUWA Bangawewa!

  2. Ananda-USA Says:

    Samawenna, daruweni! Menna nivaridi kiyuma:

    Mey MARA-MODA THAKA-THEERU THUPPAHI CHOURA SALLALA Yamapalana AANDUWA Bangawewa!

  3. Christie Says:

    I think looking at the figures what Ravi got is peanuts. Rs. 165 million appears to be a one off payment. These days the current going rate of similar bribes are at least 10%, if you do not believe me you can always ask Champika.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress