රවි කරුණානායක බඩු මුට්ටු අස් කරයි.. ඉල්ලා අස්වීමට සූදානම්..
Posted on August 9th, 2017
lanka C news
රවි කරුණානායක විදේශ කටයුතු අැමතිවරයා අමාත්‍යංශයේ සිය කාර්යාලයේ ඇති බඩු බාහිරාදිය අස් කරමින් සිටින්නේ යයි වාර්තා පල වෙයි.
ඇමතිවරයා හෙට (10) දිනයේ සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවටද එම වාර්තාවන්හි සදහන් වෙයි.
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ ඇමතිවරයාට ප‍්‍රබල චෝදනා රැුසක් එල්ල වී ඇත.
මේ අතර ඇමතිවරයා අද (09) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග පැයක පමණ සාකච්චාවක් පවත්වා තිබේ.
කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන විදේශ ඇමති ධුරය තිලක් මාරපන මහතාට ලබා දෙනු ඇති බවද සදහන්ය.
August 9th, 2017 at 6:02 pm
What about others who robbed CB?? Ranil, Malik??. It looks Sira is gaining his image by manipulation all these events getting ready for 2020.
August 10th, 2017 at 2:36 am
This is not a resignation it is a paid leave for three months.Its deal to save Ranil wickremasinghe’s ugly face.
you can’t hide for much longer Mr.Batalanda your days are numbered and your account is pretty long. When the pay day comes you’ll wish you were never born.