ඡන්ද සිතියම අකුළන ව්‍යවස්ථා සංශෝධන‘ ය හෙවත් ’20 වන ව්‍යවස්ථා සංශෝධනය‘ ජයම්පති වික්‍ර‍මරත්න මන්ත්‍රීතුමාට විවෘත ලිපියක්
Posted on August 10th, 2017

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2017 අගෝස්තු 10

මා හිතවත් ජයම්පති වික්‍ර‍මරත්න මන්ත්‍රීතුමාට,

අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා ගේ යෝජිත ‘ඡන්ද සිතියම අකුළන ව්‍යවස්ථා සංශෝධන‘ ය හෙවත් ’20 වන ව්‍යවස්ථා සංශෝධනය‘ ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කොට ඇත. අදාළ කෙටුම්පත සදහා ප්‍ර‍මුඛ සම්පත් දායකයෙකු ලෙස ඔබ කටයුතු කර ඇත.  

‘සධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරය‘ ප්‍ර‍මුඛ සමාජ ව්‍යාපාරය විසින් මේ රටේ ජනතාවට දුන් පොරොන්දු ඔළුවෙන් හිටවන්නට ‘ඡන්ද සිතියම ඇකිලීමේ ව්‍යවස්ථා සංශෝධනය‘ හේතු වී ඇත. සෝභිත හිමියන් ප්‍ර‍මුඛ සමාජ ව්‍යාපාරය රටට පොරොන්දු වූයේ ‘ජනතා හිතවාදී මැතිවරණ සංශෝධනය‘කි.  ලැබී ඇත්තේ ‘මැතිවරණ සිතියම අකුලා දැමීමේ යෝජනාව‘ කි. පොරොන්දු වූයේ ‘13+ බලය බෙදා හැරීම‘ කි. ලැබී ඇත්තේ ‘පළාත් සභාවේ බලය පාර්ලිමේන්තුවට පවරා ගත‘ හැකි යෝජනාවකි. පොරොන්දුවූයේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමකි. ලැබී ඇත්තේ මහජන නියෝජිතයින් තෝරා පත් නොවන මැතිවරණ නැති රටකි.

1987 දී බලය බෙදා හැරීම සදහා ‘පළාත් සභා‘ ක්‍ර‍මය ස්ථාපනය විය.  එය අද මුල් බැස ගත් පාලන ක්‍ර‍මයකි.  බලය බෙදීම සදහා පදනම ලෙස ‘පළාත් සභා පනත‘ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතුය.  ජනාධිපතිවරණ සමයේ දි 13 වන ව්‍යාවස්ථාව ඉක්මවන ‘බලය බෙදීමක් පිළිබද‘ සාකච්ඡාවූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ, මැතිවරණ පොරොන්දුව ද එයයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින්,

  1. පළාත් සභා සියල්ලේම ඡන්ද විමසීම එකම දිනක පැවැත්වීම සදහා පළාත්සභාවිසුරුවනදිනය (නිශ්චිතදිනය) නියමකිරීමේබලයපාර්ලිමේන්තුවටපවරා ගැනීම
  2. එකම දිනක මැතිවරණ පැවැත්වීම සදහා සමහර පළාත් සභාවල කාලය දීර්ඝ කිරීමක් සිදු කිරීම
  3. යම් හේතුවකින් පළාත් සභාවක් විසිරුවා හැරීමක් සිදු වූ විට එකී පළාත් සභාව පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීම සදහා යෝජිතය.

මෙහි ව්‍යාවහාරික අරුත, පළාත් සභා ක්‍ර‍මය පාර්ලිමේන්තුව විසින් ගිල ගැනීම ය. අනෙක් අතට මේ සියළු ක්‍රියාකාරකම් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති ‘පරම අයිතිය‘ උල්ලංඝණය කිරීමකි.

පළාත් සභා ඡන්ද කල් දැමීමට රජයට සිදුව ඇත්තේ බැදුම්කර වංචාව නිසා මිස ‘ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ප්‍ර‍තිසංස්කරණ ජයග්‍ර‍හණය උදෙසා‘ නොවේ. බලයේ සිටින දේශපාලන පක්ෂයේ නායකයා, උප නායකයා, හිටපු සභාපති, මහ ලේකම් ‘මහ බැංකු බැදුම්කර‘ ගනුදෙණුව සම්බන්ධයෙන් නම කියවෙන විට ඔබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දරන පක්ෂයට මැතිවරණ ව්‍යාපාරයක් සිදු කළ නොහැකි බව පැහැදිලිය. 

ඒ නිසාම, එය රටේ මැතිවරණ සිතියම හකුළා දැමීමට හේතුවක් බවට පත් කර ගත යුතු නැත.  

පළාත් සභා ක්‍ර‍මය හදුණ්වාදෙන විට එයට විරුද්ධ පිරිස විසින් ඇති කළ ප්‍ර‍චණ්ඩවත්වය මේ රටට 25,000 කට වැඩි ජීවිත සංඛ්‍යාවක් ද නොදන්නා තරම් දේපල හානියක් ද සිදු කළේය. ඔබ නියෝජනය කළ ලංකා සම සමාජ පක්ෂයේ නායකයින් 22 ක් ඝාතනය විය. ඒ ප්‍ර‍තිපත්ති මත බෙදා හැරීම සදහා පළාත් සභා ක්‍ර‍මය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි. මේ ව්‍යවස්ථා සංශෝධනය මගින් ඔබ ඇතුළු පිරිස ද්‍රෝහි වන්නේ අපට දේශපාලනයේ ‘අ‘ යන්න කියා දුන් ඒ ‘බලය බෙදීම‘ සදහා වන මුල් පදනමට ය.

අද, මැතිවරණයකට මුහුණදීමට ඇති නොහැකියාව නිසා ‘පළාත් සභා ක්‍ර‍මයේ‘ මළගම ලියන්නට ‘මැතිවරණ සිතියම අකුලන ව්‍යවස්ථා සංශෝධනය‘ ඉදිරිපත් වී ඇත. ඔබත් සමග එයට දායක වී ඇති ප්‍ර‍මුඛයින් අතර ‘13+ දෙන්නට උතුරේ ජනතාවගෙන් ජන වරම් ඉල්ලූ‘ මහජන නියෝජිතයෙකු ද, එක් වී ඇත.

නැගෙනහිර පළාත් සභා මැතිවණය කල් දැමීමට අත උසවන්නේ නම් විපක්ෂ නායක  ආර්. සම්බන්ධන් ප්‍ර‍මුඛ ද්‍ර‍විඩ ජාතික සන්ධානය ද, එහි වත්මන් න්‍යායාචාර්යවරුන් ද උතුරු-නැගෙනහිර ද්‍ර‍විඩ ජනයාගේ පමණක් නොව දකුණේ ප්‍ර‍ගතිශීලි ජනතාවගේ ද්‍රෝහීන් වනු ඇති බව මම නැවත කියමි. එලෙසින්ම, ඔබ සැමදාම ‘බලය බෙදීම‘ උදෙසා පෙනී සිටි සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරයට මෙමගින් ද්‍රෝහි වන්නේය.     

බලය බෙදීම පදනම් කොට ගත් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබද බලාපොරෝත්තු ජනිත කොට බලය ලබා ගැනීමෙන් පසු, පළාත් සභා මැතිවරණ නැති, පාර්ලිමේන්තුව විසින් පළාත් සභාව පාලනය කරන ක්‍ර‍මයක් ඇති කිරීමට ඔබ අද නියෝජනය කරන දේශපාලන බල කදවුර උත්සහ දරයි. මෙරට වාමාංශික ව්‍යාපාරය ලෙයින්, කදුළෙන්, මරණයෙන් ද පෝෂණය කළ ‘බලය බෙදීමේ‘ සංකල්පය පටු දේශපාලනික අරමුණක් වෙනුවෙන් විනාශ කිරීමේ අපරාධ සැලසුමේ කොටසක් කරුවෙකු බවට ඔබ අද පත්ව තිබේ. ඔබ රට වටා යමින් ජනතාවට කියූ ‘බලය බෙදීම‘ ඔබ විසින්ම පාවා දී ඇත. ලැජ්ජා සහගත ලෙස පරාජය කිරීමට ඔබගේ දැනුම හා බුද්ධිය වෙහෙසයි.  

දයානන්ද දිසානායකට එරෙහි වරුණ කරුණාතිලක නඩු තීන්දුවේ පැහැදිලි ලෙසම ප්‍ර‍කාශ වන පරිදි පළාත් සභා ඡන්ද විමසීම ‘සර්වජන ඡන්ද බලය‘ ට අදාළ කරුණකි. ඒ සදහා, ජනමත විචාරණයක් පැවැත්විය යුතුය. ලංකා ඉතිහාසයේ පටු දේශපාලන බල ලෝභය උදෙසා සම්මත කර ගනු ලැබූ ’18 වන ව්‍යවස්ථා සංශෝධනය‘ ආපසු හැරවූ ජනතා බලවේගය විසින්ම ‘මැතිවරණ සිතියම අකුලා දැමීමේ යෝජනාව‘ ද උපන් ගෙයි ම පරාජය කරනු ඇත.  වසර දෙකකට වැඩි කලක් බලය බෙදන ව්‍යවස්ථා වේ විශ්වකර්ම මැජික්කරුවා ලෙස පෙනී සිටි ඔබ ඒ ජනතා අපේක්ෂාවට පිටුවා ‘පාර්ලිමේන්තුවට බලය එක් රැස් කිරීමේ ව්‍යාපෘතියේ පෙරගමන්කරුවා වී සිටී. 20 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිතව තිබුනේ ‘මිශ්‍ර‍ මැතිවරණ ක්‍ර‍මයක් පිළිබද‘ ජනතාව ඉල්ලා සිටි ‘මැතිවරණ සංශෝධනය යි. ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට දමා එය විනාශ කිරීමේ මහ මොළය ද ඔබයි.

බලලෝභී දේශපාලනය විසින් මෙහෙයවන ‘මැතිවරණ සිතියම අකුලා දැමීමේ ව්‍යවස්ථා සංශෝධනය‘ පරාජය කිරීම සදහා වන සටනේ දී ඔබ අංක ප්‍ර‍තිපත්ති පාවා දෙන්නා බවට පත්වී තිබීම පිළිබද නම් ඇත්තේ පිළිකුලක් පමණී. 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2017 අගෝස්තු 10

One Response to “ඡන්ද සිතියම අකුළන ව්‍යවස්ථා සංශෝධන‘ ය හෙවත් ’20 වන ව්‍යවස්ථා සංශෝධනය‘ ජයම්පති වික්‍ර‍මරත්න මන්ත්‍රීතුමාට විවෘත ලිපියක්”

  1. Ananda-USA Says:

    REPEAL the 13th Amendment, and DISSOLVE the Provincial Councils to PREVENT separatist regional tendencies,

    STRENGTHEN and RETAIN the EXECUTIVE Presidency for GREATER stability and effectiveness of the Government. ELIMINATE TERM LIMITATIONS on the President and make the Cabinet answerable to the Chief Executive the President.

    INTRODUCE a District Level Administrative System answerabke to the President with APPOINTED and NOT ELECTED DISTRICT Governors to run each District,

    APPOINT a Vice-President who will preside over the Senate, and ELIMINATE the post of PRIME MINISTER while Retaining the post of Speaker of the House of Representatives,

    CREATE a Senate, in addition to the First Chamber the House of Representatives, as the Second Chamber of Parliament with ONE Senator per District to give Districts with low populations more power in Parliament.

    Make the the System of National Law the ONLY LAW within the Nation, ELIMINATING regional/palath sabha laws and community specific laws (Thesawalamai, Kandyan and Mulim/Sharia laws).

    Make SINHALA the ONLY OFFICIAL NATIONAL Language of Sri Lanka with Tamil as a permitted community lan gauge and ENGLISH as a COMPULSORY international LINK and COMMERCIAL language.

    Make BUDDHISM the NATIONAL RELIGION of Sri Lanka with STATE SPONSORSHIP while freedom of worship is guaranteed to all other religions.

    BAN all FOREIGN MISSIONARIES and Religious Non-Governmental Organizations from operating in Sri Lanka.

    ENACT a CONSTITUTIONAL AMENDMENT to DECLARE AS ILLEGAL the ALIENATION of Sri Lanka’s land and national assets through sale or long-term leases to Foreign Nations and Foreign Companies. Make majority ownership by Sri Lankan CITIZENS of real estate and financial and commercial institutions COMPULSORY in Sri Lanka.

    DECLARE it ILLEGAL for FOREIGN CITIZENS to become heads of National Government Institutions, or for FOREIGN CITIZENS to become a MEMBER of ANY LEGISLATIVE BODY including the Executive, Legislative and Judicial branches of Government, including the Security Forces.

    BROADEN, STRENGTHEN and STRICTLY ENFORCE TREASON LAWS of the country, making it HIGH TREASON PUNISHABLE BY DEATH to collaborate with foreign powers against the nation and to invite foreign powers to meddle and intervene in any internal political, financial, administrative, religious, judicial and law enforcement matters of Sri Lanka. No citizen of Sri Lanka may engage in such activity without the expressed written permission of the government.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress