රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීමේ වයස් සීමාව අවු 45 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලමු
Posted on August 11th, 2017

Graduate Employees Union 

ගරු අගරාමාත් හා ජාතික රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්,
රනිල් විකරමසිංහ මැතිතුමා,
ජාතික රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යාංශය.

ගරු අගමැතිතුමණි,

රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීමේ වයස් සීමාව අවු 45 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලමු.

රැකියා විරහිත උපාධිධාරීන්, සංවර්ධන නිලධාරීන් ලෙස පත්කිරීම හා පුහුණු කිරීම සඳහා පල කර තිබූ පුවත්පත් දැන්වීම අනුව ඒ සඳහා උපාධිධාරීන්ට ඉල්ලූම් කළ හැකි උපරිම වයස් සීමාම අවු 35 ලෙස සඳහන්ව තිබුණද එම සීමාව අවු 45 දක්වා ඉහළ නැංවිය යුතු බව අප ඉල්ලා සිටිමු. එමෙන්ම සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව මගින් සිදුකර ඇති බඳවා ගැනීමේ වයස් සීමා කප්පාදුව මේ දක්වා නිවැරදි කිරීමට පැවති රජය කි‍්‍රයා නොකිරීම පිළිබඳවත් වත්මන් රජයද ඒ පිළිබඳව කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා වයස්සීමා කප්පාදුව සිදුකිරීම පිළිබඳවත් අපගේ දැඩි විරෝධය පල කර සිටිමු. 

සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව 2012 වර්ෂයේදී ඉදිරිපත් කරන තෙක් උපාධිධාරීන් බඳවා ගැනීමේ වයස් සීමාව අවු 45 දක්වා කි‍්‍රයාත්මක වුණි. 2012 වර්ෂයේදී නිකුත් කළ සේව ව්‍යස්ථාවේ වයස් සීමාව 35 ලෙස සඳහන් කර තිබුණද විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණයකට යටත්ව 35 ට වඩා වැඩි උපාධිධාරීන් බඳවා ගැනීම සිදුකරන ලදි. එමෙන්ම ව්‍යවස්ථාවේ සඳහන් බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවු 35 අවු 45 දක්වා ඉහළ දමන ලෙස අප සංගමය ආණ්ඩුවට හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සංවර්ධන නිලධාරී ව්‍යවස්ථා සංශෝධන යෝජනා ලෙස ද 2012 වර්ෂයේදී ඉදිරිපත් කරන ලදි. එමෙන්ම මෙම වයස් සීමාව අඩු කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී පවා ප‍්‍රශ්න කළද ඊට අදාළ විසඳුමක් ලබා දෙන බවද විෂය භාර අමාත්‍යවරයා වන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා පොරොන්දු වුවද මේ දක්වා අදාළ සංශෝධනය සිදුනොවීම පිළිබඳව අපගේ කණගාටුව පල කරමු. 

1993 සිට 2013 දක්වා රාජ්‍ය සේවාවට උපාධිධාරීන් බඳවා ගැනීමේදී විශ්ව විද්‍යාලවලින් පිටවූ වසර අනු පිළිවෙලට කිසිදු උපාධිධාරියෙකුට අසාධාරණයක් නොවන පරිදි බඳවා ගැනීමට හැකිවිය. අවසන් වරට උපාධිධාරීන් බඳවාගනු ලැබූවේ 2012.03.30. දක්වා උපාධිය වලංගු උපාධිධාරීන්ය. 2012.03.30. සිට අද වන තෙක් විශ්ව විද්‍යාලවලින් පිටවූ උපාධිධාරීන් විශාල ප‍්‍රමාණයක් සිටින අතර අවු 05 ක කාලය තුළ උපාධිධාරීන් බඳවා ගැනීමක් සිදුනොවූ අතර එමනිසා වයස් සීමාව 35 කිරීම මගින් විශාල උපාධිධාරීන් ප‍්‍රමාණයකට මෙම අවස්ථාව සඳහා ඉල්ලූම් කිරීමට නොහැකි වීමෙන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව අපි වගකීමෙන් පෙන්වා දෙමු. 

එමනිසා රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේ සාමාන්‍ය සාමාන්‍ය වයස් සීමාව වන අවු 45 වයස් සීමාව රැකියා විරහිත උපාධිධාරීන්ට ද අදාළ වන පරිදි සංවර්ධන නිලධාරී සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ වයස් සීමාව 45 දක්වා ඉහළ නංවා බඳවා ගැනීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු. 

ඒ පිළිබඳව ඉල්ලූම් පත් භාර ගැනීමේ අවසන් දිනට පෙර සාධාරණ කාලයක් තුළ විසඳුමක් අපේක්‍ෂා කරන අතර එසේ නොවන්නේ නම් අසාධාරණයට ලක්වන රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයිතිය ආරක්‍ෂා කර ගැනීම උදෙසාත්, ඔවුන් මුහුණපාන සාමාජමය ප‍්‍රශ්න හමුවේ සහනයක් ලබාගැනීම උදෙසාත් ගතහැකි ඉදිරි පියවර ගැනීමට ද අප කටයුතු කරන බව වගකීමෙන් දන්වා සිටිමු.

ස්තූතියි

මෙයට,

(චන්දන සූරියආරච්චි

පිටපත් :- 

  1. ගරු ජනාධිපතිතුමා (...)
  2. ගරු රාජ් පරිපාලන අමාත්යතුමා (...)
  3. ගරු ජාතික රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ් අමාත්යතුමා. (...)
  4. ලේකම්ජාතික රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යාංශය (...)
  5. ලේකම්රාජ් පරිපාලන හා කළමනාකරණ අමාත්යාංශය. (...)
  6. ඒකාබද්ධ සේවා අධ්යක් ජනරාල්. (...)

 

සම්බන්ධීකරණය – 071 8178268 

2 Responses to “රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීමේ වයස් සීමාව අවු 45 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලමු”

  1. sena Says:

    It is sad that these capable young people are absorbed to already bloated public service with no contribution to the economy. How long the educated are going to depend on the productivity of the private sector (only people who are taxed) and the blue collar workers like housemaids, farmers, garment makers plantation workers etc?

  2. Dilrook Says:

    Already the public sector employs 1.3 million and the pension bill is $1 billion. It cannot sustain anymore.

    Public sector must be reduced by 50% to sustain the economy. As Sena pointed out, it is the hard working people that pay most tax for the sustenance of the unproductive (including politicians). Our forex is mostly run on housemaids’ sweat, tears and blood. Sri Lanka must be ashamed of this. Now the government has imposed taxes on them as well to sustain the unproductive!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress