එජාපය ආණ්ඩුවෙන් එලියට
Posted on August 12th, 2017

අකිත පෙරේරා  උපුටා ගැන්ම දිවයින
යහපාලන ආණ්‌ඩුවේ සිය පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තවදුරටත් බලපෑම් සහ කෙනෙහිළිකම් සිදුවුවහොත් ලබන ජනවාරි මාසයේදී ආණ්‌ඩුවෙන් ඉවත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.
මෙම තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම හමුවී දන්වා ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.


වත්මන් යහපාලන ආණ්‌ඩුව තුළ එජාපයට මන්ත්‍රී ආසන 106 ක්‌ තිබෙද්දී ශ්‍රීලනිපයට ඇත්තේ ආසන 35 ක්‌ වුවද එජාප බහුතරය නොසලකමින් ශ්‍රීලනිපය අවස්‌ථා ගණනාවකදීම එජාපය නොසලකා හැර අත්තනෝමතිකව කටයුතු කර ඇති බවද එහිදී අගමැතිවරයා පෙන්වාදී ඇත.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ට පාක්‍ෂිකයන්ට සිදුවන අසාධාරණකම් මෙම ආකාරයට තවදුරටත් සිදුවුවහොත් ලබන ජනවාරියේදී ආණ්‌ඩුවෙන් ඉවත් වීමට සිදුවන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ඉහත ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress