බැසිල් සහ විජේදාස කියූ පරිදි හම්බන්තොට වරාය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් අනාගත ආණ්ඩුවට ලබාගැනිමට හැකිය.. මෙන්න පූර්වාදර්ශ..
Posted on August 14th, 2017

lanka C news

පසුගිය දා සම්මුති ආණ්ඩුව විසින් චීනයට විකුණූ හම්බන්තොට වරාය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ නැවත පවරාගෙන එය ජනතාව සතු කරන බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

එමෙන්ම මේ සතියේ ඉරිදා ලංකාදීප සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් වත්මන් ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ද ඒ ප්‍රකාශය සනාථ කරමින් ප්‍රකාශයක් ලබදුනි.

මෙරටේ අධිකරණය ගැන මෙන්ම ආයෝජන ගැන අවබෝධයක් ඇති පසුගිය රජයේ මෙන්ම වර්තමාන රජයේ අමාත්‍යවරු දෙදෙනකු මෙසේ පැවසුවේ කරුණු හැදාරිමකකින් පසුව වර්තමානයේ ක්‍රියාත්මක වන ශ්‍රීලංකාවේ නීති රාමුව තුල එය ඉතා පහසුවෙන් කිරීමට හැකි බැව් දන්නා බැවිනි.

බැසිල් සහ විජේදාස කියූ පරිදි හම්බන්තොට වරාය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් අනාගත ආණ්ඩුවට ලබාගැනිමට හැකිය.. මෙන්න පූර්වාදර්ශ..

මෙයට උදාහරණයක් ලෙස චන්ද්‍රිකා ආණ්ඩුව සමයෙදි දේශීය ව්‍යවසායකයින් සඳහා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය හරහා ලබදුන්

1. බත්තරමුල්ල වෝටර්ස් එජ් ව්‍යපතිය,
2. අත්තිඩිය වෙට් පාර්ක් ව්‍යාපතිය, හැදින්වීමට හැකිය.

අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය යටතේ වසර 50 ක් සඳහා දීර්ඝකාලීන බදු ක්‍රමයට ලබාදුන් බත්තරමුල්ල වෝටර්ස් එජ් අක්කර 200 සහ අතිතිඩිය වෙට් පාර්ක් සඳහා ලබාදුන් අක්කර 40 ක (සංවර්ධනය නොකළ ඉඩම්) එම ආයෝජකයින් විසින් සංවර්ධන කිරීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකල මූලික අයිතිවාසිකම් පිලිබඳ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව විධායකය සහ ව්‍යවස්ථාදාව්කය ගනු ලැබු පරිපාලන තීරණය වැරැදි බව හගවමින් එම ඉඩම් සහ සංවර්ධනය කල දේපළ වන්දි ගෙවීමකින් තොරව ආණ්ඩුවට භාරදීමට එම ආයෝජකයින්ට සිදු විය. මෙතෙක් ඒ සඳහා එම දේශිය ආයෝජකයන්ට සාධාරණ වන්දියක් ගෙවා නොමැත.

3. කොළඹ වරායේ ලංකා මැරයින් සර්විසස් LMS සහ
4. ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව,

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට බදු වශයෙන් ලබාදුන් දුන් එල්.එම්.එස් (LMS) නාවික තෙල් බංකරින් අංශය එම සමාගම ආණ්ඩුව ලබාගත් රුපියල් මිලියන 1200 ක් ද ආපසු නොගෙවීමට යටත්ව ආණ්ඩුවට පවරා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලහ. එමෙන්ම ඉහත පැවරිම නීතිවිරෝධී යයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එම තනතුරින් ඉවත් කරන ලෙස ද රජයට නියෝග කලේය. පාර්ලිමේන්තුව මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරමින් ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව විකුණූ මුදලටම නැවත සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරි ජයවර්ධන මහතාගෙන් ආණ්ඩුවට පවරා ගෙන එයා ආණ්ඩුව යටතේ සාර්ථකව පාලනය කිරීමට පාලනධිකාරියක් ද ශ්‍රේෂ්ඨාධිකරණය පත්කරමින් නියෝගයක් නිකුත් කලේය.

ඉහත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව හරහා රටට එන ආයෝජන අධෛර්මත් වීම වැලැක්වීමට එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කල 2010 මැයි මස 17 දින අමප/10/0963/424/002 සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව ආයෝජන සඳහා බාධක වශයෙන් ඇති නීති සහ රෙගුලාසි හදුනා ගැනීම සඳහා උප කමිටුවක් පත් කිරිම” යන ශීර්ෂය යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් 2010 මැයි 31 දින තීරණයක් ගන්නා ලදි.

ඒ අනුව
ආයෝජනවලට බධා පමුණුවන හා කඩිනම් තීරණ ගැනීමේ ක්‍රියාවලිය වලක්වාලන ව්‍යස්ථාමය හා රෙගුලාසිමය බාධාවන් පිලිබඳව ඇගයීමක් කොට, එම තත්ත්වය යහපත් කිරීම උදෙසා ගත හැකි ප්‍රතිකර්ම පිලිබඳ නිර්දේශ සමගින් වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් අයගෙන් සමන්විත කමිටුවක් පත්කිරිම සඳහා අනුමැතිය දෙන ලදි” යටතේ අමාත්‍ය අනු කමිටුවක් පත් කරන ලදි.

එය පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විතයි :-

1.ගරු. ආචාර්ය සරත් අමුණුගම, ජනාධිපති ජේෂඨ උපදේශක හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (සභාපති)
2.ගරු.ලක්ෂමන් යපා අබේවර්ධන,
3.ගරු.ඩිලාන් පෙරේරා,
4.ගරු.ෆයිසර් මුස්තාෆා,
5.ගරු.ගුණරතන වීරකෝන් යන අමාත්‍යවරුන්ගෙන් ගෙන් සමන්විත කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කොට අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුනි.

ඒ කමිටුව සඳහා සහායවීම පිණිස මල්කාන්ති වික්‍රමසිංහ මහත්මිය, ලේකම්. ජාතික එකාබද්ධතා අමාත්‍යාංශය, ඇතුළු රජයේ නිලධාරින් 9 දෙනෙකු ද අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලදි.

ඒ අනුව 2010 නොවැම්බර් ” LAW AND REGULATIONS OBSTRUCTING INVESTMENT” ශීර්ෂය යටතේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් වාර්තාව පිලියෙල කලත් එම වාර්තාව අනුව ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සම්බන්ධ තීරණයන් හරහා දේශීය ආයෝජකයන් වූ අලාභය සඳහා සහන මේ වනතෙක් සලසා නොමැති අතර බාධා ඉවත්කොට රෙගුලාසි සංශෝධනය කොට නොමැත.

එහෙත් හම්බන්තොට වරාය වසර 99 කට විදේශිකයන් වන චීන සමාගමකට බදු දීමට ඉහත කරුණු ගැන අවබෝධයක් ඇති එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කල අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මෙන්ම එහි සමාජිකයින් ලෙස සිටි අමාත්‍ය ලක්ෂමන් යපා අබේවර්ධන,ඩිලාන් පෙරේරා, ෆියිසර් මුස්තාෆා, වැන්නන් සිටින සම්මුති ආණ්ඩුවක් යටතේ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම හම්බන්තොට වරාය චීනයට පැවරිමේ අමාත්‍ය කමිටුව” සභාපති ලෙස කටයුතු කොට ඇත. එහිදි මෙම කමිටුව රජයේ සියලු ප්‍රසම්පාදන නිති රිති උල්ලංඝනය කොට ශ්‍රීලංකා වරාය අධිකාරියේ පනත උල්ලංඝනය කරමින් ක්‍රියා කොට ඇත.

එමෙන්ම හම්බන්තොට වරාය බදු දීමේදී රාජ්‍ය නිලධාරින් ලෙස
1.මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග,
2.වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් පි ජයම්පති
3.උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන,
4.අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ.
5. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර

යන රජයේ ලේකම්වරුන් සමන්විත කමිටුවක් මගින් හම්බන්තොට වරාය වසර 99 කට විදේශීය සමාගමකට බදු දීමට නිර්දේශ කිරීමට ගත් තීරණය ඇතුළු ඉහත සියලුම තීරණයන් අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කර කරනු ඇත. ඒ අනුව මෙම බදු ගිවිසුම අත්සන් කල ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රරාක්‍රම දිසානායක හා ඊට සම්බන්ධ ඉහත රාජ්‍ය නිලධාරින් ඇතුළු කිහිප දෙනෙකුටම තනතුරු පමණක් නොව තම විශ්‍රාම වැටුප් ද අහිමි කිරීම සහ ආණ්ඩුවට වන්දි වශයෙන් දඩ මුදලක් ගෙවීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමක් ඉහත නඩු තීන්දු අනුව බොහෝ දුරට ඉඩ ඇත.

මෙරටේ දේශීය ආයෝජකයින් විසින් විශාල මුදලක් වැයකොට සංවර්ධනය කල දේපළ වන්දියක් නොගෙවා ආණ්ඩුවට පවරා ගනිමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු පවා ගෙවීමට එදා ආණ්ඩුවට සහ රජයේ නිලධාරින්ට සිදු විය.
අද බත්තරමුල්ල වෝටස් එජ් හෝටලය, Waters Edge” මෙගාපොලිසි අමාත්‍යාංශය යටතේ සහ අත්තිඩිය වෙට්පාර්ක් මිහිඳු සෙවන” ලෙස ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නැවත ආණ්ඩුවට පවරාගෙන ඇත. ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව, මුදල් අමාත්‍යාංශය යටතේ අදටත් ක්‍රියාත්මකයි. මෙය හම්බන්තොට වරාය නැවත ආණ්ඩුවට පවරාගැනීමට ඇති හැකියාව ඉතා පැහැදිලිව සනාථ කරන හොදම සාක්ෂියකි.

කරුණු එසේ නම් රටේ ජාතික සම්පතක් වන මෙන්ම අනාගතයේදි රටේ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි හම්බන්තොට වරාය සහ ඉඩම් හෙක්ටයාර 1700 ක්, සහ ශ්‍රි ලංකා ආණ්ඩුවට බදු දිය නොහැකි සාගරය සම්පත සහ ජලය ආශ්‍රිත ප්‍රදේශයක් විදේශිකයන්ට වසර 99 ක් සඳහා බදු දීම වර්තමාන නීති හා රෙගුලාසි අනුව කෙසේවත් කල නොහැකි ය.

එමෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පනත උල්ලංඝනය කොට මෙම වරාය බදු දීම අනිවාර්යයෙන්ම ශ්‍රීලංකාවේ වර්තමාන ව්‍යස්ථාමය හා රෙගුලාසිමය නීති උල්ලංඝනය කිරීමකි. ඉහත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු 4 සලකා බැලීමේදී මේ බැව් තහවරු කරගත හැකිය. හම්බන්තොට වරාය වසර 99 කට විදේශීය සමාගමේ පාලනයට නතු කිරීම හෝ බදු දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යි. ඒ මෙරටේ පවතින නීතිය අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මෙතෙක් ලබා දුන් තීන්දුවන් පූර්වාදර්ශයක් ලෙස සැලකීමේදි සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව නිසැකව සාක්ෂි සහිතව පැහැදිලිව කිව හැකි බව මෙරටේ නීති විශාරදයන්ගේ මතයයි.

ඉහත දේපල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුව සතු කොට ලබා දුන් නියෝගය පරිශීලනය කිරීමෙන් මෙය මනාව අවබෝධ කර ගත හැකිය. එමෙන්ම එම රෙගුලාසි සංශෝධනය කිරීමට 2010 මැයි මස 31 දින අමප/10/0963/424/002 සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කොට ආයෝජන සඳහා බාධක වශයෙන් ඇති නීති සහ රෙගුලාසි හදුනා ගැනීම සඳහා උප කමිටුවක් පත් කිරිම” සහ 2010 නොවැම්බර් ” LAW AND REGULATIONS OBSTRUCTING INVESTMENT” ශීර්ෂය යටතේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් වාර්තාව පිලියෙල කලහ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress