මුදල් අමාත්යාංශයේ සිටින ශී‍්‍ර ලංගම ද්රෝහී නිලධාරීන් ශ‍්‍රී ලංගම විනාශ කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යාංශයට දිගින් දිගටම කරුනු ලබන අනිසි බලපෑම් ඉවත් කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.
Posted on August 15th, 2017
ජනමාධ්‍ය නිවේදනයයි ස:ල:ප‍්‍ර:සේ:සගංමය
ගරු ජනාධිපති
මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
මුදල් අමාත්යාංශයේ සිටින ශී‍්‍ර ලංගම ද්රෝහී නිලධාරීන් ශ‍්‍රී ලංගම විනාශ කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යාංශයට දිගින් දිගටම කරුනු ලබන අනිසි බලපෑම් ඉවත් කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.
මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වශයෙන් වගකීම් උසුලන පාස්කරලිංගම් ඇතුළු ශි‍්‍ර ලංගම ද්‍රෝහී කල්ලිය අභිමානවත් ශී‍්‍ර ලංගමය විනාශ කිරීම සඳහා යම් යම් කි‍්‍රයාමාර්ගයන් ගන්නා ලෙස ප‍්‍රවාහන අමාත්‍යාංශයට දිගින් දිගටම අනිසි බලපෑම් කරමින් සිටී.
ශී‍්‍ර ලංගමයට අනිවාර්යෙන් ලබාදිය යුතු මූල්‍ය ප‍්‍රතිපාදන දිගින් දිගටම කප්පාදු කිරීම ඔවුන් විසින් සිදුකරන ප‍්‍රබලතම කි‍්‍රයාවලියකි. ඉදිරි මාස 03 සඳහා ශි‍්‍ර ලංගම සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ප‍්‍රවාහන ඇමතිවරයා විසින් කැබිනට් පත‍්‍රිකාවක් හරහා මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමුකර ඇත. මෙම කැබිනට් පත‍්‍රිකාව හරහා ඉල්ලා ඇති මුදල් ලබාදීමටනම් දැනට ශී‍්‍ර ලංගමයේ සිටම ඇතැම් නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කරන ලෙස කොන්දේසියක් අනිසි ලෙස මුදල් අමාත්‍යාංශය විසින් ප‍්‍රවාහන අමාත්‍යාංශයට පනවා ඇත.
ශී‍්‍ර ලංගමයේ සිටින නිලධාරීන් ඉවත් කිරීමට මුදල් අමාත්යාංශයේ සිටින නිලධාරීන් කිසිදු නීතිමය හා සාදාචාරාත්මක අයිතියක් නැත. ශී‍්‍ර ලංගමයේ නිලධාරීන් ඉවත් කිරීමට අවශ්‍යනම් ඔවුන් පිළිබඳව විධිමත් විනය පරික්‍ෂණයක් සිදුකර ඉන්පසු ඔවුන් වැරදිකරුවන් නම් ඉන්පසු ඔවුන් ඉවත්කිරීම පිළිබඳව අප සංගමයට කිසිදු ගැටළුවක් නැත. එසේ නොමැතිව මුදල් අමාත්යාංශයේ සිටින ශී‍්‍ර ලංගම ද්‍රෝහී කල්ලිය ශී‍්‍ර ලංගම විනාශ කිරීම එකම අරමුණ කරගෙන ශී‍්‍ර ලංගම නිලධාරීන් ඉවත් කරන ලෙස ප‍්‍රවාහන අමාත්‍යාංශයට අනිසි බලපෑම් කිරීම අප සංගමය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.
ගරු ජනාධිපතිතුමනි, ඉහත කරුණ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුකර ඉදිරි මාස 03 සඳහා ශී‍්‍ර ලංගම සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට මැදිහත්වන ලෙසත් මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වශයෙන් වගකීම් උසුලන පාස්කරලිංගම් ඇතුළු ශී‍්‍ර ලංගම ද්‍රෝහී කල්ලිය ප‍්‍රවාහන අමාත්‍යාංශයට සිදුකරන අනිසි බලපෑම් ඉවත් කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙසත් අප සංගමය ඔබතුමාගෙන් වගකීමකින් යුතුව ඉල්ලා සිටින්නෙමු.
ස්තූතියි.
මෙයට,
විශ්වාසී.
සේපාල ලියනගේ
ප්‍රධාන ලේකම්
ස:ල:ප‍්‍ර:සේ:සගංමය