“20 වන සංශෝධනය ව්‍යවස්ථා විරෝධියි“-මැතිවරණ නිරීක්ෂකයෝ එක හඩින් කියති
Posted on August 24th, 2017

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 

රජය විසින් ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති. සියලුම මැතිවරණ නිරීක්ෂන සංවිධානවල ප්‍රධානත්වයෙන් කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධාන වල නියෝජිතයෝ මේ  බව අවධාරණය කළහ. 

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්,  පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, CMEV සංවිධානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක,ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ ශෂි ද මෙල්

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීන්  මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ CMEV සංවිධානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පෙන්වා දුන්නේ  20 වන සංශෝධනයට මුවාවී මැතිවරණ කල්දමා ගැනීමේ ක්‍රයාවලියක රජය නිරත බවයි. එබැවින් මෙම 20 වන සංශෝධනය ප්‍රජාන්ත්‍රවිරෝධි ක්‍රියාවලියක් බවහ ගජනායක මහතා සඳහන් කළේය. 

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර මහකකා මෙහිදී කියා සිටියේ රටම ලේ ගංගාවක් බවට  යළි පත් වීමේ අවධානමක් මැතිවරණ කල්දමාගැනීමේ රජයේ කූට උපාය පසුපස ඇති බවයි. මැතිවරණ කල්දැමීමෙන් වැඩිම බලපෑම එල්ල වන්නේ නැගෙනහිර පළාත් සභාවට බවත් එය සුළු ජාතින්ගේ අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත් හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේය.

ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ ශෂි ද මෙල් මෙහිදී පෙන්වා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන රටක ජනතාවගේ බලාපොරොත්ත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් බිදී යන බවයි. මැතිවරණයක් යනු ප්‍රජාතන්ත්‍රිය අයිතියක් බවත් එම අයිතිය පැහැරගැනීම හෙලා දැකිය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ 20 වන ව්‍යාවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන බවට පොරොන්දු දුන් යහපාලන රජය ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස කටයතු කිරීම දැඩිව හෙළා දකින බවත් ඒ මහතා කීය. ස්වාධින කොමිෂන් සභාවල බලතල හීන කරමින් ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර  ගැනීමට නම් ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම මාද්‍ය හමුව ඇමතූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කළේ 2019 ඔන්තෝබර් මාසය දක්වා මැතිවරන කල් දමාගැනීමේ සැලසුමක් මෙම ව්‍යවස්ථා සංශෝධනය  පසුපස ඇති බවයි. මෙය ජනතාව සතු පරාමාධිපත්‍ය බලය උල්ලංඝනය කිරීමක් බවද  තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බරපතල තත්වය පළාත් සභාවල ඒ පිළිබඳව පැවැත්වෙන ඡන්දවීමසීම් වලින් පැහැදිලි වන්නේ යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. මැතිවරණ නිරීක්ෂකයින්ට, දේශපාලන විශේෂඥයින්ට තබා මහජන නියෝජිතයින්ට වත් පෙර කියවා අවබෝධකරගැනීමට විධිමත් කාලයක් නොදී හදිසියේ ලහි ලහියේ 20 වන සංශෝධනය ඉදිරිපත් කිරීම තුළින්  මැතිවරණ කල්දැමීමේ රජයේ උපාය පැහැදිලි වන බව ද තෙන්නකෝන් මහතා මෙහිදී අවධාරණය කළේය.

මාධ්‍ය ඒකකය 

කැෆේ සංවිධානය 

2017 අගෝස්තු 24 

One Response to ““20 වන සංශෝධනය ව්‍යවස්ථා විරෝධියි“-මැතිවරණ නිරීක්ෂකයෝ එක හඩින් කියති”

  1. Christie Says:

    ඉන්දියානු අදිරදයේ කොලනියක් වන තිස් ලක්ශයකට වඩා වැඩි ඉන්දියානු කොලනිවාසීන් විසින් පාලනය කරන ඉන්දියානු යටත්විජිතයේ මුල් වැසියෝ එකිනෙකා කුලල් කාගනිති. ඇයි සින්හල අපි අපි කුලලල් කාගන්නේ කියා විපරම් කර බලාන්න. අපි බනින්නෙත් ගරහන්නෙත් සින්හලයන්ටය. මම කියන දේ ගැන සිතා බලන්න. ඔබේ අදහස් දක්වන්න.
    Ceylon the Indian Colony run by three million Indian colonists. They are doing well. We are fighting among ourselves like the oppressed in any society.
    Please think why do our leaders behave like that they do and why do we blame them one or the other. How come we are divided. Please think of what I am saying and respond.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress