මැරයන් කඩා පනිද්දී කතරගම දෙවියන් සිටියේ කොහේද?
Posted on August 31st, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ 

මේ දිනවල සමහරකගේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ඉහත සදහන් පැනයයි. මේ පැනය  විසින් සිදුකරන සමාජ සත්කාරය කුමක්ද යන්න අවබෝධ කරගැනීම මෙරට ජනතාවගේ ශුභ සිද්ධියට ඉවහල් වන කරුණක් බැවින් මේ සටහන ඉදිරිපත් කිරීමට සිතුනී.

මුළු මහත් සමාජයම ඒකාකාරී මිනිසුන්ගෙන් සමන්විත නොවේ. විවිධත්වය මේ සමාජයට ආරෝපණය කරන්නේ සුන්දරත්වයකි. සිංහල, දෙමල, මුස්ලිම් මෙන්ම බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් යන ආගමික නියෝජනයන්ද මේ සමාජ සත්වයාගේ මනස තුලට කඩා වැදී  විවිධ ආකාරයේ පෙරලි සිදු කරයි. අයෙක් දෙවියන් විශ්වාස කරන අතර අයෙක් දෙවියන් විශ්වාස නොකරයි. අයෙක් දෙවියන් දකින අතර අයෙක් දෙවියන් නොදකියි. මෙය ඒ ඒ පුද්ගලයාට අයත් බුද්ධිය හා ඥානය විසින් ප්‍රධානය කරන සිද්ධිදාමයක් වන අතර, දෙවියන් දකින්නා හා දෙවියන් නොදකින්නා අතර ඇත්තේ,ඔවුන් අතර ඇති ඥාණ පරාසයයි. අප දකින්නේ ඇස් වලින් පමණක් නොවේ. ඇස් වලට අමතරව, කනෙන්ද, නසයෙන්ද, ස්පර්ශයෙන්ද, මනසින්ද දකින මිනිසුන් රාශියක් මේ භුමිය තුල ජීවත්වේ. නමුත් සමහක් අය දකින්නේ ඇස් වලින් පමණය. ඇස් වලින් පමණක් දකින්නාට, කන්වලින්, නාසයෙන් හා මනසින් දකින දේවල් කිසිදා පහදා දිය හැකි නොවේ. එම නිසා බොහොමයක් දේ නොදකින දෑස් ඉතා හොදින් පෙනෙන අන්ධ ජනතාවක්ද මේ රටේ ජීවත්වේ.

මේ දෙවියන් විරෝධී ජනතාව දැක්කේ, බස්නායක නිලමේ දේවාල භූමියට කඩා වැදී දේවාලයේ, දොරගුලුලා දෙවියන් උදෙසා පැවැත්වීමට නියමිතව තිබු පුද පුජාවන් නවත්වා දැමු ආකාරයයි. දෙවියන් විශ්වාස නොකරන කිසිදා දෙවියන් දැක නැති මේ මිනිසුන් මේ අවස්ථාවේදී බලාපොරොත්තුවි ඇත්තේ, දෙවියන්ද, බස්නායක් නිලමේතුමා මෙන්ම, පුජා භූමියට කඩාවැදී, හරි හරියට බස්නායක නිලමේ තුමා සමග පොර බදිමින් දේව බලය මේ යයි පෙන්වන දසුනකි. ඔවුන් අපේක්ෂා කල දේ සිදු නොවිණි. ඔවුනට මේ බස්නායක නිලමේ තුමාද තමන් මෙන්ම, දෙවියන් විශ්වාස නොකරන පුද්ගලයෙකු බව වත් නොදැනුනි. මේ බස්නායක නිලමේතුමාගේ ක්‍රියාකලාපය නිසා දුටුගැමුණු රජ සමයේ ඉතිහාසය හා සබැදි වර්තමානයට මහා විනාශයක් සිදුකල බවක්ද නොවැටහිණි. තවද ඒ මහා සම්බන්ධතාවයට නොමැකෙන කැළලක් එක් කල බවක්ද නොදැණිනි. එපමණක්ද නොවේ, දස දෙසින් පැමිණි, බැතිමතුන්ට සිදු කරන ලද පීඩනය සම්බන්ධවද නොසිතිනි.

ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ වීරයා බවට දේව පුජාවන් අවුරා දැමු බස්නායක නිලමේතුමා පත්විය. මෙවන් නිලමේතුමෙක් ඉතිහාසයේ කවරදාකවත් කතරගම දේවාලයේ,බස්නායක නිලමේ බවට පත්ව නොසිටි අතර, දෙවියන්ට එරෙහිව නොබියව නැගී සිටීම මහා විර කමක් සේ ඔවුන් දකින ලදී. සෑම බස්නායක පත් කිරීමක් තුලම දේශපාලනයක්ද අන්තර්ගතව තිබේ. මේ බස්නායක නිලමේ තුමා පත් කිරීම සමගත් දේශපාලන ක්‍රියාකාරිත්වය බද්ධව ඇත. ඒ අනුව මේ පත්ව සිටින්නේ, යහපාලනයේ ප්‍රතිමුර්තියක් බදුවූ බස්නායක නිලමේ වරයෙකි. ඔහු දෙවියන් හා පවතින රජය අතර ඇති සම්බන්ධීකරණය සිදුකරන්නා ලෙස කටයුතු කල යුතු වුවද, ඔහු එයට එරෙහිව කටයුතු කර අප මෙතෙක් දුටු යහපාලන ක්‍රියා මාර්ගයේම ගමන් ගන්නාවූ මිනිසෙක් බව පැහැදිලිවම ඔප්පු කර තිබේ. මෙතන ඇත්තේ දෙවියන් සිටිනවාද, දේව බලයට මොකද වුණේ යන සන්දර්භයක් නොවේ, නුසුදුස්සෙක් ඉතිහාසගත කාර්යයක් සිදු කිරීමට පත් කිරීම නිසා ඇතිවූ වියවුලයි. කොටින්ම කියනවා නම් මේ පිලිබිබු කරන්නේ නුතන දේශපාලනේ ඇති වියරු බාවයයි. මේ යතාර්ථය කතා කිරීම මග හැරවීම සදහා කෝ! කතරගම දෙවියෝ, කෝ! දේව බලය යනුවෙන් හඩ තලමින් යම් යම් පිරිස් සිදු කරන්නේ, ජන අවධානය වෙනතකට යොමු කිරීමේ ක්‍රියාවලියයි. සැබෑ තත්වය එසේ වුවද, අප සැබවින්ම දෙවියන් සම්බන්ධව අවබෝධයක් ලබාගත යුතුමය. එම කටයුත්ත මෙරට ජනතාව වහ වහා සිදුකරගත යුතු කාර්යයභාරයක් බවට පත්ව තිබේ.

මේ කතරගම සිදුවූ කාර්යයට සමාන කාර්යයන් මෙන්ම ඊට වඩා බරපතල කාර්යයන්ද මේ රට තුල මිට පෙරදී, සිදුව තිබේ. වර්තමානයේදී  මෙන්ම බුදු දහමට තාඩන පීඩන ඇතිවූ තවත් යුගයක් වන්නේ,දොන් ජුවන් ධර්මපාලයන්ගේ කෝට්ටේ රාජ්‍ය පාලන සමයයි. කෝට්ටේ දළදා මන්දිරය කඩා දමා එය කතෝලික පල්ලියක් බවට පරිවර්තනය කොට ධර්මපාල කුමරුන්ගේ බෞතිස්ම මංගල්‍ය සිදු කරන විටත්, සමහර පිරිස් කෝ මේ දෙවියන්! කෝ දෙවියන්ගේ බලය යන පැනයම ඉස්මතු කරන ලදී. පෘතුගීසින් කැළණි විහාරයට පැන වෙහෙර බිද නිදන් වස්තු කොල්ල කන විටදීත් කෝ මේ විභීෂණ දෙවියන්? කෝ දෙවියන්ගේ බලය යන පැනයම් ඉස්මතු විය. නමුත් බ්‍රිතාන්‍ය සමයේදී, ශ්‍රී ලාංකික සිංහලයින් හා දෙවියන් අතර බැදී සම්බන්ධතාවයන් ගැන ඉංග්‍රීසින් සැහැල්ලුවෙන් බැලීමට තරම් අඥාන නොවුහ. එය මනාව වැටහෙන්නේ, ජෝන් ඩොයිලිලා සිදු කරන ලද නඩු විභාගයන් තුලින් ගමන් කරන විටදීය. මෙරට ජනතාව විශ්වාස කලද නොකලද දෙවියන් මෙරට ජනතාව සමග අත්වැල් බදාගෙන සිටියහ. උපතේ සිට මරණය දක්වාම මෙරට ජනතාව සමගම බද්ධව සිටියහ. මිනිසුන් සිදු කලේ ඉපදෙමින්, ජීවත්වෙමින් මරණයෙන් කෙලවර විම වූ අතර, දෙවියන් විසින් ඒ ඉපදුන, ජීවත්වුණා හා මරණයට පත්වුණා  සැම දෙනා අතරම ජීවත්වෙමින් අවැසි අයට ශක්තිය ලබාදීමද කළහ. දුටුගැමුණු මහා රජතුමාගේ යුගයේ සිට මේ දක්වා, පවත්වාගෙන් ආ කතරගම පුජෝත්සවයට, එදා සිට මෙදා දක්වාම මහා පිරිසක් සහභාගිවුහ. එදා සිටම මෙදා දක්වා මේ පවත්වන පුජෝත්සවය දෙස උපහාසාත්මකව බලා මේ කාර්යයේ, නිසරු බවට උදාහරණ පෙන්වමින් පෙරලි කල ජන කන්දරාවක්ද විය. නමුත් මේ කිසිවෙකුටත් දෙවියන් මරා දැමීමේ කර්තව්‍යට ලගාවිය හැකි නොවී තිබේ. අප මහා ශක්තිමත් ජාතියකි. අපට මහා ශිෂ්ඨාචාරයක් උරුමව තිබේ. ඒ ශිෂ්ඨාචාරය විසින් අපට මහා දැනුම් කන්දරාවක් දායාදය කොට ඇත. පුදබිම, කෙත්බිම්, සාගර වන්වූ වැව් පද්ධතීන්, මාහා පුස්තකයන්, බුදු දහම, හින්දු දර්ශනය, කිතුනු දහම හා බැදුණු මහා දේව බල ශක්තියක්ද අපට උරුමව ඇත. දෙවියන් අපෙන් වෙන් කිරීමට බැරි තරමට දෙවියන් අපට බද්ධව ඇත.

ශ්‍රී ලාංකික ජනතාවගෙන් අති බහුතරයක් බෞද්ධයින් වන අතර, බෞද්ධයා හා දෙවියන් අතර ඇති සහසම්බන්ධතාවය ඉතා ප්‍රබල බව ඔවුන් දනී. බුදු දහම මුළු මහත් විශ්වයම සම්බන්ධව සාකච්ඡ කරන දහමක් වන අතර එය තුල දෙවියන් හා බ්‍රහ්මයන් සම්බන්ධව මහා දිගු කතන්දරයක් ගලා යයි, දෙවියන් හා බ්‍රහමනයන් සම්බන්ධ නොවුන බෞද්ධ චරිතයක් අපට විදහා දැක්විය නොහැක. දෙවියන් විශ්වාස නොකරන බෞද්ධයෙන් මෙලොව සිටිය නොහැකි අතර එසේ සිටි නම් ඔවුන් බෞද්ධයෝ නොවෙති. සිංහලයා තුල දෙවියන් ලැගුම ගන්නේ බුදුදහම තුලින් පමණක් නොවේ. සිංහල සාහිත්‍ය තුල දෙවියන් වැඩ සිටින්නේ, ජිවමාන ආකාරයෙනි. අප ඉගෙනුම ලබන සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාවලිය, අමාවතුර, බුත්සරණ, ථූපවංශය, සැළලිහිණි සංදේශය ප්‍රමුඛ සංදේශ කාව්‍යන්ද, අප රස විදින ගුත්තිල කාව්‍ය අප ඉදිරියේ මවා පාන දෙව්ලිය රංගනයන් කිසිදා අප තුලින් බැහැරව නොයයි. සිංහල සාහිත්‍ය සමගම බද්ධව, නැටුම, වායුම හා ගායනය ඉගෙනුම අරභන්නේ, දෙවියන් හා සහසම්බන්ධව වන අතර, මේ කිසිවක් නැති සිංහලයා පෙට්ටිය කඩා එලියට ගත බ්‍රෑන්ඩ් නිව් කම්පියුටරයකට සමානවේ.

සිංහල බෞද්ධයාට පසු මෙරට සිටින ප්‍රබලම දර්ශනයට උරුමකම් කියාපාන්නේ,හින්දු භක්තික ජන කණ්ඩායමයි. හින්දු ආගම සෘජුවම දෙවියන් අදහන අතර, සැබෑ සංහිදියාව පැවතිම හේතුවෙන්,සිංහල බුද්ධාය හා හින්දු භක්තිකයා අතර හොද බන්ධනයක්ද පැවතිනි. හින්දු දර්ශනය ඉතා පැරණි මුලුලොවටම මහා දැනුම් සම්භාරයක් ප්‍රධානය කල දර්ශනයක් වූ අතර, එයින් පෝෂිතවූ ඉන්දියාව තුල බුදු දහමට ඉතා සරුවට වැඩෙන්නට ඉඩ කඩ පැවතිනි. ඒ දෙවියන්ගේ මහත්වූ ආශිර්වාද මධ්‍යයේය. හින්දු දර්ශනය ඉතා පැහැදිලිවම ලොකොත්තරත්වය සම්බන්ධව විශේෂිත අවධානයක් යොමුකරන අතර “භගවත් ගීතාව” මගින් ජනතාව දැනුමින් පෝෂණය කරනු ලබන්නේද දෙලොවේම සුභ සිද්ධිය අරමුණු කරගෙනය. මග පෙන්වන්නා ක්‍රිෂ්ණා වන අතර, අප හින්දු දර්ශනයතුලඩි, “දේවත්වයේ,පරමොත්කෘෂ්ඨ පෞර්ශවය” වශයෙන්ද ක්‍රිෂ්ණාව හදුන්වයි. ක්‍රිෂ්ණා කිසිදාක සතුරාට සමාවදීම අනුමත නොකරණ අතර, සතුරා තමන්ගේ කවරෙකු වුවද විනාශ කර දැමිය යුතුයි තරයේ අවවාද කරයි. විශේෂයෙන් යුද්ධයකදී සතුරාව සහමුලින්ම විනාශ කර දැමිය යුතුබව ක්‍රිෂ්ණා ගේ ඉල්ලීමයි. මේ ඉල්ලීම අර්ජුනගෙන් ඉල්ලන්නේ ඔහු තමන්ගේ ඥාතීන්ගේ ජිවිත වෙනුවෙන් හඩා වැළපෙන අවස්ථාවකදීය.

දෙවියන් සැලසුම් සහගතව වැඩකරණ බවත් ඒවා නිසි ආකාරයට මෙහෙයවන බවත් “මිලින්ද ප්‍රශ්නය” අපුරුවට පෙන්වා දෙයි. කතරගම දෙවියන්ද සිය කාර්යයන් සිදු කරන්නේ, මිනිසුන් මෙන් නොව දෙවි කෙනෙකු ලෙස බැවින්, මේ බස්නායක නිලමේ හා පොරබදීමක් හා සටනක් අපට දැකගත නොහැකි විය. නමුත් මිනිසුන්, බස්නායක නිලමේගේ ගෙදරට කඩා වැදී දේවාලයේ යතුරු ගෙන දේවාලය විවෘත කරගෙන් සියලු තේවාවන් නැවත පටන් ගැනීම හරහා මුළු සමාජයටම නව පණිවුඩයක් නිකුත් කර ඇත. එනම්, පාලකයින්ගේ පෞද්ගලික නිවහන් වටලා කරන අරගලය තුල සාර්ථකත්වයක් ඇති බවයි. එවිට එහි යන ජනතාව විනාශ කරන්නේ පොදු දේපල නොවන බැවින්, රිමාන්ඩ් කිරීමට ඇති හැකියාවන් අඩුවෙන බවයි. මේ පණිවුඩය සමාජයට දුන්නේ, කතරගම දෙවියන්ද එසේ නැතිනම් එය සිදු කල ජනතාවදැයි අපට පැහැදිලි නැත. කෙසේ වෙතත් මේ ජන අරගලයට සහභාගිවූ සියලුම ජනතාවට දෙවියන්ගේම පිහිටයි!

2 Responses to “මැරයන් කඩා පනිද්දී කතරගම දෙවියන් සිටියේ කොහේද?”

  1. Senerath Says:

    How about out pet politicians visiting Indian Colonial Parasite Kovils (Thirupathy) again and again yet getting defeated ?
    How about our bowlers drawing corsses every ball and getting hammered for sixes ?
    How about millions of BORU Sastarakarayas and RATE WEDAS surviving in luxary ?

    Let us leave well esablished shrines like Kataragama, Sir Pada, Ruvwanveliseya or our local kovils alone.

  2. Christie Says:

    සින්හලයන්ගේ දෙයියෝත් හින්දියානු දෙයියෝත් අතර ලොකු වෙනසක් ඇත.

    සින්හල දෙයියෝ මිනිසුන් අතර ජීවත්වූ අයයි.

    මරනයෙන් පසුවත් ඔවුන් කල කී දේ මතකයේත් ගරුකිරීමටත් ලක්විය.

    කතරගමයා සැත්කමකින් වෙන්කලොත් මම වෙදාට ගරුකරමි.

    එකෙක්ගෙන් හයක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress