ජනපති දියණියට ලේඛණ හැකියාවක් නෑ.. ‘ජනාධිපති තාත්තා’ නමත් හොරකම් කල එකක්.. ලියා ඇත්තේත් වෙන කෙනෙක්..- චතුරිකාට ප‍්‍රබල චෝදනාවක්
Posted on September 15th, 2017

 lanka C news

ජනාධිපති වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන විසින් ‘ජනාධිපති තාත්තා’ නමින් අද දිනයේ එලි දක්වන කෘතිය සම්බන්ධයෙන් එජාපයට හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කොට ඇත්තේ අදාල පොතේ නම පවා ජනපති දියණිය විසින් සොරකම් කොට ඇති බවයි.

මෙම පොත ලියා ඇත්තේද ඇය විසින් නොවන බවත් ලිවීමේ හැකියාවක් ඇයට නැති බවත් සදහන් එම වාර්තාව බාහිර පුද්ගලියන් තුන් දෙනෙකු විසින් එය ලියා ඇති බවත් සදහන් කරයි.

ජනපති දියණියට ලේඛණ හැකියාවක් නෑ.. ‘ජනාධිපති තාත්තා’ නමත් හොරකම් කල එකක්.. ලියා ඇත්තේත් වෙන කෙනෙක්..- චතුරිකාට ප‍්‍රබල චෝදනාවක්

අදාල පුවත මෙතනින්

http://www.lankaenews.com/news/6348/si

චතුරිකා සොරකම් කළ ‘ජනාධිපති තාත්තා‘

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.15, පෙ.ව‍.4.20) මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය දර්ශනී චතුරිකා සිරිසේන විසින් ‘ජනාධිපති තාත්තා‘ නමින් පොතක් ලියා ඇතැයි කියන අතර එම පොත අද (15) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී එලි දැක්වීමට නියමිත ය.
මෙම පොත සම්බන්ධයෙන් ප්‍රචාරක වීඩියෝ දැන්වීම් පමණක් 6 ක් ඇයට අයත් දැන්වීම් සමාගම් විසින් නිමවා තිබේ. ඒ දැන්වීම් වලින් දැක්වෙන්නේ පරස්පර විරෝධී මතයන්ය. එකකින් පවසන්නේ මෙය චතුරිකා සිරිසේනගේ ස්වයං ආත්ම ප්‍රකාශනය බවයි. තවත් එකකින් පවසන්නේ මෙය ජනාධිපතිවරයාගේ ජීවිත කතාව බවයි. කෙසේ වෙතත් මෙම පොත එලිදැක්වීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී මහාරාජාගේ රූපවාහිනී චැනලයක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ චතුරිකාගේ ප්‍රකාශ වලින් අපට තේරුම් ගත හැකි වූයේ ඇය බොහෝ සිංහල වදන් වල නියමාකාර අර්ථ නොදන්නා බවයි. ඊට උදාහරණ රැසකි. ඇය ‘දෝලනය‘ වන වචනය නිතර භාවිතා කළ නමුත් එය බොහෝ විට යෙදුවේ වැරදි අවස්ථාවන් සඳහා ය.  ‘චරිතාපදානය‘ යන වචනය පවා ඇය දන්නේ නැත. ඇය ඒ වෙනුවට පැවසුවේ ‘චරිතප්‍රධානය‘ කියා ය. සිංහල බස නිවැරදිව හසුරුවන තාත්තා විසින් කියවා ඇති ගෙදර තිබෙන පත පොතවත් ඇය පරිශීලනය කර නැති බව මොනවට පෙණින.

මේ නිසා නිසි ලෙස සරල සිංහල වචන වල අරුත් පවා නොදන්නා චතුරිකා විසින්ම මේ පොත ලීවේ දැයි සැක පහල වූ බැවින් ලංකා ඊ නිව්ස් ඒ පිලිබඳව සොයා බැලීමට තීරණය කෙළේය.

 

 

2 Responses to “ජනපති දියණියට ලේඛණ හැකියාවක් නෑ.. ‘ජනාධිපති තාත්තා’ නමත් හොරකම් කල එකක්.. ලියා ඇත්තේත් වෙන කෙනෙක්..- චතුරිකාට ප‍්‍රබල චෝදනාවක්”

  1. Senerath Says:

    It is disgusting the way some horrible people have become teachers to Sri Lankans. “Lanka E News” works for UNP and “Lanka C News” works for WW. Here “C” news is quoting “E” news in mud slinging to a young woman outrageously.
    It seems “Thaththa” is an Indian word to these fools.
    Kabaragoya has become Thalagoya.

  2. Dilrook Says:

    Whoever wrote the book it is about Chathurika’s father.

    She is laying the foundation for her entry into politics. She will most likely contest for the December NCP election as Chief Ministerial candidate.

    Among all children of presidents, she is the only one from a Sinhala Buddhist educational background. All others are from Christian and very heavily westernized educational background. This may be reason politicians targeting Sinhala Buddhist votes fear.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress