කොළඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලය පවරා ගැනීමට විරෝධය
Posted on September 20th, 2017

සභාපතිලංකා තැපැල්  සේවා සංගමය

ගරු අමාත් අබ්දුල් හලීම් මැතිතුමා,
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්යාංශය,
6 සහ 7 වැනි මහල,
තැපැල් මූලස්ථනාන ගොඩනැගිල්ල,
310, ඞී.ආර්. විජේවර්ධන මාවත,
කොළඹ 10.

ගරු අමාත්යතුමානි,

කොළඹ රධාන තැපැල් කාර්යාලය පවරා ගැනීමට විරෝධය පළකිරීම

  1. 09. 08 වන දින තැපැල් හා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තුමා ගේ ප‍්‍රධානත්වයෙන් පැවති පසුවිපරම් කමිටු සාකච්ජාවේදී, කොටුව ප‍්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ගරු අග‍්‍රාමාත්‍යතුමා විසින් පවරා ගන්නා ලද බව, ගරු අමාත්‍යාංශ ලේකම් තුමා විසින් ප‍්‍රකාශ කරන ලදි.

මෙම ගොඩනැගිල්ල පිහිටි ස්ථානය තැපැල් සේවා කටයුතු පවත්වාගෙන යෑමට ඉතාමත් උචිත ස්ථානයක් වන අතර, මෙය පවරා ගැනීමෙන්, තැපැල් දෙපාර්තමේන්තුව සතු වත්කමක් අහිමි වන බවද පෙන්වා දෙමු.

එම නිසා, මෙය තව දුරටත් තැපැල් දෙපාර්තමේන්තුව සතුව පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසටත්, මෙම ගොඩ නැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවෙන් පිට පෞද්ගලික අංශයට බදු දීමට, පැවරීමට, විකිණීමට, උත්සහ නොකරන ලෙසත්, එසේ නොවන්නේනම්, ඒ සම්බන්ධව සංගමයක් විදිහට අපගේ දැඩි විරෝධය පල කරන අතර, සමස්ත තැපැල් සේවකයින් හා වෘත්තිය සමිති එක්ව මෙයට එරෙහිව වෘත්තිය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් කාරුණිකව දන්වා සිටිමු .

ස්තූතියි.

මෙයට

ජගත් මහින්ද  

සභාපතිලංකා තැපැල්  සේවා සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress