දහදිය සිත්තම – කෙටිනාට්‍ය උළෙල ඔක් 03 සවස 2.00ට මරදාන ටවර්හිදී
Posted on October 2nd, 2017

ජනමාධ්‍ය නිවේදනය හා ආරාධනය

දහදිය සිත්තම – කෙටිනාට්‍ය උළෙල ඔක් 03 සවස 2.00ට මරදාන ටවර්හිදී

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, සාහිත්‍ය අනුකමිටුව විසින් 11 වන වරටත් සංවිධානය කරන දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල ඔක් 03 (අඟහරුවාදා) සවස 2.00 ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෞන්දර්යාත්මක විනිවිඳීමක් තුළින් බුද්ධිමය අස්වැන්නක් ඵලදැරීමට සමත් නාට්‍ය කලාවකට අවැසි පරපුරක් වෙනුවෙන් මෙම උළෙල වාර්ෂිකව අප විසින් සංවිධානය කරනු ලැබේ.

2017 වර්ෂය සඳහා ඉදිරිපත්වූ කෙටි නාට්‍ය පිටපත් අතරින් නිෂ්පාදනය සඳහා සුදුසුකම් ලැබූ. කෙටි නාට්‍යවල දෙවන වටයේ විනිශ්චය පසුගිය සැපැතැම්බර් 10 සහ 11 දිනවලදී කොළඹ දී පවත්වන ලදි. එම වටයෙන් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය 06 ක් අවසන් විනිශ්චයට ලක් කරමින් හෙට (02) මරදාන, ටවර් රඟහලේදී වේදිකාගත කෙරේ.

  1. සචිත‍්‍ර රාහුබද්ධගේ – සිංහසේයා.
  2. එම්. එමිල්ගේ – කටු රෝස
  3. ප‍්‍රවීන් චමෝද්ගේ – උරුමය
  4. සමන් කුමාර ගමගේ ගේ – 293
  5. නුවන් තරංග ගේ – අපි හඳ එළියේ නාමු.
  6. සම්පත් විජයවර්ධනගේ – හීන

මෙම කෙටි නාට්‍ය වේදිකාගත කිරීමට නියමිතව ඇත.

මෙම කලා කටයුත්ත සඳහා පූර්ව ප‍්‍රචාරය හා මාධ්‍ය ආවරණය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,

චන්දන සූරියආරච්ච්

සභාපති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress