ආණ්ඩුකාර පාලනය යටතට පත් කළ පළාත් සභාවන් හි මහජන දේපළ අයථා පරිහණය වැලැක්වීමට ආණ්ඩුකාර හා පළාත් ප්‍ර‍ධාන ලේකම්වරුගේ වගකීමකි
Posted on October 4th, 2017

පුවත්පත් නිවේදනය කැෆේ සංවිධානය   

ආණ්ඩුකාර පාලනය යටතට පත් කොට ඇති පළාත් සභාවන් සතු වාහන හා වෙනත් සම්පත් තම භාරයට ගැනීමට ආණ්ඩුකාරවරුන් හා ලේකම්වරුන් කටයුතු කළ යුතුය.  උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා සතු වාහන 32 ක් එයට වැඩි ප්‍ර‍මාණයක් හිටපු ප්‍ර‍ධාන අමාත්‍යවරුන්, අමාත්‍යවරුන්, විපක්ෂ නායකවරුන් හා ඔවුන්ගේ කාර්ය මණ්ඩලය විසින් රැගෙන ගොස් ඇත.  පළාත් සභා සතු තවත් භාණ්ඩ විශාල ප්‍ර‍මාණයක් නැවත බාරදීමට ඔවුන් කටයුතු කර නැත.  දේශපාලන කටයුතු සදහා  අඛණ්ඩව මෙම සම්පත් යොදා ගනිමින් සිටින බව පසුගිය දින කිහිපයේ දී නිරීක්ෂණය විය.

උතුරු මැද පළාත් සභාව සතු වාහන ගණනාවක් ඔක්තෝබර් මස  2 දින අනුරාධපුර පැවති රුස්වීම් මාලාවකට උපයෝගී කොට ගත් බවත්, පළාත් සභාවේ හිටපු දේශපාලනඥයින් එදින පළාත් සභා ශ්‍ර‍වනාගාරයේ පැවති රැස්වීමකට සහභාගි වී ඇති බව කැෆේ සංවිධානය උතුරු මැද ආණ්ඩුකාරවරයාට පැමිණිලි කොට ඇත. 

පළාත් සභා ආණ්ඩුකාර පාලනයට නතු කිරීමෙන් පසුව එම සම්පත් හිටපු දේශපාලනඥයින් විසින් දේශපාලන කටයුතු සදහා යොදා ගැනීම  මහජන දේපල අයථා පරිහරණයකි.  එමෙන්ම සාවද්‍ය පරිහරණයකි. එවැනි ක්‍රියාවක් සිදු කරන පුද්ගයින් ද, එයට අනුබල දෙන හා පහසුකම් සපයන පුද්ගලයින් ද ලංකා නීතිය දඩුවම් ලැබිය යුතු වරදකට චෝදනා ලබති. මෙවැනි ක්‍රියාවක බරපතල බව හා  එල විපාකය උතුරු මැද පළාත් සභාවේ බහුතරයක් නිලධාරීන් තවමත් අවබෝධ කර නොගැනීම කණගාටුවට කරුණකි.

ආණ්ඩුකාර පාලනය යටතට පත් කොට ඇති අවස්ථාවක එහි මහජන දේපල අයථා පරිහණය වැලැක්වීම ආණ්ඩුකාරවරුන් හා පළාත් සභාවේ ප්‍ර‍ධාන ලේකම් හා අනෙකුත් නිලධාරීන්ගේ ද වගකීමකි.

සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් හා ප්‍ර‍ධාන ලේකම්වරුන් වෙත ලිපි යොමු කරමින් කැෆේ සංවිධානය දන්වා ඇත්තේ මෙයට පෙර සිවිල් සංවිධාන සහ ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට ඇතුළු රාජ්‍ය නිලධාරීන් අතර ඇති වූ ප්‍ර‍සන්න නොවන තත්වය පළාත් සභා සම්බන්ධයෙන් ඇතිවීම වලක්වා ගැනීමට ආණ්ඩුකාරවරුන් හා ලේකම්වරුන් කටයුතු කළ යුතු බවයි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය                                        2017 ඔක්තෝබර් 4

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress