බැදුම්කර මගඩියේ සියල්ල හෙලිවෙයි… ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැති රනිල්ට දන්වයි..
Posted on October 4th, 2017

lanka C news

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ හෙලිදරවු වී ඇති කරුණු අනුව එල්ල වන චෝදනා නිසා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඒකාබද්ද විපක්‍ෂය යෝජනා කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ බැදුම්කර නිකුත් කරන ක‍්‍රමවේදය වෙනස් කරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් කොමිසම හමුවේ හෙලි කර ඇති බවයි.

බැදුම්කර මගඩියේ සියල්ල හෙලිවෙයි… ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැති රනිල්ට දන්වයි..

2015 ජනාධිපතිවරණයෙවන් පසුව ජනාධිපතිවරයා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු ආසන 54ක් පමණක් තිබියදී බවත් එය සහමුලින්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress