රාජ්ය ප්රවාහන සේවය ශක්තිමත් කර ශ්රී ලංගම සේවක අයිතීන් ලබාදීමට 2018 අයවැය තුළින් ශ්රී ලංගමයට රුපියල් මිලියන 31 000 ක් ලබාදෙන ලෙසත් එ් සඳහා මුදල් උපයා ගැනීම සඳහා අප සංගමය කරනු ලබන යෝජනා ක්රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටීම
Posted on October 9th, 2017

All Ceylon Transport Workers Union

ජනමාධ් නිවේදනයයි.
ගරු මුදල්  අමාත්,
මංගල සමරවීර මැතිතුමා,
මුදල් හා රමසම්පාදන අමාත්යාංශය,
කොළඹ 01.

ගරු ඇමතිතුමනි,

රාජ් රවාහන සේවය ශක්තිමත් කර රී ලංගම සේවක අයිතීන් ලබාදීමට  2018 අයවැය තුළින් රී ලංගමයට රුපියල් මිලියන 31 000 ක් ලබාදෙන ලෙසත්  එ් සඳහා මුදල් උපයා ගැනීම සඳහා අප සංගමය කරනු ලබන යෝජනා රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටීම

x          රජයේ සේවකයන්ගේ මූලික වැටුපට එකතු කර ඇති රු. 5000/= මුදල ශ‍්‍රී ලංගම සේවකයින්ගේ මුලික වැටුපට එකතුකිරීමට, 

x          පාරිතෝෂික මුදල් ගෙවීමට, 

x          අර්ථසාධක අරමුදල් ගෙවීමට, 

x          සේවක වැටුප් වැඩි කිරීමට, 

x          පාසල් ළමයි ඇතුළු වැඩකරන ජනතාවට සහන සැලසීමට, 

x          ශ‍්‍රී ලංගමය ආයතනවලට ගෙවිමට ඇති ණය මුදල් ගෙවීමට 

යන කරුණු සඳහා පුනරාවර්ථන වියදම් ද

x          නව බස්රථ ලබාගැනීමට, 

x          ශ‍්‍රී ලංගමයේ කාර්මික අංශයට නවීන තාක්ෂණ උපකරණ ලබාගැනීමට, 

x          දැනට අඩාල වී ඇති සේවක සුභසාධන ක‍්‍රියාවලිය වධිමත්ව පවත්වා ගැනීමට, 

x          සියලූම ඩිපෝ වැඩපලවල්, ආයතනල අළුත්වැඩියා කර සංවර්ධනය කිරීමට, 

x          කොටස් සහතික හිමියන්ට සාධාරණය ඉටු කිරීමට, 

x          පරිගණක තාක්ෂණය වැඩි කිරීමට 

යන ඉල්ලීම් ඉටු කිරීමට ප‍්‍රාග්ධන වියදම් ද ඇතුළුව පුනරාවර්ථන සහ ප‍්‍රාග්ධන වියදම් සඳහා  ශ‍්‍රී ලංගමයට රුපියල් මිලියන 31,000 ක මුදලක් 2018 අයවැය ලේඛනය තුළින් ලබාදෙන ලෙස අප සංගමය පළමුව ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

ඉහත දක්වන ලද පුනරාවර්ථන සහ ප‍්‍රාග්ධන වියදම් සඳහා මුදල් උපයා ගැනීමට අප සංගමය කරනු ලබන යෝජනා,

    x      ශ‍්‍රී ලංගම සෑම ඩිපෝවක් ම ස්ථාපිත කර ඇත්තේ ප‍්‍රධාන පාරට ආසන්නව ජනාකීර්ණ ස්ථානවල බැවින් සෑම දිස්ත‍්‍රික්කයකින් ම එක් ඩිපෝවක් බැගින් තෝරාගෙන එම ඩිපෝවේ ප‍්‍රධාන ඉන්ධනහලක් ස්ථාපිත කර ශ‍්‍රී ලංගම බස් රථවලට අමතරව බාහිර වාහනවලට ඉන්ධන අලෙවිකර විශාල ආදායමක් ලබාගැනීම සඳහා ක‍්‍රියා කිරීමට ඉන්ධනහලවල් ස්ථාපිත කිරීමට මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙසත්,

x          එක් දිස්ත‍්‍රික්කයකින් එක ඩිපෝවක් තෝරාගෙන එම ඩිපෝව තුළ අමතර කොටස් ගබඩා කර ශ‍්‍රී ලංගම බස් රථවලට අමතරව බාහිර වාහනවලට ද අමතර කොටස් අලෙවි කිරිමෙන් විශාල ආදායමක් උපයා ගැනීමේ      ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙසත්.

    x      සෑම  දිස්ත‍්‍රික්කයකින් ම එක් ඩිපෝවක් තෝරාගෙන එහි රියදුරු පුහුණු කිරිමේ පාසලක් ස්ථාපිත කර ශ‍්‍රී ලංගම සේවකයන්ට රියදුරු පුහුණුව ලබාදීමට අමතරව බාහිර පුද්ගලයන්හට රියදුරු පුහුණුව ලබාදී විශාල ආදායමක් උපයා ගැනීම සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කර දෙන ලෙසත්.

    x      සියලූම වාහනවලට ආදායම් බලපත‍්‍ර ලබාගැනීමට දුම් පරීක්ෂා කර යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ අයිතිය ශ‍්‍රී ලංගමයට පමණක් ලබාදී එ් තුළින් විශාල මුදලක් උපයා ගැනීමට හැකි අතර එම දුම් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙසත්.

    x      දේශපාලන බලධාරීන් විසින් ශ‍්‍රී ලංගමයට ලබාදිය යුතු මුදල් ලබාගැනීම සඳහා කඩිනමින් විධිමත් ලෙස අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අප සංගමය ඔබතුමාට යෝජනා කර සිටින්නෙමු.

ඉහත සඳහන් ඉල්ලීම් ක‍්‍රියාත්මක කිරීම තුළින් ශ‍්‍රී ලංගමයට විශාල මුදලක් උපයාගැනීමට හැකියාවක් ඇති බව අප සංගමය වගකීමකින් යුතුව ඔබතුමාට ප‍්‍රකාශ කර සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට – විශ්වාසී,

සේපාල ලියනගේ

ප‍්‍රධාන ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress