ලංවිම තුල සිදුව ඇති රු. කෝටි 150ක මූල්ය වංචාව
Posted on October 23rd, 2017

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

මාධ්‍ය නිවේදනයයි2017.10.23ප්‍රවෘත්ති කතෘ, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ලංවිම තුල සිදුව ඇති රු. කෝටි 150ක මූල්‍ය වංචාවට කැබිනට් අනුමැතිය ලබාදීමට එරෙහිව ලංවිම සේවක වැඩවර්ජනය  පසුගිය ආණ්ඩුවේ පාලකයන් හා ලංවිම පාලනාධිකාරිය එක්ව 2014.11.27 වන දින සිදුකළ රු.කෝටි 150ක් ඉක්මවන මූල්‍ය වංචාවට එරෙහිව, පියවර ගන්නා ලෙස, වත්මන් ආණ්ඩුවට බලකරමින් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් දින 7.5ක වැඩවර්ජනයක් පසුගිය මස සිදුකරන ලදි.

එහිදී වැඩවර්ජනය අවසන් කිරීම ස`දහා එක`ග වු කරුණුවලට මුවා වී ආණ්ඩුව විසින් කැබිනට් පත්‍රිකාවක් සකස්කර, මෙම මූල්‍ය වංචාව නීත්‍යාණුකූල කිරීම ස`දහා ඔක්. 24 වන දින කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාගැනීමට නියමිත බව වාර්තා වී තිබේ.

එසේ සිදුවුවහොත් මෙය විදුලි සේවකයන් සමග වූ එක`ගතාව අමු අමුවේ උල්ලංඝණය කරමින් ජනතාව මත කෝටි 150ක මූල්‍ය වංචාවේ බර පැටවීමේ නිර්ලජ්ජිත ක්‍රියාවකි. විදුලි බලමණ්ඩලයේ හොරකම හා දූෂණය පිටුදකිනවා වෙනුවට හොරුන්ගේ හා දූෂකයන්ගේ බරත් විදුලිබිල හරහා ජනතාවට පටවමින් හොරු ආරක්ෂා කිරීමේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තියට ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විරෝධය ප්‍රකාශ කර සිටී. 

ඔක්. 24 වන දින පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී මෙම බරපතල මූල්‍ය වංචාවට අනුමැතිය හිමි වුවහොත් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සිය`ඵම වෘත්තීය සමිති ඔක්. 25 වන දින දවල් 12.00 සිට සේවයෙන් ඉවත් වී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ස`දහා අවතීර්ණවීමට තීරණය කර තිබේ. මෙයට, ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන්

රන්ජන් ජයලාල්ප්‍රධාන ලේකම් – ලංකා විදුලි සේවක සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress