සීතාවක රාජසිංහ රජුට අවමන් කළ පරන්ගියකු විනාශකර රජුගෙන් බුහුමන් ලැබූ අමිතිරිගල එදිරිසිංහ මුදියන්සේ
Posted on December 4th, 2017

නිමල් රාජකරුණා , මෙල්බර්න්, ඔස්ට්රේලියාව  

සීතාවක පළමුවන රාජසිංහ රජු ශ්‍රී ලංකාව (එවකට සිංහලේ) පරමාධිපත්‍යය උදෙසා ප්‍රතුගීසින්ට විරුද්ධව සටන් කළ රජවරුන් අතර ප්‍රධානතම තැනක් ගනී . ටිකිරි කුමාරයා ලෙස ඔහුගේ අංගම්පොර සටන්කරුවන් සමග මුල්ලේරියාවේදී ප්‍රතුගීසින් හා සටන් කර ඔවුන්ට විශාල පරාජයක් ලබාදුන් ඔහුගේ වීරත්වය සහ ජාතිමාමකත්වය විනාශ කිරීමට කටකථා පසුව ගොතා ඇත. වර්තමානයේද දේශයේ ඒකීයභාවය සඳහා සටන් මෙහෙයවා විජයග්‍රහණය ලබාදුන් නායකයන් මෙවන් කටකථා මගින් විනාශ කිරීමට දැරූ සහ දරණ උත්සාහයන් අපි අත් විඳිමින් සිටිමු.

පලවන රාජසිංහ රජු තම පියා වන මායාදුන්නේ රජු මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඝාතනය කළ බවට ඇති මතය අධිරාජ්‍යවාදීන්  සහ ඔවුන්ගෙන් වරප්‍රසාදලත් සිංහලයන් විසින් ගෙතූ ප්‍රලාප බව දැන් බොහෝ විචාරකයන් පිළිගනිති.මායාදුන්නේ රජු අවුරුදු 85ක් ආයු වළඳා ස්වභාවික මරණයකට ගොදුරු වූ බවත් ඔහු විසින් මරණයට පත් කළ භික්ෂූන් වෙතොත් ඔවුන් සිවුරු පොරවාගත් ප්‍රතුගීසින්ගේ ඔත්තු කාරයන් වූ සිංහලයන් බවත් නිවැරදි සත්‍යයයි. වර්තමාන කාලයේදීද අධිරාජ්‍යවාදීන්ගේ ඩොලර්වලින් යැපෙමින් දේශයට සතුරුකම් කරන මෙවැනි සිවුරු පොරවාගත්  සිංහලයන් අතලොස්සක් සිටින බව නොරහසකි.

සීතාවක රාජසිංහ රජු තම මාලිගය අසල පිහිටි සීතාවක ගඟට ගොස් ස්නානය කිරීම පුරුද්දක් කරගෙන සිටියේය. එවකට ගඟින් අනෙක් පැත්තේ ප්‍රතුගීසි බලකොටුවක් තිබී ඇති අතර එහි සිටි පරන්ගියෙක් රජු ස්නානනය කරන අතරතුර සිය පශ්චාත්භාගය නිරාවරණය කර රජුට අවමන්  කිරීම පුරුද්දක් කරගෙන සිට ඇත . මොහුට සුදුසු දඬුවමක් දීමට හැකි අයෙක් රජු සොයද්දී මගේ මවගේ මුත්තා කෙනෙකු වූ බයිඅප්පු මුදියන්සේ ඊට ඉදිරිපත්වී ඇත. බෙහෙත් කොටන තුවක්කුවක් රැගෙන ඔරුවකින් ගොස් ගඟේ අනෙක් පැත්තේ පරංගි බලකොටුව අසළ පිහිටි වල්බෙලි ගසක් අසළ රැක සිට පරංගියාට වෙඩිතබා මරාදමා ඔහු නිරුපද්‍රිතව මෙගොඩට පැමිණ ඇත . සිංහලේ රජුගේ අභිමාණය රැකීමට ‘සිංහයෙක් මෙන් ඉදිරියටගොස්’  කළ වික්‍රමයට පැහැදුණු පළවෙනි රාජසිංහ රජු මගේ මවගේ මුත්තාට “එදිරිසිංහ මුදියන්සේලාගේ ” නම්බු නාමයත් අමිතිරිගල   නමැති නින්දගමත් ප්‍රදානය කළ බව මගේ මවත් ඇයගේ  සහෝදර සහෝදරියනුත් අප කුඩා කළ පැවසුවේ ඉතා ආඩම්බරයෙනි

අමිතිරිගල ගමේ අදත් මුල් පදිංචිකරුවෝ එදිරිසිංහ මුදියන්සේලාගේ පරපුරේ අයයි. එහි අවසන්වරට ගම්මුලාදැනී තනතුර හෙබවූ මගේ මවගේ පියා  වූ එදිරිසිංහ මුදියන්සේලාගේ අප්පුසිඥ්ඥෝ අප්පුහාමි මහතා ඉතා කරුණාවන්ත සැදැහැවත් බෞද්ධ උපාසකයෙක් විය. උගත් සිල්වත් බෞද්ධ භික්ෂුන්  වහන්සේලා ඇසුරුකළ ඔහු බොහෝ පින්කම් කළ කෙනෙක් වූවා පමණක් නොව තම දරුවකු ශාසනයට ඇතුළත් කිරීමටද නොපසුබට විය. ඒ ගම්පහ මිරිස්වත්තේ විද්‍යාවංශ පිරිවෙණ පිහිටුවා විශාල ශාසනික සේවාවක් කළ රාමඥ්ඥ නිකායේ අධිකරණ සංඝ නායක ධුරය හෙබවූ අපවත්වී වදාල අමිතිරිගල පග්ඥාවංශ නාහිමිපාණන් වහන්සේය.

පළමු රාජසිංහ රජුගේ අභාවයත් ධර්මපාල රජු 1597 මිය යාමත් සමඟ ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයේ විශාල පසුබෑමක් ඇතීවී ඇත.ප්‍රතුගීසින් අන් කවරකුටත් වඩා ශ්‍රී ලංකාවටත් බුද්ධාගමටත් හානි කළෝය. ඔවුහු විහාරස්ථාන විනාශ කරමින් ඒවායේ තිබූ ඇත් දළ , සඳුන් , මැණික් සහ අනිකුත් වටිනා දේ කොල්ල කමින් පුස්තකාල ගිණි තබමින් කතෝලික ආගම ව්‍යාප්ත කළෝය .කිසිදු ආක්‍රමණිකයෙක් ශ්‍රී ලංකාවට ඇති ආදරයකට ආක්‍රමණය කළාහු නොවෙති . එහෙත් ශ්‍රී ලංකාවට කිසිදු යහපතක් නොකළ ආක්‍රමණිකයන් අතර ප්‍රතුගීසින් ප්‍රධාන තැන ගනිති. එය එසේ වූවත් මෙවන් විශාල විනාශයක් අප මවුබිමට කළ ප්‍රතුගීසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කර අවුරුදු 500ක් ගතවීම 2005දී සැමරීමට වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගේ පසුගිය පාළන සමයේදී සැළසුම් කළේය. රටේ වාසනාවට ඔහු 2005දී  පරාජය විය.මා හට මෙය ලියන්නට සිත් වූයේ එදිරිසිංහ මුදියන්සේලාගේ පරපුරේ කිසිම සුජාත දරුවකුට රනිල් වික්‍රමසිංහ වැනි දේශද්‍රෝහියෙකුට පක්ෂපාති විය නොහැකි බවද පෙන්වා දීමටයි .එසේ කරන්නන්ට අපගේ මුත්තා ඔහු සිටින ලෝකයක සිට ශාප කරනු ඇත. රනිල් වික්‍රමසිංහ දේශද්‍රෝහියෙකු පමණක් නොව සූර චෞරයකු බවද දැන් ඔප්පු කර හමාරය .

නිමල් රාජකරුණා , මෙල්බර්න්, ඔස්ට්‍රේලියාව  

 

5 Responses to “සීතාවක රාජසිංහ රජුට අවමන් කළ පරන්ගියකු විනාශකර රජුගෙන් බුහුමන් ලැබූ අමිතිරිගල එදිරිසිංහ මුදියන්සේ”

  1. Senerath Says:

    රජතුමා පරංගින් මරා ඇත්තෙ අතින් පයින් සටන් කොට ද ? ( අංගම් පොර​). මේ කියන මුත්තාට තුවක්කුවක් තිබුන නමුත්, මොහුට ටයිටල් දුන් රජුට තුවක්කුවක්වත් තිබුනේ නැද්ද ? මගේ දැනුමේ හැටියට මුල්ලේරියා සටන කලේ කඩු දුනු වලිනි.
    මමත් ඉපැරණි හෙල රජ පරපුරකින් පැවත එන්නෙක්මි. එහෙත් පරසුද්දගේ රටක් වෙන් ඕස්ත්‍රේලියාවට පැනගොස් පුරාසාරම් දෙඩවීමට මට නොහැක​.
    “රනිල් වික්‍රමසිංහ දේශද්‍රෝහියෙකු පමණක් නොව සූර චෞරයකු බවද දැන් ඔප්පු කර හමාරය.” මේ කියමන නම් සත්‍යයකි, එදිරිසිංහ මුදියන්සේ පට්ටමට ගැලපෙන කතාවකි. රනිල් වික්‍රමසිංහ වැනි දේශද්‍රෝහියෙකුට පක්ෂපාති වීම මගේ රට හැර ගිය බැවින් දේශ්ද්‍රෝහියකු වූ මට ද කල නොහැක​.

  2. NeelaMahaYoda Says:

    මේ කියන මුත්තාට තුවක්කුවක් තිබුන නමුත්, මොහුට ටයිටල් දුන් රජුට තුවක්කුවක්වත් තිබුනේ නැද්ද ?

    සෙනරත්

    සිංහල රජවරු තුවක්කු අරගෙන සටනට ගියේ නැහැ. හේවායින් අත පමනයි කඩු, කිනිසි,තුවක්කු, හෙල්ල වාගේ ආයුද තියෙන්නේ. පැරනි ක්‍රමයට රජු හා සටන්කරන්නේ කඩුවෙන් පමනයි.

    මුල්ලේරියා සටන කලේ කඩු දුනු වලින් ම නෙවෙයි. මුල්ලේරියා සටන වෙනකොට සිංහලයින්ටද කඩු දුනු වගේම වෙඩිබෙහෙත් පාවිච්යත් වෙඩිබෙහෙත් කොටා පාවිච්චිකරන තුවක්කු සෑදීමේ හැකියාවත් තිබුන බව ඉතිහාසයේ සදහන් වෙනවා.

    සෙනරත් සින්ගප්පූරුව වගේ රට්වල් වල ජීවත් වනනිසා පරසුද්දගේ රටක් කියා අද කිසිම රටක් නැතිබව තේරුම්ගන්නට අමාරුයි තමා.

  3. nimal_r Says:

    මංගල සමරවීරගේ කොලුවකු සිංගප්පුරුවේ සිට සෙනරත් නමින් ලියා ඇත . ඉතිහාසය පිලිබඳ මොහුගේ නොදැනුවත්කම ගැන කණගාටු වෙමු. ඇත්තෙන්ම මොවුන් ප්‍රතුගීසි සැමරීම අගය කරණ නිවටයෝය .මෙකල ඔස්ට්‍රේලියාව පමණක් නොව ලෝකයේ රටවල් විශාල ගණනක ශ්‍රී ලංකාවේ සංක්‍රමණිකයන් සිටිනා බවත් ඔවුන් ශ්‍රී ලංකාවට විශාල සේවයක් කරණ බවත් මේ අමනයෝ නොදනිති . මෙය ලියූ මා විසින් 2007වර්ෂයේදී මෙහි සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ උදවුවෙන් විරු දරු දිරිය අරමුදල පිහිටුවා ලංකාවේ අබාධිත සහ දිවි පිදූ රණවිරුවන්ගේ දරුවන්ට සහ පවුල්වලට එවූ මුළු මුදල පසුගිය මාසය වනවිට ඩොලර් $400,000.00 කඩ ඉම පසුකළ බව දැන්වීමට කැමැත්තෙමි.මෙය ලංකාවේ මුදලින් රුපියල් මිළියන 44ක් පමණ වේ.එමෙන්ම ලංකාවේ කොටි ත්‍රස්තවාදීන් යුද්ධ කළේ ඔවුන්ට අන්තවාදී දෙමළ සංක්‍රමනකයින් එවූ මුදලින් බවත් , ඔවුන්ට විරුද්ධව සිංහල මෙන්ම අනිකුත් සංක්‍රමණිකයන් එය වැළැක්වීමට කටයුතු කළ බවත් දන්නේ ශ්‍රී ලංකාවේ සුජාත දෙමවුපියන්ගේ දරුවන් පමණි.

  4. nimal_r Says:

    මංගල සමරවීරගේ කොලුවකු සිංගප්පුරුවේ සිට සෙනරත් නමින් ලියා ඇත . ඉතිහාසය පිලිබඳ මොහුගේ නොදැනුවත්කම ගැන කණගාටු වෙමු. ඇත්තෙන්ම මොවුන් ප්‍රතුගීසි සැමරීම අගය කරණ නිවටයෝය .මෙකල ඔස්ට්‍රේලියාව පමණක් නොව ලෝකයේ රටවල් විශාල ගණනක ශ්‍රී ලංකාවේ සංක්‍රමණිකයන් සිටිනා බවත් ඔවුන් ශ්‍රී ලංකාවට විශාල සේවයක් කරණ බවත් මේ අමනයෝ නොදනිති . මෙය ලියූ මා විසින් 2007වර්ෂයේදී මෙහි සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ උදවුවෙන් විරු දරු දිරිය අරමුදල පිහිටුවා ලංකාවේ අබාධිත සහ දිවි පිදූ රණවිරුවන්ගේ දරුවන්ට සහ පවුල්වලට එවූ මුළු මුදල පසුගිය මාසය වනවිට ඩොලර් $400,000.00 කඩ ඉම පසුකළ බව දැන්වීමට කැමැත්තෙමි.මෙය ලංකාවේ මුදලින් රුපියල් මිළියන 44ක් පමණ වේ.එමෙන්ම ලංකාවේ කොටි ත්‍රස්තවාදීන් යුද්ධ කළේ ඔවුන්ට අන්තවාදී දෙමළ සංක්‍රමනකයින් එවූ මුදලින් බවත් , ඔවුන්ට විරුද්ධව සිංහල මෙන්ම අනිකුත් සංක්‍රමණිකයන් එය වැළැක්වීමට කටයුතු කළ බවත් දන්නේ ශ්‍රී ලංකාවේ සුජාත දෙමවුපියන්ගේ දරුවන් පමණි.

  5. Senerath Says:

    රනිල් වික්‍රමසිංහ රජ වෙන විධිය – මෛත්‍රීපාල ලඟදීම බඹ දෙකක් යටට යයි ද ?

    හන්, වෙයි, යෑන්, චාඕ, ඡූ සහ å කියලා හදාගෙන හිටිය රටවල් පරාජයට පත්කරලා මුළු චීනයම එක්‌සේසත් කරන්න äන් කියන රටට පුළුවන් වුණා. ඒ, ක්‍රිස්‌තු පූර්ව 221 දී. ඒත් ජින් අධිරාජ්‍යය පැවැතුනේ අවුරුදු 15 ක විතර කාලයක්‌. ක්‍රිස්‌තු පූර්ව 209 වෙද්දී ම ජින් අධිරාජ්‍යයට විරුද්ධව මිනිස්‌සු කැරැලි ගහන්න පටන්ගත්තා. මුලදී ගොවි කැරැල්ලක්‌ විදිහට මතුවෙච්ච මේ විරෝධය පස්‌සේ කාලෙක විධිමත් විදිහට සංවිධානය වෙච්ච යුද නායකයෝ අතටගත්තා. මේ විදිහට ඉස්‌සරහට ආපු යුද නායකයෝ දෙන්නෙක්‌ තමයි ශියං ලියං සහ ශියං යූ. ඇත්තෙන්ම ශියං ලියං කියලා කියන්නේ ශියං යූ ගේ බාප්පා. මේ දෙන්නා කලින් තිබුණු ඡූ කියන රටේ ඉපැදිච්ච අය. ජින් බලයට ගොදුරුවෙලා තමන්ගේ රට නැතිවෙච්ච එක ගැන ඒ අය හිටියේ බොහොම හිතේ අමාරුවෙන්. ඇත්තෙන්ම ක්‍රිස්‌තු පූර්ව 223 දී ඡූ රට ජින් බලයට නතු කරගනිද්දී ශියං යූගේ වයස අවුරුදු 9 ක්‌ විතර ඇති. ඒත් න් බලයට විරුද්ධව රටේ කැරැලි ඉස්‌මතුවෙද්දී ඔහු හොඳ ශක්‌තිමත් රණශූරයෙක්‌ බවට පත්වෙලා හිටියා. ඇත්තෙන්ම ඒ යුගයේ චීනයේ හිටිය වීරෝදාරම රණශූරයා ශියං යූ කියලා කිවුවොත් ඒක බොරුවක්‌ නෙවෙයි. ඉතින් ශියං ලියංටත් ශියං යූටත් පුළුවන් වුණා ඉතාම කෙටි කාලයකින් ජින් බලයට විරුද්ධ සටනේ මහා නායකයෝ බවට පත්වෙන්න.

    ඒත් ඒ දෙන්නා රාජකීය උරුමයක්‌ තිබුණු අය නෙවෙයි. ඉතින් තමන්ගේ සටනට මිනිස්‌සු සම්බන්ධ කරගන්න වැඩේට ඒක මහා බාධාවක්‌ වෙලා තිබුණා. මෙන්න මේ වෙලාවේ ශියං ලියංට ආරංචි වුණා එක්‌තරා ගොපල්ලෙක්‌ ගැන. ඈත පළාතක බැටළුවෝ බලාගත්ත ඒ ගොපල්ලා ඡූ රට පාලනය කරපු හු-අයි කියන රජතුමාගේ මුණුපුරෙක්‌. ඒත් ඒ වෙද්දී හු-අයි රජතුමා මියගිහිල්ලා අවුරුදු 90 කටත් වැඩියි. ඉතින් තමන්ගේ රාජකීය උරුමය ගැන මේ ශියුං ශින් කියන ගොපල්ලාවත් දැනගෙන හිටියේ නෑ. ඒත් ඒ වෙද්දී ඔහු විතරයි පැරැණි රජ පෙළපතට ගෑවිච්ච කෙනෙක්‌ විදිහට පණපිටින් හිටියේ. ඉතින් ශියං ලියං ඔහුව හොයාගෙන මහා පෙරහැරකින් වඩම්මවාගෙන ආවා. ඊට පස්‌සේ ඒ ගොපල්ලාව හු-අයි කියන නමින්ම ඡූ රටේ රජකමට පත්කළා.

    තමන්ගේ පැරැණි රජ පෙළපතට ආයෙත් පණදුන්න බව ආරංචිවෙච්ච ගමන්ම ඡූ රටේ මිනිස්‌සු මහා ප්‍රබෝධයකින් ජින් අධිරාජ්‍යයට විරුද්ධ සටනට එක්‌වෙන්න පටන්ගත්තා. ඉතින් සටනේදී ශියං ලියං මියගියත් ශියං යූට පුළුවන් වුණා ක්‍රිස්‌තු පූර්ව 206 වෙද්දී ජින් බලය නැත්තටම නැතිකරලා දාන්න.

    අතහැරලා දාලා තිබුණු ගොපල්ලාව රජකමට ඇන්දුවේ නැති නම් ශියං ලියංටත් ශියං යූටත් මේ හපන්කම කරන එක ලේසි වැඩක්‌ වෙන්නේ නෑ. ඉතින් මුළුමහත් චීනයේම බලය තමන් අතට ගත්ත ශියං යූ කළේ හු-අයි රජතුමාව ඊ කියන නමින් අධිරාජ්‍යය තනතුරට පත්කරන එක. ඒත් ඒ එක්‌කම ඒ නාමික අධිරාජ්‍යයාව පරලොව යවන ක්‍රමයකුත් ශියං යූ යොදලායි තිබුණේ. ඉපදුනාට පස්‌සේ පරණ මළමිනියක්‌ ගැන වදවෙන්නේ මොකට ද? ඉතින් චීනයේ බලපුළුවන්කාරයා බවට පත්වෙන්න ශියං යූට පුළුවන් වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress