අනුර කුමාරගේ ජේ වී පී ය
Posted on December 19th, 2017

කැලුම් ජයසුමන

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම පහළ මධ්‍යම පන්තියත්, කුල පිඩිතයනුත්, විශ්වවිද්‍යාල ප්‍රජාවත් අකර්ශනිය වූ පක්ෂයකි . යමක් තේරුම් බේරුම් කරගත හැකි සහ අනෙකාගේ දුක දැනෙන රට පිලිබඳ හැගීමක් සහිත මිනිසුන් ඒකරාශිවී ආරම්භවූ දේශපාලන ව්‍යපාරයක් වුවද නායකත්වය සහ ආරම්භක සාමාජිකත්වය මාක්ස්වාදී විය. 

එනමුත් මාක්ස්වාදයේ එන සමහර කොටස් වෙනස් කරමින් රටට ගැලපෙන ලෙස සකස් කිරීම රෝහණ විජේවීරයන් විසින් කරන ලදී. අඩු පාඩු මතු උවද නිර්ධන පංති වියාපාරය තුළ දැඩි විශ්වාසයක් ගොඩ නැගීමට එදා විජේවීරයන් සමත් විය.

ආරම්භ වී සුළු කලකින්ම සන්නද්ධ අරගලයකට බට ජවිපෙ කියුබානු පන්තියේ ජයග්‍රහණයක් ප්‍රර්ථනා කරන්නට වි නුමුදු ජයග්‍රහණය කෙසේ වෙතත් ජිවිත දහස් ගණනක් බිලිදී අරගලය අවසන් විය.
නැවත සංවිධානය වන ජවීපෙ 1983 පක්ෂ තහනමට ලක්වන විට ජනාධිපතිවරණයට පෙනී සිටිමින් රෝහණ විජේවීර ප්‍රජාත්‍රන්තවාදී ප්‍රවාහයට එක්වී සිටියේය. පක්ෂ තහනමෙන් අනතුරුව නැවත කෑලෑ වදින ජවිපෙ 1989 රෝහණ විජේවීර ඝාතනය වනතෙක් රහසිගත සංවිධානයක් ලෙසම පැවතිය.

ඉන්පසු නැවත 1993 සිට සංවිධානය වන ජවිපෙ තෝරා ගන්නා මාවත වන්නේ ජාතික විමුක්ති අරගලය ජයග්‍රහණය තුලින් සමාජ වාදයකි. එය ඉතාමත් කෙටි කලකින් ජනතා ආකර්ශනය දිනාගන්නා ස්වභාවයක් පිළිබිඹු විය.

1994 වසරේ එක් ජනතා නියෝජිතයෙක් තෝරා දෙන ජනතාව පිළිවෙලින් 2000 දස දෙනෙකුද 2001 වසරේ 16 දෙනෙකුද 2004 වසරේ 41 දෙනෙකු වශයෙන් ජනතා ප්‍රසාදයට ලක් වන්නේය.

එසේ වේගයෙන් ඉදිරියට එන පක්ෂයේ ගමන පිළිබඳව රනිල් වික්‍රමසිංහ පවසන්නේ අපට ඊළඟ තරගය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ බවකි.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය දෙන ජවිපෙ ඉන් අනතුරුව වමේ ව්‍යපාරයට ඉතා ලංවූ ශ්‍රී ල නි ප ය ප්‍රමුඛ වමේ සන්ධානයට පස්ස හරවා විපක්ෂයේ අසුන් ගත්තේය . පිරිහීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. රට පීලිබඳ වැඩි ලෙන්ගතු කමින් පැමිණි ජවිපෙ ඉන් අනතුරුව රටට ද්‍රෝහී පිලිවෙතට තල්ලු කරන ලද බලවේගය කුමක්ද?

අපගේ ප්‍රස්තුත කාරණාව ආරම්භ වන්නේ එතැනදීය . එදා ජවිපෙන් එලියට පැමිණි විමල් විරවංස කියූ ලෙසත් අද ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ දැන් කියන ලෙසත් එම පිලිපැනීමේ නියමුවා අනුර දිසානායකයි.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුල එදා විමල්ට පහර දෙන සැණින් රවී කරුණානායක හරහා සිරස නාලිකාව දැනගත් ආකාරය අද හොදින් පැහැදිලියි .ආසන 41ක් ලබාදී ඊළඟ පිම්මට ජනතාව සූදානම් කරන ලද පක්ෂය අනුර දිසානායක විසින් ඉතා නින්දිත ලෙස පවා දෙනු ලැබිය . එනම් රනිල් විකමසිංහ විසින් එදා ප්‍රකාශකළ අනතුර පහ කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකසන ලද බව මින් පැහැදිලිය. Cඓඇ සහ ර්‍ඇW ඔත්තුකරුවෙකු වූ අනුර දිසානායක ගේ භූමිකාවේ දිග පළල අද සිටින අයට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. මන්ද අසන 41 ලැබ ඉහල ස්ථානයක ජනතා ප්‍රසාදයක් දිනා සිටි ජවිපෙ අද අත් වී ඇති ඉරණම තුළින් මෙය විග්‍රහ කරගත හැක.
ජවිපෙ පදනම වී ඇත්තේ ශ්‍රී ල නි ප ප්‍රමුක වමේ සංදර්භය තුලය. එසේ නොවී අන්ත දක්‍ෂිනාකශික එජාප කදවුර තුල නොවේ. පක්ෂය රවටා රට රවටා හොර රහසේ අනුර දිසානායක ප්‍රමුඛ ද්‍රෝහී කල්ලිය ජවිපෙ අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රරමසිංහගේ දෙපතුලට පක්ෂය දක්කාගෙන යන ලද්දේ ඉතාමත් නිර්ලජ්ජිත ආකාරයටය.

එම වසල ක්‍රියාව සාධාරණිකරණය කිරීම සඳහා පක්‍ෂ සමාජිකයන්ට දෙසා වදාරන්නේ ඒවා සියල්ල උපක්‍රම බවය. සෑම විටම එයට දෙන පිළිතුර වන්නේ ධනේශ්වර ක්‍රමයට අර්බුධයට යවා ජනතාව අන්ත අසරණ කළ විට සියළු ජනයෝ අපත් පසු පස එනවා කියාය.
නමුත් සත්‍ය නම් ධනපති පන්තියේ ඔඩොක්කු කුක්කෙකු වූ අනුර දිසානායකත් ඔහුට බැලමෙහෙවර කරන ඊනිය විප්ලවවාදී නායක මහත්වරු කීපදෙනෙකු නැවත හැරීමට නොහැකි ලෙස උන්ගේ යටහත් සේවකයන් වී ඇති බවයි.

2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගත් පසු යුද්ධය ආරම්භ කරන ලෙස පස්පඩංගුවේ මහින්දට බැන වැදුනු ජවිපෙ යුද්ධය ආරම්භකොට සාර්ථක වෙමින් තිබියදී ආණ්ඩුව පෙරලීම සඳහා අයවැය පැරදවිමට චන්දය පාවිචිචි කළ අයුරු මතකයට නැගුවෙනම් එදා ජාතික විමුක්ති අරගලය තුලින් සමාජවාදය කියූ ජවිපෙ වැටි ඇති ඉරණම තේරුම් ගැනීමට අපහසු නොවේ.

ජාතිකවාදී පිලේ සිටි විමල් වීරවංස ඇතුළු කණඩායම පක්ෂය හැරයාමත් සමඟම ද්‍රෝහී අනුර කුමාර දිසානායකගේ පිලි ශක්තිමත් විය. උපතින්ම අමු කුහකයෙකු වූ ටිල්වින් විරවංස භීතිකාවෙන් පෙලීම නිසාම අනුරට සහය දක්වන්නට විය එදා මේවාට විරුද්ධව උවද ප්‍රජාතන්ත්‍රවාදය ඕනාවට වඩා දීම හා පක්ශය තුල නායකත්වයේ බල වපසරිය පාවිච්චි නොකල සෝමවංශට පක්ෂය මෙහෙය විය නොහැකි විය . රටින් පිට සිටියදී කළ දේ රට තුලට පැමිණි විට කල නොහැකි විය. ඔහුගේ දියාරු ස්වභාවය නිසා ද්‍රෝහී අනුර දිසානායක ඔහුගේ පාවාදීම ජයටම කරගන යාමට හැකිවිය . ප්‍රතිපලය වුයේ කුමක්ද? ඇමෙරිකාව ප්‍රමුඛ විජාතික පරයන්ගේ උවමනාව වූ මහින්ද පැරදවීම සඳහා 2010 සරත් ෆොන්සේකා පිල්ලියට කඩේ යාමට අනුර දිසානායක පක්ෂය මෙහෙය විය. 
යුද්ධය දිනා දුන් නායකයාට එදා එරෙහි වූ අනුර දිසානායක ද්‍රෝහීයා 2015 දී එරෙහි වීම අරුමයක්ද?

රනිල් වික්‍රමසිංහගේ තාලයට පාද තබන නිසාම කට වාචාල ද්‍රෝහී අනුර දිසානායක පරණ තැටියටම වාදනය කරමින් පක්ෂයේ සාමාජිකත්වය රවටන්නේය. එළුවාගේ ලබ්බ වැටෙනා තෙක් ගමන් කල නරි ලෙස පක්ෂ සමාජිකත්වයද වසර 50 කට අසන්න කාලයක් කට ඇරගෙන පස්සෙන් යන්නේ ස්වර්ගය පහල වන තෙක්ය.

විශ්ව විද්‍යාලයේ තරුණයන්ට දෙසන්නේ උපාධිය අරගෙන කුමටද? අපගේ පාලනයකදී ඔය ධනපති අධ්‍යාපනය අවශ්‍ය නොවනා බවත් මුළු කාලයම කැප කොට සමාජවාදය දිනා ගන්නට කටයුතු කරනා ලෙසත්ය. ඒ ඒ පසු පස ගොස් ජීවිතය කාලකන්නි කරගන්නා ලද පිරිස කොපමණද?

එසේ මුත් නායකයන්ගේ ළමා ළපටින්ට ඉතා හොඳ අධ්‍යාපනයක් DS , විශාකා ආදී පාසල් වල ලබාදෙන අතර පෙර සඳහන් කල සුත්‍රය ඒ අදාළ වන්නේ නැත. එය සෝමවංසගේ පුතාටද අදාල නැත. දැඩි හීනමානයකින් පෙලෙන අමු දුෂ්ටයෙකු වූ දිසානායක තෙමේ වෛරයෙන් හළ හල විෂ සහිතව දැන් පිස්සුවෙන් මෙන් කියවන්නේ හරියට අපි 2015 ජනවාරි 08 වෙනිදා ආණ්ඩු පෙරලා ජනපතිවරු ඉවත්කොට මජර ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් හා ආණ්ඩුවෙන් පත් කළ අයුරිනි.

මේ වන නැස්පත්තිය අප දන්නා සියළු ආකාර වලින් එදා කියද්දී අමු හෙළුවෙන් රනිල්ට කඩේ ගිය අනුර දිසානායක නම් නිචයා දැන් අපට කියන්නේ මේ සියළුම දෑ අප විසින් කරණ ලද වැරදි ආකාරයටය. ජනතාව රවටමින් ඉතා පහත් ආකාරයට හැසිරෙන මේ මිනිසා පෙනෙන්නට හදන්නේ මාක්ස්වාදී ඔස්තාර් කෙනෙක් ලෙසය.

එනමුත් අපට පෙනුනදේ එනම් මේ අවුල් හවුල රට වනසන බව අප කියද්දී අනුර දිසානායක ආණ්ඩු පෙරලා කැබිනට් මණ්ඩලයටත් උඩින් ජාතික විධායක සභාව අටවා එහි විධායක සභිකයෙකු ලෙස අසුන්ගන්නේය. මන්ත්‍රීවරුන්ට අචාර ධර්ම පද්ධතියක්ද හද්න්නේය. දැන් පාරට පැන මජර ආණ්ඩු යැයි කියමින් සිඟිති ආතල් දෙන්නේය. අනුර දිසානායක නම් කෂඩයා දේශපාලන වශයෙන් පාහරයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය හා එකී නොකී දෑ ගිරිය පලාගෙන කෑ ගැසූ ඔහුගේ සීතාම්බර පට සළුව තුලින් පෙනෙන්නේ අමු නිරුවතය . දැන් ද්‍රෝහී අනුර දිසානායක දේශපාලන නිගණ්ටයෙකි.

 

4 Responses to “අනුර කුමාරගේ ජේ වී පී ය”

  1. Ancient Sinhalaya Says:

    Traitor jaathidhrohee vermins’ party is led by church acolyte lapaya. Is there any wonder then the traitor lapaya
    is going to bed with the traitor chief die hard catholic token Buddhist Bay gal karaya mega thief mega thakkadiya
    Batalande Wadakaya pol pot r@nil wickrama Sinhala killer? Just one look at the pic above tells the story how the
    buddies are happy to be together. Sinhala modayas where are your brains?

    Sinhala modayas easily duped by these church acolytes.
    Jaathi dhrohee lapaya will do any thing to please his catholic buddy Batalande Wadakaya. One word of advice:
    Don’t try to pick up any money if you see on the floor in front of Batalande Wadakaya. Sinhala modayas when
    you going to learn? When you going to understand?

  2. Ancient Sinhalaya Says:

    Lapaya’s buddies handi work is shown just below the pic of two pals smiling ear to ear. Another buddy in the pic.
    xxxxharin fdo. Lapaya’s guys were burnt in tyres, headless corps in rivers, eyes gorged out while alive by the
    catholic run UNPatriotic party with top catholic police brass like ronnie, melvyn, douglas, ernest supported by top
    catholic deshapaluwans like john mara, festus the pest, Batalande Wadakaya. But catholic buddy barrel man
    hitler mala paharan’s catholic tigers of tamil drealam were given half the country by the UNPatriotics.

    Total Sinhalese cull by the catholic tigers: 100,000+
    Total Sinhalese cull by the catholic run UNPatriotic party during BHEESHANA SAMAYA 60,000+
    Traitors thinking we got rid of 160,000+. Not bad! We’ve been trying again with Batalande Wadakaya in charge. But
    no spark to start murdering Sinhalese again. Maybe try to divide the country will give us a chance. Come on Sinhala
    modayas do something! We can’t wait forever!

  3. Ancient Sinhalaya Says:

    Shame on you lapaya! But I’m helpless, I can’t be a traitor to my buddy traitor chief die hard catholic token
    Buddhist Mega Thief Mega Thakkadiya Bay Gal Karaya Batalande Wadakaya pol pot r@nil wickrama Sinhala
    killer.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  4. NAK Says:

    Look at the pathetic picture of Wijeweera. Wearing a beret with a star he is hallucinating that he is Che Guevara’s reincarnation as if we needed a Cuban like revolution. The pathetic coward sacrificed the lives of thousands of young brave of the country while protecting his own.

    Anura Dissanayake is a shameless traitor no doubt but what about the others around him? Aren’t they the worse cowards than Anura.
    The tragedy here is that there still idiotic imbecile’s who believe this traitor though they are becoming less and less in numbers.
    Does any one believe the JVP is a socialist movement anymore? Look where Somawansa ranaway,France! Lionel Bopage, Australia! and Sunanda Deshapriya, Switzerland!!

    Some socialists they are!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress