තනි අතට බලය ගන්න මෛත්‍රිට රනිල්ට දැඩි බලපෑම්
Posted on December 23rd, 2017

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු  උපුටාගැණීම  මව්බිම

පළාත් පාලන මැතිවරණයට පසු තනි ආණ්ඩුවක් හදන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් එම පක්ෂ දෙකේ අභ්‍යන්තරයෙන් බලපෑම් එල්ල වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පවසා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසි වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගයද ලබාගෙන 2020 ප්‍රධාන මැතිවරණවලට ශක්තිමත්ව මුහුණ දීමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙක් ඉරිදා “මව්බිම”ට පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිෂන් වාර්තාව ලබන 30 වැනිදා ජනාධිපතිවරයාට භාරදීමත් සමඟ එමඟින් උපරිම වාසියක් ලබාගෙන එම තනි ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේද සහයෝගය ලබාගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩු ගිවිසුම දීර්ඝ නොකර එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් සෑදීම සඳහා මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව එම පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉරිදා “මව්බිම”ට කීවේය.

පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළහොත් රටේ ජනමතය අනුව මේ තනි ආණ්ඩුව සෑදීම පහසු වනු ඇති බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර 106ක් තිබෙන එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා තව අවශ්‍යව ඇත්තේ මන්ත්‍රි ධුර 7ක් පමණක් බවත් එම සංඛ්‍යාවටත් වඩා වැඩි පිරිසක් ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා විවිධ පක්ෂවලින් කැමැත්තෙන් සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ එම ප්‍රබල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අලුතින් ගොඩනැඟෙමින් තිබෙන මේ දේශපාලන ප්‍රවණතාව හමුවේ ලබන වසරේ රටේ දේශපාලන බල තුලනයේ වෙනස්කම් රාශියක් සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.

One Response to “තනි අතට බලය ගන්න මෛත්‍රිට රනිල්ට දැඩි බලපෑම්”

  1. Ananda-USA Says:

    The upcoming Local Government Elections in February, 2018, will indeed serve as a Janamatha Vicharanaya or REFERENDUM on Public Opinion. It is of ENORMOUS SIGNIFICANCE to our country for the reasons I give below.

    If the Sri Lanka Podujana Peramuna (SLPP) demonstrates overwhelming strength at this Election, it will encourage the President Maithripala Sirisena and his SLFP faction to JETTISON the UNP now and join the SLPP to face the UNP as a formidable RECONSTITUTED SLFP inat the GEneral Election in 2020.

    In that case, as the Governing Party, the recombined SLPP-SLFP will be sure to win in 2020, ushering in a STABLE GOVERNMENT that will be able to PRESERVE the interests of the Patriotic Sinhala Buddhist Forces of our Motherland.

    If the Podujana Peramuna (SLPP) fails to achieve an overwhelming majority in February, 2018 Maithreepala Sirisena may decide to keep the SLFP-UNP coalition going until the Presidential Election in 2020 for his personal survival in the hope that UNP mis-steps and various commissions appointed by him to probe UNP misdeeds will weaken the UNP sufficiently at the hustings in 2020 for the SLFP to maintain its hold on the Parliament in 2020, and the Presidency in 2021.

    In the latter case, the UNP will use the remaining 2.5 years until the General Election in 2020 to weaken the Presidency and the SLPP. In particular, it will do its UTMOST to introduce a NEW CONSTITUTION that GUTS Sri Lanka’s Sovereignty imposing a Federal System of Government on a PROSTRATE Sri Lanka, SELL to foreigners and/or PRIVATIZE as many STATE INSTITUTIONS and ASSETS as possible, implement the ETCA agreement with India, stock its Party coffers with STOLEN STATE FUNDS and STASH as much money ABROAD for its leaders to serve as GOLDEN PARACHUTES for the INEVITABLE and possibly VERY VIOLENT fall of the UNP government, and put as many as possible of its political opponents in prison to weaken and destroy the opposition.

    In a NUTSHELL, the STAKE in this Election is ENORMOUS: an OVERWHELMING VICTORY for the Podujana Peramuna (SLPP) in the Local Government Election in February, 2018 is ESSENTIAL and CRITICAL to OUST the current Yamapalanaya EARLY to PRESERVE PEACE, SECURITY and GOOD HEALTH of our country until 2020 and BEYOND!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress