ශ්‍රී ලංකාව සහ කුරුමිණීයා
Posted on December 23rd, 2017

දේශාල් පණ්ඩිතගේ විසිනි.

ශ්රී ලංකාවේ අපනයන ආදායම් 2014න් පසුව ඇද වැටෙමින් පවතී. 2014 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 11.12ක් වූ අපනයන ආදායම 2016 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 10.31 දක්වා 7.3% අගයකින් පහත වැටී ඇත . දළ වශයෙන්, අපි 2016 දී තේ වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.20 පමණ උපයාගෙන ඇත . එය මුලු අපනයන ආදායමින් 12% පමණ අගයක් ගනී. අතරින්, අපේ ඉහළම තේ ගැණුම්කරු වනුයේ ඉරානයයි; ඔවුන් 2016 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 154.1 තේ මිලදී ගෙන ඇත . දෙවනි විශාලතම තේ ගැනුම්කරු වනුයේ රුසියාවයි; රුසියාව 2016 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 143 තේ ශ්රී ලංකාවෙන් මිලදී ගෙන ඇත. 2016 දී රුසියාවට තේ අපනයනය කිරීමෙන් ලද ආදායම සමස්ත අපනයන ආදායමින් දළ වශයෙන් 1.4% අගයක් ගනී. මෙය සමස්තයක් ලෙස විශාල අගයකි. සමස්තයක් ලෙස අපේ අපනයන බිඳ වැටෙන වෙලාවක , තවත් ආදායම අඩු කරගැනීමට අපට උවමනා නැත .

අපේ තේ රුසියාව ප්රතික්ශේප කරන්නේ කුරුමිණියකු නිසාවෙනි; මෙය මීට පෙර කිසිදාක අප මුහුණ නුදුන් තත්ත්වයකි. නිසා ඇත්ත කුරුමිණීයා ඇත්තේ කොහේදැයි අප හඳුනා ගත යුතුව ඇත . රුසියාව තමන්ට මිතුරු නොවන යුරෝපීය රටවල කෘෂි නිශ්පාදන බොහෝමයක් තහනම් කිරීමට මේ කුරුමිණියා ප්රතිපත්තිය පාවිච්චි කර ඇත . ලංකාව වැනි රටකට රුසියාවට කුරුමිණියා දැමීමට පෙළඹීමට හේතුව පැහැදිලි කර ගත යුතුය . ලංකාව ඇමරිකාවේ පදයට නටන්නට පටන් ගන්නේ 2015 දී ; මේ කාලය රුසියාව සහ ඇමෙරිකාව අතර ප්රතිවිරුද්ධතා උපරිම වන කාලයකි. රුසියානු නිශ්පාදන මිලදී ගැනීම අවම කරන ලෙසට ඇමෙරිකාව සිය රූකඩ රාජ් වලට අණ දෙන්නේ කාලයේදී . ශ්රී ලංකාව 2016 දී රුසියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 81 භාණ් හෝ සේවාවන් මිළදී ගෙන තිබේ; නමුත් ඉන් බොහොමයක් රටට ඇතුලු වීම නවතා දැමීමට කිසිදු ඉඩක් නැත . නැවැත්විය හැකි එකම දේ නම් ඇස්බස්ටෝස් පමණෙකි.

ශ්රී ලංකාව කළාක් මෙන් අනෙකුත් රූකඩ රාජ් ඇස්බැටෝස් සහ පිළිකාව යා කරමින් රුසියාවෙන් ඇස්බැටෝස් මිළදී ගැනීම නවත්වන්නට ඇත ; රුසියාව විසින් පැහැදිලිවම තමන් සතුරු විදේශ ප්රතිපත්තිය ඇති රාජ් හඳුනා ගන්නට මේ ක්රියා කලාපය භාවිතා කරන්නට ඇත .

ඇත්තෙන්ම ලංකාව රුසියාවෙන් 2016 දී මිලදී ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 50,000 ක් පමණ වන ඇස්බැස්ටෝස් පමණි; මෙය නැවැත්වීම රුසියානු ආර්ථිකයට දැනෙන්නේවත් නැත ; ඇස්බැස්ටෝස් යනු හුදෙක් රුසියාවෙන් ලංකාව ආනයනය කළ දේ වලින් 0.06% අගයක් පමණි. මේ මෝඩ ප්රතිපත්ති තීරණ ඇමෙරිකාවේ පදයට ගන්නා අපේ ආණ්ඩුවට අමතක වූ දෙයක් ඇත ; රුසියාව සමග අපේ වෙළඳ ශේෂය ලංකාවට අතිශ්යයින් වාසි එකක් බවයි. රුසියවට අපේ අපනයන අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 282ක් වන විට රුසියාව අපට විකුණා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 81ක් භණ් සහ සේවා පමණි. නමුත් අපේ වැරදි තීරණ නිසා අපි අද ඇමෙරිකානු ඩොලර් මිලියන 143 තේ වෙළඳපොළ අහිමි කරගෙන ඇත .

රුසියාව මේ ගත් තීරණය අපේ රටේ සමස්ත තේ කර්මාන්තයටම බළපායි. තේ කර්මාන්තයෙන් යැපෙන ලක් ගණනකට ජීවිකාව අහිමි විය හැකිය . මේ කුරුමිණියා හරියට ඉන්න තැන සොයා ගත යුත්තේ මේ තත්ත්වය යටතේය . කුරුමිණියා සිටින්නේ යහපාලන අදූරද්ර්ශී විදේශ ප්රතිපත්තියේ ; අන්න කුරුමිණීයා ඉවත් කරන තුරු මෙවන් දේවල් අපට තව තවත් අසන්නට සහ දකින්නට සිදු වනු ඇත .

 

2 Responses to “ශ්‍රී ලංකාව සහ කුරුමිණීයා”

  1. Christie Says:

    කුරුප්පු කුරුමිනියට තව පැත්තක් ඇත.

    මුන් වැඩිපුරම ඉන්නේ ඉන්දියාවේය. අපේ රටේ බොහොම කලාතුරකිනි.

    අපේ රටේ තේ කරුමාන්තය ඉන්දියානු පරපෝසිතයන් සතුය.

    අපේ තේ රුසියානුවන්ගේ ඉන්දියානු තේ ගැනීම අඩුකලේය.

    අපිට රුසියානු ඇස්බෙස්ටොස් වැඩියම ගේන්නේ මැස්කොන්, රයිනෝ වැනි ඉන්දියානු පරපෝසිතයන්ය.

    තේ කරුමාන්තයේ වැඩකරන උන්ට කොහොමත් පඩි ලැබෙන්නේය.

    මෙයින් පහර වදින්නේ සින්හලයාටය.

    ඉන්දියාවත් පරපෝසිතයනුත් අපිට කෙලින තවත් වැඩක් වගේ.

    කුරුමිය රින්ගුවත් බටහිර පලිද?

  2. Senerath Says:

    “ලංකාව ඇමරිකාවේ පදයට නටන්නට පටන් ගන්නේ 2015 දී ය”
    Not true. We had our leading heads of governement admin and controlling miniters with US citizenship who have pledged to loyal to USA since 2005. There is nothing wron in it as long as they can help us build a good relation ship ( not fake like now) similar to US israel relationship. If not we must try another super power.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress