මහින්ද නිසා රට ණය වුණා ද? මෙන්න ආණ්ඩුවේම වාර්තා වලින් ඇත්ත.
Posted on January 9th, 2018

[1]. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ රට ණය වුණ බවත් එනිසා එජාපයට සිදුවුණේ ණය ගෙවීම බවත් ආණ්ඩුවෙන් නිතර පවසන දෙයකි. මෙහි ඇත්ත නැත්ත පිළිබඳව ආණ්ඩුවේම මූලාශ්‍ර වලින් එනම් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඇසුරෙන් සහ එජාප අමාත්‍ය රුවන් විජයවර්ධන පවුලට අයත් Financial Times” වෙතින් බලමු.


[මූලාශ්‍රය: Central Bank Annual Report – Special Statistical Appendix – 3.Fiscal Sector – Government Debt]


[මූලාශ්‍රය: Daily FT – 2017/10/11]

(i). ඉහත දැක්වෙන ආණ්ඩුවේම දත්ත අනුව,
2014 දෙසැම්බර් වෙද්දී ශ්‍රී ලංකා රජයේ සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7391 කි.
2015 දෙසැම්බර් වෙද්දී ශ්‍රී ලංකා රජයේ සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8503 කි.
2016 දෙසැම්බර් වෙද්දී ශ්‍රී ලංකා රජයේ සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9387 කි.
2017 ජූලි වෙද්දී ශ්‍රී ලංකා රජයේ සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 10163 කි.

(ii). එනම් 2014 සිට 2017 ජූලි දක්වා එජාප ආණ්ඩු කාලයේදී රාජ්‍ය ණය රුපියල් බිලියන 2772 කින් වැඩි වී තිබේ.

(iii). මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදී ගත්ත ණය වත්මන් එජාප ආණ්ඩුවෙන් බේරුවානම් රටේ රාජ්‍ය ණය ප්‍රමාණය අඩු විය යුතුය. නමුත් සිදුවී ඇත්තේ වැඩි වීමකි. ඒ අනුව ආණ්ඩුවේ ණය බේරීම ගැන තීරණය කිරීම ඔබට බාරයි.

[2]. ආණ්ඩුවට තාමත් සහය දෙන අයෙකුගේ හෘද සාක්ෂිය දැන් මෙසේ කියනු ඇත. හරි අපි පිළිගන්නවා අපේ ඡන්ද ගන්න යහපාලකයින් පොරොන්දු වුණ විදිහට මේ ආණ්ඩුවෙන් ණය බේරලා නෑ. තව තවත් ණය ගත්ත එකයි වුණේ. ඒත් මහින්දගෙ කාලෙදිත් ණය වැඩි වුණා නේද? ඒ ගැන මොකද කියන්නේ?”

(i). ඕනෑම රජයකින් ලබා ගන්නා ණය වලින් රටට මොකද වුණේ කියල බැලීමේ ලොව පිළිගත් අන්තර්ජාතික ක්‍රමය වන්නේ රටේ ණය ප්‍රමාණය එරට දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බැලීමයි. (debt-to-GDP ratio). එය උදාහරණයකින් කිවහොත් මිනිහෙක් රුපියල් 30,000ක් පඩි ගන්න කාලෙ ලක්ෂ 5 ක ණයක් ගැනීම සහ රුපියල් ලක්ෂ 2 ක් පඩි ගන්න කාලෙ ලක්ෂ 6 ක ණයක් ගැනීම වගේ. බැලූ බැල්මට ලක්ෂ 6 වැඩි උනාට ඒක ආපසු ගෙවීමේ හැකියාව වැඩියි තිස්දාහෙ පඩි ගන්න කාලෙ ගත්ත ලක්ෂ 5 වඩා. ඒ නිසා රටක් විදිහට ගත්තමත් ණය ආපසු ගෙවීමේ හැකියාවට සංසන්දනය වෙන්නෙ දළ දේශීය නිෂ්පාදිතට.

(ii). මේ ගැන ඔබට මහ බැංකු වාර්තාවෙන් ගණනය කළ හැකි වුවත් ඊටත් වඩා පහසුවෙන් ලොව පිළිගත් අන්තර්ජාතික ආර්ථික ප්‍රකාශන වෙබ් අඩවියක් වන tradingeconomics.com හි ඇති Sri Lanka Government Debt to GDP” වගුව බලමු.

(iii). එහි 2009 වසරේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉහළ ගොස් ඇත්තේ විදේශ වලින් ලබා ගන්නා ණය වැඩි ප්‍රමාණයක් වැය වූයේ යුද්ධයට නිසයි. එනමුත් මානුෂික මෙහෙයුමෙන් පසුව මහින්ද යුගයේදී ණය ගත්ත ද රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩු වූ ආකාරය ඔබට දැක ගත හැකි ය. එය වඩාත් හොඳින් බැලීමට එහි සම්පූර්ණ දත්ත අඩංගු වගුව බලමු.

(iv). හොඳින් බලන්න, එජාප සාම ගිවිසුම තිබුණ කාලයටත් වඩා මහින්ද රාජපක්ෂ මැතිතුමා ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය සමග සටන් කරමින් රටේ ණය බර අඩු කර ගත්ත ආකාරය. එහෙත් 2015 සිට රටේ ණය බර නැවතත් ඉහළ යයි.

(v). මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ රජයෙන් ලබා ගත් ණය වලින් අධිවේගී මාර්ග, පරිගණක විද්‍යාගාර, වරාය, ගුවන්තො‍ටුපොළ, ජලාශ, විදුලි බලාගාර, නිවාස ආදිය ඉදි කරමින් ශ්‍රී ලංකාවට ආර්ථික වටිනාකමක් එකතු විය. නමුත් වත්මන් ආණ්ඩුව මහ බැංකු නිකුත් කරමින් ගිණි පොළියට ගන්නා ණය වලින් ඔවුන්ට මිස රටට කරන දෙයක් නොමැත. ඉතින් ණය ප්‍රමාණය ඉහළ යනවාටත් අමතරව, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසත් ණය ඉහළ යයි.

මහින්ද නිසා රට ණය වුණා කියන අයට ඇත්තටම රට ණය වුණේ කුමන කාලවලදීදැයි මේ ලිපියේ අති මූලාශ්‍ර පෙන්වා පැහැදිළි කර දෙන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress