පළාත් පාලන මැතිවරණයේ ඉදිරි මග කුමක්ද?
Posted on January 22nd, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ජනතාව ඉදිරියේ මැතිවරණයක් ඇත. මේ මැතිවරණයේ තීරණාත්මක සාධකය විය යුත්තේ චන්දය පාවිච්චි කරනු ලබන ජනතාවය. නමුත් සැබෑ ලෙසම තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ, ජනතාව පමණක් නොවන බව දැන් දැන් සිදුවෙමින් පවතින සංසිද්ධීන් විසින් මනාවට පෙන්වා දෙමින් තිබේ. අප විසින් සිදු කලයුත්තේ, මේ මැතිවරණ ක්‍රියාවලියෙන් පරිබාහිරව සිදුවිය හැකි ක්‍රියාකාරකම් මොනවාදැයි දැන හැදිනගෙන ඒවා සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමයි.

ඇත්තටම මේ මැතිවරණ සටන ඇත්තතේ විදේශීය බලවේගයන් හා ස්වදේශීය දේශප්‍රේමී ජනතාව අතරය. විදේශීය බලවේගයන්.

1. බටහිර අධිරාජ්‍යවාදී බලවේග
2. ඉන්දීය බලවේග වශයෙන්,
කණ්ඩායම් දෙකක් ලෙස පෙනී සිටින අතර, මේ කණ්ඩායම් දෙක ඛණ්ඩනයවිම හා විඛණ්ඩනයවීම රදා පවතින්නේ පරිබාහිර දේශපාලන වටපිටාවට අනුවය.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සෘජුවම බටහිර අධිරාජ්‍යවාදීන් සමග කටයුතු කරන අතර චන්ද්‍රිකා කුමාරතුන්ගයන්ද ඒ පිල සමග සෘජුවම සිටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඒ මාර්ගයේ ගමන් කරවීමට වෙරවිරිය දමමින් සිටි.

බටහිරයන් සමග සෘජුව සිට ගැනීමේ අපහසුවක්ද ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට සිටගෙන සිටින්නේ ඉන්දීය බලවේගයන් විසින් මෙහෙයවන කදවුරේය. එය පවතින තත්වයන් විසින් නිර්මාණය කර ඇති අතර මේ නිර්මාණිත තත්වය විසින් ජනාධිපතිතුමාව අධිමානසික පීඩනයකට ලක්කර ඇත. මේ පීඩනය එතුමාව මනාව විකෘතිකරණයකට භාජනය කර ඇති බැවින් මේ අවස්ථාවේදී, රාජ්‍ය නායකයකුගේ මුවින් පිට නොවිය යුතු වදන්ද පිටවීම ආරම්භව ඇත. මෙය රටටත් රාජ්‍ය නායකයාටත්, ජනතාවටත් එතරම් හිත කර තත්වයක් නොවේ. ඒ අපේ පැත්තෙන් අප දකින විට ඇතිවන නිගමනයයි. නමුත් විදේශීය බලවේගයන්ට ජාතික වශයෙන්, රනිල්ට සිදුවෙන හානියවත්, මෛත්‍රීපාලට ජාතික වශයෙන් සිදුවෙන හානියවත් එතරම් වැදගත් කාර්යයක් නොවේ. ඔවුනගේ අවශ්‍යතාවය මේ දෙදෙනා ලවා මේ ලැබී තිබෙන කාලය තුලදී උපරිමයෙන් උරාගැනීමය.

මේ වනවිට මෙරට ජාතික ධනස්කන්දයෙන් විශාල ප්‍රමාණයක් ක්‍රමවේදයන් ගණනාවකින්ම රනිල් ප්‍රමුඛ රජය විසින් බටහිර බලවේගයන්ට ප්‍රධානය කර තිබුනද, ඔවුන් එයින් සෑහීමකට පත්ව නැත. මෙයද බරපතල ජාතික උවදුරක් බවට පත්ව තිබේ. බටහිරට දුන් කුට්ටිය සම්බන්ධව දන්නා ඉන්දීය බල කදවුර මේ වනවිටත් රනිල්ගෙන් වියෝවී. රනිල්ට එරෙහිව මෛත්රිපාලව පන ගන්වමින් මහා මෙහෙයුමක් රට තුල සිදුකරමින් සිටි. මෙවන් තත්වයක් යටතේ පවත්වනු ලබන මේ පළාත් පාලන මැතිවරණය ඉතාමත් තීරණාත්මකය.

බටහිර බලවේගයන්ගේ හා ඉන්දීය බලවේගයන්ගේ පොදු සතුරා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ වන බැවින්, මේ කණ්ඩායම් දෙකම මහින්ද රාජපක්ෂයන්ට එරෙහිව කොන්දේසි විරහිතව නැගී සිටි. එය සත්‍යකි. පවතින තත්වයන්ට අනුකුලව රටපුරාම ඇත්තේ රජයට එරෙහිවූ ජනතා ගිනි දැල් මාලාවකි. එබැවින් සැබෑ සාධාරණ චන්දයක් හමුවේ පවතින රජයට උරුම වන්නේ,අන්ත පරාජයකි. නමුත් විදේශීය බලවේගයන් මේ පරාජයන් දේශ බලන ආකාරය සම්බන්ධව අපට තවම පැහැදිලි දැක්මක් නැත. මෙය නිකම්ම නිකම් පළාත් පාලන මැතිවරණයක් ලෙස ගණනය කොට නොසලකා හැරියොත් ඇතිවන ප්‍රතිපලයට වඩා වෙනස් ප්‍රතිපලයක් ලැබෙන්නේ ඔවුන් මෙයද තීරණාත්මක මැතිවරණයක් සේ සලකා කටයුතු කිරීම ආරම්භ කලොත් පමණි.

විදේශීය බලවේගයන්ට පොහොට්ටුවේ ජයග්‍රහණය වැළැක්වීමට ඇති එකම මග වන්නේ, මැතිවරණයේ පිරිසිදු බාවයට හානිකර සාධාරණ මැතිවරණයක් තිබිය හැකි තත්වයන් විනාශ කිරීම තුලිනි. ඒ සදහා මේ වනවිට විදේශීය බලවේගයන් විසින් නිරන්තරයෙන්ම බාවිතා කරන මෙරට වෘත්තීය සමිති බලමුළු සුදානම් කරමින් පවතින බවක් අපි දකිමු. රජය සහා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සන්ධානගතව මහා වැඩ වර්ජනයක් ආරම්භ කර විදුලුබල මණ්ඩලයද එයට අනුයුක්ත කරගෙන මේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙමින් තිබෙන බවක් සිතේ දරාගෙන මේ මැතිවරණ සටන මෙහෙයවන් පොහොට්ටුවේ කණ්ඩායම සිය කටයුතු ඉදිරියට මෙහෙයවන්නේ නම් ඉතා හොද ප්‍රතිපල උදාකර ගත හැකිය. එළබෙන පෙබරවාරි මස 7 වෙනිදා විදුලිබල මණ්ඩලය කුමන රැගුමකට සුදානම් වන්නේදැයි අවදියෙන් සිටින්න. විදුලි බලය රහිත චන්ද මධ්‍යස්ථාන නිර්මාණය කිරීමට ඉඩ නොතබන්න.

One Response to “පළාත් පාලන මැතිවරණයේ ඉදිරි මග කුමක්ද?”

  1. Senerath Says:

    UNP has actually gone against

    1. බටහිර අධිරාජ්‍යවාදී බලවේග
    2. ඉන්දීය බලවේග

    as we can clearly by leasing of Hambantota harbour for 99 years to China.

    What I am worried in while UNP is with the ‘China බලවේග’ , another one is with the ‘ඉන්දීය බලවේග’ ( underground) but telling people UNP with the ඉන්දීය බලවේග . People and writers have to be careful not to indulge in personal desires lking politicians.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress