ජනාධිපති කියූ ටි‍්‍රලියන 10 ණය කතාව සම්පූර්ණ බොරු.. ඇත්ත සංඛ්‍යාලේඛණ මෙන්න..
Posted on January 30th, 2018

– චාමින්ද කරුණාරත්න lanka C news

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය ණය සම්බන්ධයෙන් පසුගිය සතියේ මාධ්‍ය අමතා කල ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දෙයි.

දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදය විසින් කැඳවා තිබු ප්‍රවෘති සාකච්ඡවකදි ඒ මහතා මෙය පැහැදිලි කලේය.

‘පසුගිය රජය රුපියල් ට්‍රිලියන 10 ක ණය ලබා ගෙන ඇති බවත් ඉන් පොත්වල සඳහන් කර ඇත්තේ ට්‍රිලියන 1 ක් පමනක් බවත් ට්‍රිලියන 9 ක් අවභාවිතා වී ඇති බවත් පසුගියදා රාජ්‍ය නායකයා කීවායැයි මට අදහා ගන්නවත් බැහැ. මොකද එය සම්පුර්ණයෙන්ම පදනම් විරහිත ප්‍රකාශයක්..

ට්‍රිලියනයක් කියන්නේ කෝටි ලක්ෂයක්. 2014 සමස්ථ රාජ්‍ය ආදායමත් රුපියල් ට්‍රිලියනයක්. එහෙමනම් එමෙන් 9 ගුනයක් අවභාවිතා කරන්නා එසේ මෙසේ විශ්වකර්මයෙක් වෙන්න බැහැ.

ජනාධිපතිතුමත් අගමැතිතුමත් දෙදෙනාම කතා කරනව පොත්වල සඳහන් නැති ණය ගැන. පොත්වල සඳහන් නැති ණය තිබෙනවාන්ම් ඒ ගැන කවුරුවත් කලබල විය යුතු නැහැ. නිසි පරිදි ලිපි ලේඛණ සකස් නොකර එවැනි සුවිශාල ණයක් කවුරු හෝ දුන්නානම් ඒ ආපසු ගැනීමේ කිසිදු බලාපොරොත්තුවකින් විය නොහැක. ඇත්තෙන්ම කියනවානම් මේවා විහිලු කතා.

2014 අවසන් වන විට රටේ සමස්ථ රාජ්‍ය ණය බර රුපියල් බිලියන 7400 ක් වූන. ඒඅතර මහින්ද රාජපක්ෂ යුගයෙ ගත් ණය වඩිවීම රුපියල් බිලියන 5200 ක්.

කෙනෙක් ණයක් ගන්න කොට බැංකුවක් වුනත් බලන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාවයි. මහින්ද රාජපක්ෂ යුගයේ රාජ්‍ය ණය රටේ ආර්ථිකයට සාපෙක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහතට එමින් තිබුනා. 2005 දී දල ජාතික නිශ්පාදනයෙන් 90.6% පමන වූ රාජ්‍ය නය 2014 වන විට 70.8 % ට අඩුවෙලා තිබුනා.

නමුත් එදාට වඩා වේගයකින් වත්මන් රජය ණය ගනිමින් ඉන්නවා.

2017 දෙසැම්බර් වන විට රාජ්‍ය ණය බර රුපියල් බිලියන 10,400 ඉක්මවන බව අපට අනුමාන කල හැකියි. ඉන් රුපියල් බිලියන 3000 ක්ම එක්කොට තිබෙන්නේ වර්ථමාන රජයයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වසර 9කදි ගත්ත ණය වගේ 60% ටත් වැඩිය මේ අය අවුරුදු තුනකදී ඇරගෙන. හැබයි බෝක්කුවක්වත් හදලා නැහැ.

මෙහෙම තව අවුරුදු දෙකක් ගියොත් ආයි ගොඩ එන්න බැරි ණය උගුලක මේ අය අපිව පටලවනවා”

 

One Response to “ජනාධිපති කියූ ටි‍්‍රලියන 10 ණය කතාව සම්පූර්ණ බොරු.. ඇත්ත සංඛ්‍යාලේඛණ මෙන්න..”

  1. ranjit Says:

    These two Oscar winning actors Sira-Ranil telling lies continuesly for three years and still there are stupids who believes in them and go after them like fools. What a pity situation. I haven’t heard so much lies in my whole life. What they utter in public stage unbelievable. What kind of leaders are they. Those two are bad example for the young generation because of their slang language and their comedy behaviour. We need to act soon to remove them from politics. Sri Lanka has become worse than Yemen, Libia and North Korea. Lies,lies,lies until the whole country was sold out by these day to day actors Sira-Ranil.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress