භික්ෂූන් වහන්සේට පහරදුන් ඌව මහ ඇමති සම්බන්ධව නීතිය වහා කි‍්‍රයාත්මක නොකරන්නේද?
Posted on February 9th, 2018

පූජ් වකමුල්ලේ උදිත හිමි ලේකම්  ජාතික භික්ෂු පෙරමුණ

ගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

භික්ෂූන් වහන්සේට පහරදුන් ඌව මහ ඇමති සම්බන්ධව නීතිය වහා කි‍්‍රයාත්මක නොකරන්නේද?

රැුකියා විරහිත උපාධිධාරීන්ට රැුකියා ලබාදෙන ලෙස, සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් ඌව පළාත් මහ ඇමතිතුමන් මුණගැසීමට ගිය කණ්ඩායමේ සිටි තැන්නේ ඥානානන්ද ස්වාමීන් වන්සේට පහරදී සිදුකළ නින්දාසහගත කි‍්‍රයාව දැඩි පිළිකුළෙන් හෙළා දකින්නෙමු.

එම අවාසනාවන්ත සිදුවීම සම්බන්‍ධව දැනටමත් ඔබතුමන් පෞද්ගලිකව හා ජනමාධ්‍ය ඔස්සේත් දැනගෙන ඇතිබව අපි විශ්වාස කරන්නෙමු. ගුරුවරියක දණගස්වා රටම ආන්දෝලනයකට ලක්කරමින් හා ගුරු පරපුරටම නින්දා කළේද මෙම මහ ඇමතිවරයාමය. එකී කි‍්‍රයාව සම්බන්ධව පරීක්‍ෂණ කටයුතු සිදුකෙරෙන අතර තුරම, එහි උණුසුම මැකීයන්නටත් මත්තෙන් නීතියට හෝ යුක්තියට හෝ සදාචාරයට හෝ කිසිදු නතුවීමක් නැති චාමර සම්පත් දසනායක මහ ඇමතිවරයා මෙසේ ස්වාමීන් වහන්සේ නමකට පහරදී තවත් පාපතර කි‍්‍රයාවකට දායක වී ඇත. තමන් සුදුසු මහ ඇමතිකමට නොව මැරයෙකුගේ භූමිකාවට බව මේ ඇමැත්තා මෙයින් ඔප්පුකර ඇත. තවදුරටත් ඔබතුමාගේ යහපාලන ආණ්ඩුවේ පැවැත්මට හෝ යහපාලන සංකල්පයට හෝ මෙවන් මැර මහ ඇමතිවරු ආශිර්වාදයක්දැයි අපි ප‍්‍රශ්න කරන්නෙමු. ඔබ පාලනය යම පාලනයක් කරන්නේ මෙවැන්නන් නොවන්නේද?

දූෂිතයින්, අපරාධකාරයින්, මැරයින් නැති යහපාලනයක් ඔබ පාලනය නිමාවීමට මත්තෙන් ගොඩනගන බව නිතර උස් හඬින් රටට කියන ඔබතුමන් භික්‍ෂූන් වහන්සේ නමකට පහර දුන් මේ මහ ඇමතිවරයා සම්බන්ධයෙන් වහා කි‍්‍රයාත්මක කරන්නෙ කවර කි‍්‍රයාමාර්ගයක්ද? ඒ සම්බන්ධව අප ද ඇතුළු භික්‍ෂු සංවිධාන හා නීිතියට, සාධාරණත්වයට, යුක්තියට සහ යහපාලනයට කැමති මහජනයා ඇතුළු සැම බොහෝ අපේක්‍ෂාවෙන් පසුවෙති. 

සඟ සසුනට නිගාදෙමින්, පවට ලජ්ජා නැතිබව ඔප්පුකරමින් ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක නමැත්තා සිදුකළ කි‍්‍රයාව සම්බන්ධයෙන් වහා නීතිය හා විධානය ක‍්‍රියාවට නගන ලෙසත්, අපටත් රටටත් සෑහීමකට පත්විය හැකි කි‍්‍රයාමාර්ගයක් ඉතා කඩිනමින් ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටින්නෙමු. අඩු තරමින් ඔහුගේ සියලූ වගකීම් හා ධූරයන් තාවකාලිකව හෝ ඉවත්කර නීතිය වහා කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන ලෙසද අවධාරණයෙන් දන්වා සිටින්නෙමු. ඔබතුමා ගන්නා යුක්තිගරුක හා නීතිගරුක ඉක්මන් කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අප අවධානයෙන් පසුවන බවද කාරුණිකව දන්වා සිටින්නෙමු.  

ස්තූතියි.

පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි

ලේකම් 

ජාතික භික්‍ෂු පෙරමුණ

සම්බන්ධීකරණය – 077 6623674

පිටපත් :-

  1. අතිගරු මහානායක නාහිමිපාණන් වහන්සේලා සිව් නමකා.දැ.ගැ.
  2. පොලිස්පතිතුමානීතිය වහා කිරයාත්මක කිරීම පිණිස
  3. සභාපතිශී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවඅවශ් කිරයාමාර්ග සඳහා
  4. සියලූ ජනමාධ්

2 Responses to “භික්ෂූන් වහන්සේට පහරදුන් ඌව මහ ඇමති සම්බන්ධව නීතිය වහා කි‍්‍රයාත්මක නොකරන්නේද?”

  1. Ancient Sinhalaya Says:

    Dear monks

    Sorry! Please check the following links to find out why. By the way you won’t see these sort of articles in so called
    Buddhist (on paper) Sri Lanka where all the media is run by our henchmen. Read it and keep it a secret.

    Yours sincerely
    Traitor chief die hard catholic token Buddhist Walking Time Bomb Bay Gal Kaaraya Mega Thief Mega Thakkadiya
    Batalande Wadakaya Pol Pot r@nil wickrama Sinhala killer.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  2. Ancient Sinhalaya Says:

    See our catholic buddy barrel man hitler mala paharan was our man. We even sent our C guy defence secretary
    to see its C buddy tamil sellan in vanni with apples and grapes. You all forgotten how ‘hard’ we fought our
    C brethren. We sent every day soldiers home (in boxes) for a long time. People have short memories.
    We tried with his catholic tigers of tamil drealam to break up Sri Lanka along the religious lines. Unfortunately MR came and ruined our plan and I lost my C buddy. Now we and catholic west are trying to corner MR & co with our cat’s paw UNHCR. We robbed CB within month of getting in to power with my C brigade guys. Still we all got
    away without a scratch.

    See we burnt Buddhist jvpers in tyres, eyes gorged out while alive like Wijedasa Liyanaarachchi’s, headless
    corpses in rivers etc. etc. We got rid of 60,000+ Sinahlese! Catholic tigers of tamil drealam? They got rid of
    100,000+ Sinhalese for us. Not bad, is it Sinhala modayas? What’s more, one big lie they still vote for us. Even
    my C buddy P uke lapaya sleeps in my bed now. See we are very clever, you modayas don’t understand a thing!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress