මි ලගට සිදුකල යුත්තේ කුමක්ද?
Posted on February 15th, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මුළු මහත් රටත් ජාතියත් ඉදිරියේ, බොරු වපුරවමින් දුෂිත පාලනයක් පවත්වාගෙන යමින් සිටි වත්මන් රජය, මහජන බලපෑම මත, පළාත් පාලන මැතිවරණය, විකෘති ස්වරූපයක් ඊට aආරෝපණයකර, පවත්වන ලදී. පරජිතයින්ට වාසි වෙන, මේ අපුරු මැතිවරණ ක්‍රමයේ, ප්‍රතිපල, මේ වනවිට නිකුත්වී හමාරය. දුෂිත මැතිවරණ ක්‍රමවේදයක්, හා දුෂිත මැතිවරණ කොමිසමක් සමග කල මහා  සටනකින් පසුව, ජනතාව ජයග්‍රහණයක් ලබා ඇත. මේ ජයග්‍රහණයේ, වටිනාකමහි අගය අති විශාල වන අතර, එයට ජාතික වශයෙන් මහා බලගැන්වීමක් එක්කර ඇත. රටපුරාම බොරු වපුරවමින් ජනතාවගේ කාලය හා ධනය විනාශ කරමින් සිටි ජනාධිපතිවරයාට මුඛවාඩමක් දමා “පච කෙලින්නේ නැතිව පැත්තකට වෙලා හිටපන්” කියා ගොලුවෙකුගේ තත්වයට පත්කළ මේ මැතිවරණය තරම් අති විශිෂ්ඨ මැතිවරණයක් ලංකා ඉතිහාසය පුරා සරිසරුවද සොයාගත නොහැක. අපි කාලාන්තරයක් මුළුල්ලේ, ඉල්ලා සිටින; නිර්මාණය කලයුතු යයි, හඩ නගන; “අන්තර්ජාලීය පාර්ලිමේන්තුව” මහාජන සහභාගිත්වයෙන් මේ වනවිට ෆේස් බුක් එක හරහා නිර්මාණය වෙමින්, මේ මැතිවරණයේදී විශාල කාර්යභාරයක් සිදුකරන ලදී.

මැතිවරණය, ජයග්‍රහනයකින් කෙලවර වී තිබේ. මේ වනවිට මැතිවරණ ප්‍රතිපලය දෙස විවිධ කෝණ වලින් බලමින්, විවිධ මත පල කරමින්, මේ ජනතා ජයග්‍රහණයේ, ප්‍රභලත්වය හෑල්ලුවට ලක් කිරමට විවිධ පාර්ශවයන් පෙරමුණ ගෙන සිටින අතර, අපට අයත් කාර්යය වනුයේ මේ ජයග්‍රහණය ඉදිරියට මෙහෙයවන්නේ කෙසේද? මෙහෙයවිය යුත්තේ කෙසේද යන දෙකරුන සම්බන්ධ පැහැදිලි අරමුණක් කරා ලගාවීමයි. මෙරට ජනතාව, ජන මුලිකත්වයේ, පාලන වගකීම හා මාතෘ භුමියේ 70% බලය මහින්ද රාජපක්ෂයන් වෙත පවරාදී ඇත. මේ භුමියේ පාලනයයේ වගකීම දැන් ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේයි. නමුත් රටතුල මීටපෙර ස්ථාපිත කල රජයක්ද ඇත. මේ අනුව එකම රටක් තුල රාජ්‍යන් දෙකක් මේ වන විට නිර්මාණය වි ඇත.

1.මෙය සැබෑ ලෙසම නවතම ජාතික අර්බුදයක ආරම්භයක් වන අතරම,
2.මෙය නව යුගයක් බිහිකිරීමට ලැබී ඇති අනගි අවස්ථාවක්ද වේ.

මේ අනුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණට නිර්මාණිත නව ජාතික අර්බුදයට මුහුණ දෙමින්ම, නව සංවර්ධනය කරා රට මෙහෙය වන යුගයක් ආරම්භ කිරීමේ ක්‍රියාවලියට අත ගැසීමට සිදුව තිබේ. මේ නිර්මාණිත තත්වයන් තුල, පොදුජන පෙරමුණට ඉතා පැහැදිලි වශයෙන් පෙරමුණු බල ඇණි දෙකක නිර්මාණය කර සමාජය තුල ස්ථාපනය කිරීමට සිදුවේ. එය,

අ. දේශපාලන බල ඇණිය හා
ආ. පළාත් පාලන සංවර්ධන බල ඇණිය වශයෙනි.

දේශපාලන බල ඇණිය මෙතෙක් කල් සිදුකරගෙන ආ ආකාරයටම “මහින්ද සුළග ” නිර්මාණය කර ඉදිරියට ගෙන ආ කණ්ඩායම හා බද්ධව සිදුකල යුතු අතර,
පළාත් පාලන සංවර්ධන බල ඇණිය, බැසිල් රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ නවතම යාන්ත්‍රනයක් ගොඩ නැංවිය යුතුයයි යනු අපේ යෝජනාවයි. අනාගත ප්‍රතිගාමීත්වය විසින් අයි මේ කටයුත්තට බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂය යන නම් දෙක පමණක් යෝජනා කලේ යන පැනය අසන බව දන්නා මුත්; මේ වන විට මේ බිමේ නැති මේ යෝජිතය ගොඩනැංවීමට අන් කිසිවෙකුටත් වඩා සුදුසු කම් මේ දේපල විසින් පෙන්වාදී ඇති බැවින් මේ දෙපලට එහා ගිය චරිතයන් අපට මේ අවස්ථාවේදී සොයාගත නොහැක. එබැවින් මේ චරිත දෙක සම්බන්ධව අපි මදක් විමසා බැලිය යුතුය.

බැසිල් රාජපක්ෂ මහතා “උතුරු වසන්තය” තුලින් වසර 30ක් පුරා විනාශයම දුටු උතුරු පළාත යලි පණගැන්වූ පුද්ගලයා වන අතර, ඔහු ඒ පණ ගැන්වූ උතුරු පළාතේ ජනතාවගේ චන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතගේ රජය පලවා හැරමට ඉහළ තලයේ මෙහෙවරක් සිදු කරන ලද බව අපි දනිමු.

ගෝඨාභය රාජපක්ෂ මහතා  යුධ ජග්‍රහණයට දායක වුවෙක් පමණක් නොව ඉන්පසුව නාගරික් සංවර්ධන උදෙසා මහා මෙහෙවරක් කර කොලබ නගරය තුල ලොවට දැනෙන සංවර්ධනයක් සිදුකල අයෙකි. ඔහු විසින් පන ගැන්වූ ඒ නාගරික සංවර්ධනයෙන් පෝෂිතවූ කොලබ දිස්ත්‍රික්කයේ නාගරික ජනතාව එකාවන්ව නැගීසිට මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පලවා හැරීමට මහාදායක්ත්වයක් පිරිනමන ලදී.

දැන් මේ දෙදෙනාගේ සේවය මහින්ද රාජපක්ෂයන් අගයන මහින්ද රාජපක්ෂයන්ගේ සේවයේ අගය වටහාගත් ජනතාව ජීවත්වෙන පලාත්වලට ලබාදීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කළයුතුව තිබේ. මේ ලැබී ඇත්තේ ඒ සදහාවූ අනගි අවස්ථාවකි.

1.ඒ අනුව පොදු ජන පෙරමුණෙන් පළාත් පාලන ආයතන වලට  පත්වූ සියලුම නියෝජිතයින් කේන්ද්‍රගතකර දේශපාලන මධ්‍යස්ථානයක් ගොඩනැංවිය යුතුය. එම මධ්‍යස්ථානයේ සියලුම බලතල මේ දෙදෙනා අතට පත් කල යුතුය.

2. මේ සියලුම නියෝජිතයින්ට තමන් නියෝජනය කරන මැතිවරණ කොට්ඨාශයේ ප්‍රවර්ධනය සදහා කලයුතු කාර්යභාරයන් කුමක්දැයි වටහාදී ඒ කාර්යන් එම නියෝජිතයන් මාර්ගයෙන් සපුරාලීමේ ක්‍රමවේදයක් මේ නිර්මාණිත නව මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ සිදු කලයුතුය. එසේ කිරීමට නම් පළමුව ජනතාව තුලට ගොස් ඒ ඒ මිනිසුන් මුහුණ දෙන සැබෑ ගැටළු අවබෝධ කරගෙන මේ පිහිටවනු ලබන මධ්‍යස්ථානයට දිනපතා වාර්තා කිරීමේ කටයුත්ත මේ නියෝජිතයින් කලයුතු අතර, මේ මධ්‍යස්ථානයේ කටයුත්ත විය යුත්තේ ඒ ඒ ගැටලුවලට ලබාදිය හැකි සාර්ථක විද්‍යාත්මක විසදුම මේ යයි හදුනාගෙන ඒවා විසදීමට හැකි මාර්ගයන් නිර්මාණය කිරීමයි. මෙය මේ නිර්මානාත්මන් මිනිසුන් දෙදෙනාට මනාව ඉටුකිර්මේ කාර්යට ඇත ගැසිය හැකි අතර එවිට අප සියලුදෙනාට එම මධ්‍යස්ථානයට සම්බන්ධවී  ඒ ඒ මැතිවරණ කොට්ඨාශයන්හි සංවර්ධන කාරයන්ට දායකත්වය සපයමින් ලස්සන සෞභාග්‍යය පිරි ගම්මාන නිර්මාණය කල හැක. ඒ සදහා බුද්ධිය හා  සියලු ශක්තිය පොදුජන පෙරමුණ නම්වූ මේ නව දේශපාලන පක්ෂයට ලැබේවායි අපි පතමු.

One Response to “ මි ලගට සිදුකල යුත්තේ කුමක්ද?”

  1. Christie Says:

    මෙම මැතිවරනයේදී අලුත් සින්හල පෙරමුනක් පිහිටවූ වරම මැතිවරනයක් දිනාගත්තේය.

    සින්හලයන් එකතුව ඉන්දියානු අදිරදයෙනුත් ඉන්දියානු පරපෝසිතයන්ගෙනුත් නිදහස ලබාගැනීමට කාලය පැමින ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress