අගමැති අභාවය සිදු වූ දින රාත්‍රියේ රාගම නිවාස සංකීර්ණයක ‘බාල්කෑමක්’ Conspiracy surrounding the S.W.R.D.Bandaranaike Assassination – A new perspective
Posted on April 11th, 2018

Copy of a page of the Satana Supplement of the ‘ Mawbima’ paper ( Sunday – April 08, 2018), which provides a new perspective on the conspiracy surrounding the assassination of the late Prime Minister S.W.R.D. Bandaranaike

The writer is Udeni Saman Kumara.

විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ ජයසිංහ විජයරත්න මීගමුවේ දාගොන්න ප්‍රදේශයේ වැසියෙකි. අපට ඒ මහතා හමුවූයේ දාගොන්න ප්‍රදේශයට ගිය අවස්ථාවකදීය. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධව විජයරත්න මහතා සමඟ නියැළුණු සංවාදයේදී හෙතෙම පැවැසුවේ බණ්ඩාරණායක ඝාතනයට හේතු වූ කාරණා සොයා අඳුරේ අත පත ගාන්නට අවශ්‍ය නැති බවය.

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ‘බමුණු කුලය බිඳ වැටීම’ යනුවෙන් ඉදිරිපත් කළ කරුණු තුළ බණ්ඩාරනායක ඝාතනයට තුඩු දුන් හේතු විස්තර කර තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
‘චීනය හා සෝවියට් දේශය සමඟ සබඳතා ගොඩනැඟීම, විදුදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල ඇති කිරීම රාජ්‍ය භාෂාව සිංහල කිරීම සහ අධ්‍යාපන මාධ්‍යය ස්වභාෂාව වීම, විදෙස් සමාගම් ජනසතු කරමින් අධිරාජ්‍යවාදීන් අනුමත නොකරන මාවතකට රට යොමු කිරීම ආදී කරුණු වික්‍රමසිංහ හෙළිදරව් කොට තිබිණි. ඒ වන විටත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පැවැතියේ යටකී ඝාතක බලවේග සතුවය.

ඔවුන් විසින් නැව් සමාගමක කතාවක්ද පටලවා බෞද්ධ භික්ෂුන් වහන්සේද සම්බන්ධකොට එක ගලෙන් කුරුල්ලන් දෙදෙනාම බිම දමා ඇතැයි විජයරත්න මහතා කීය.
කොටහේනේ සිට දාගොන්නට පැමිණි ඔසී කොරයා 1957 වසරේ දාගොන්නේද තැබෑරුමක් ආරම්භ කර ඇත. ඒ වන විටත් ඔහු සතුව මීගමුව ප්‍රදේශයේ තවත් තැබෑරුම් කිහිපයක් තිබී ඇති අතර ප්‍රදේශයේ චණ්ඩියකු වශයෙන්ද නම් දරා සිටියෙකි. තැබෑරුම ආරම්භ කොට කෙටි කලකින් කොරයා දාගොන්නේ කුකුළු පොර සූදුවක්ද පටන් ගෙන තිබේ. උත්සවශ්‍රී යෙන් කුකුළු පොර සූදුව ආරම්භ කරන්නට පැමිණි ආරාධිත අමුත්තා වූයේ 1956 බණ්ඩාරනායක අගමැතිවරයාගේ ආණ්ඩුවේ මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසාය. ඔසී කොරයා කුකුළකුද අතින් ගෙන මුදල් ඇමැතිවරයා සමඟ පෙනී සිටින ඡායාරූපයක් දාගොන්නේ රූබන් පෙරේරාගේ ගෙයක පිහිටි රා තැබෑරුමේ බොහෝ කලක් ප්‍රදර්ශනය පිණිස එල්ලා තිබූ බවද ප්‍රදේශවාසීන්ට මතකය.

ඔසී කොරයා පසු පස තිබූ දේශපාලන බලයත්, පොලිස් බලයත්, හේතුවෙන් කිසිවකු ඔහු අභිභවා නැඟී සිටීමට බිය වී ඇත. ඔහුගේ දුරාචාර වැඩවලට බාධාවක්ද තිබී නැත. පුද්ගල මරණ දෙකක් සම්බන්ධයෙන්ද ඔසීට චෝදනා එල්ල වී තිබිණි. ඔහු නඩු දෙකෙන්ම නිදහස් වූ බව දැනගන්නට ඇත. බණ්ඩාරනායක ඝාතනය සිදු වූ දිනවල ඔසී හිස බූ ගා සිටි බව තමන්ට හොඳින් මතක බව ප්‍රදේශයේ වයසක අය කියති.

විජයරත්න මහතාත් අප මීට ඉහත සඳහන් කළ අල්විස් මහතාත් තවත් සිදුවීමක් හෙළි කළහ. එනම් 1959 සැප්තැම්බර් 26 වැනිදා රාත්‍රියේ රාගම බටුවත්තේ ඩිකී සොයිසාට අයත් ගෙවල් සියය නිවාස ක්‍රමයේ පැවැති ‘බාල් කෑමක්’ ගැනය. අහල පහළ කුකුළකු බේතකටවත් සොයාගත නොහැකි තරමට නැඟලා ගිය බව කියන මේ බාල්කෑම ගැන ප්‍රදේශයේ වයසක උදවියට තවමත් මතක බවද කියති. ඩිකී සොයිසාද, මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසාද, බණ්ඩාරනායක අගමැතිට වෙඩි තැබීම සිදුවූ සැණින් රොස්මිඩ් වලව්වට පැමිණ සියලු පරීක්ෂණ තම අතට ගත් නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසාද සොහොයුරෝය. මේ සියල්ලෝම නඩුවේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෝ වූහ. ඔසී කොරයා ද මේ කණ්ඩායමේ ගජ මිතුරකු වූ අතර ඔහුද පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකි.

අගමැති බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සිදුවන විට බණ්ඩරනායක පවුලේ බාලයා වූ අනුර බණ්ඩාරනායක රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ සිසුවෙකි. එවකට අනුරගේ සම වයස් සිසුවකු වූද ලංකාවේ ප්‍රකට පවුලක සාමාජිකයකුද, ප්‍රකට නීතිඥවරයකුද වූ සේනක වීරරත්න මහතාද අපූරු තොරතුරක් සඳහන් කරයි. ‘මා 1959 සැප්තැම්බර් 25 දින රෝයල් ප්‍රයිමරියේ ඉංග්‍රීසි පාඩම ඉගෙන ගනිමින් සිටියා. එවකට අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන, රනිල් වික්‍රමසිංහ තිදෙනාම ප්‍රයිමරියේ සිසුන්. එදින පෙ.ව. 10.30 විතර අනුරගේ ආයා පැමිණ කොරිඩෝව දිගේ ඔහු කැඳවා ගෙන යන අන්දම මා දුටුවා. ඔහු කැටුව යන්නේ මන්ද යන්න අපි කිසිවකු ඒ වෙලාවේ දැනුවත්ව සිටියේ නැහැ. නමුත් දහවල් විදුහල්පති එච්.පී. ජයවර්ධන මහතා ඇතුළු ගුරුවරුන්ගේ කතාබහෙන් අපි දැන ගත්තා අනුරගේ තාත්තාට වෙඩි තබා ඇති බව.

26 වැනිදා සන්ධ්‍යාවේ මමත් මගේ අම්මත්, තාත්තත්, සහෝදරියත් 65, රොස්මිඩ් පෙදෙස, කොළඹ 7 පිහිටි අනුරගේ නිවෙසට ගියා. අගමැතිතුමාගේ දේහය සාලයේ තබා තිබුණා. මා අනුර හමු වී ශෝකය පළ කළා. ඔහු මා සමඟ කතා කරන්නට නොහැකි තරම් කම්පනයක සිටියා. මට හොඳට මතක සිදුවීමක් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා මා දන්නවා. මා දුටුවා ඔහු ඇඳ සිටි කළු පැහැති කලිසමේ සාක්කුවේ දෙඅත් දමාගෙන ගැඹුරු කල්පනාවෙන් යුතුව බිම බලාගෙන අගමැති දේහය වටා සෙමෙන් ගමන් කරමින් සිටියා.

The writer is Udeni Saman Kumara

13 Responses to “අගමැති අභාවය සිදු වූ දින රාත්‍රියේ රාගම නිවාස සංකීර්ණයක ‘බාල්කෑමක්’ Conspiracy surrounding the S.W.R.D.Bandaranaike Assassination – A new perspective”

  1. Ancient Sinhalaya Says:

    SWRD giving the Sinhalese a chance was resented by the C brigade. Free education bill, Sinhala Official Language
    etc. etc. of course not to the liking of suddha and kalu suddhas. So he had to go. You can’t find a Sinhalese first name
    in all the names mentioned apart from Jayasingha gives a clue. Sinhalese native country, there were no Sinhalese
    schools until recently is enough evidence. Still a lot of Sinhala modayas don’t understand what happened/happening
    to them. Google LTTE and church connections to see their recent handiwork.

  2. Christie Says:

    නඩුවක් තිබුනනෙ බන්ඩගෙ මරනය ගැන. ඉතින් අනිත් කතා කට කතා.
    සෝමරම ව්නුවෙන් පෙනී හිටි පෙරකදොරුවගෙ පුතෙක් මට කීව බන්ඩට වෙඩිතිබ්බෙ සෝමාරාම තමයි කියල.
    ඔය ඉන්දියන් පරපෝසිතයො තමයි ඔය ඔසී කොරය, සිඩ්නි සොයිස කාරිය අල්ලල අපිට බෝලබස්සන්නෙ.
    ඔය කියන් අනුර, රනිල්, දිනෙෂ් පන්තියෙ තමයි අද බලවත් ඉන්දියානු පරපෝසිතයො හිටියෙ.

  3. DR M D P DISSANAYAKE Says:

    Many thanks to Udeni Saman Kumara.

    Ossie Corea was in the best company of Sydney Zoysa, Dicki Soyza and Finance Minister Stanley de Zoyza. Jungle and Jingle Dissanayake’s were ring leaders. Inspector Newton during Magistrate Court proceedings admitted that there were two buddhist monks, Somarama and another, who appaarently ran away after shotting, and that was Ossie Corea.

    Famous Malalgoda became a story teller at the witness box, he annoyed the Magistrate for evasive manner in which he answered questions and became a defender of Ossie Corea, Sydney, Dicki,Stanley.

    Talduwe Somarama had only brief training prior to shooting, they had a back-up for SHOOT TO KILL and that was none other than Ossie Corea. To call our PM “BANDA” by Christie is disgusting.

    We need Late Hon Bandaranaike born again in Sri Lanka.

  4. Susantha Wijesinghe Says:

    SOMARAMA was practicing shooting onto Banana trees at a School in Obeysekere Town. I say this with confidence.

  5. Susantha Wijesinghe Says:

    Just one more thing. Ossie shot Somarama before running away, and he got the shot on one of his Testicles.

  6. Ancient Sinhalaya Says:

    SWRD was assassinated for promoting Sinhalese Buddhists. It is possible ossie kuriya shot SWRD and put into
    somarama’s acct since he looked like a monk(ey) with its shaven head at the time. You never know these rascals.

  7. Christie Says:

    බන්ඩ සහ සිරිසේන අතර එතරම් වෙනසක් නැත.

    එකම වෙනස ඉන්දියාව හා ඉන්දියානු පරපෝසිතයන්ට සිරිසේනව තෝරා ගැනීමට බන්ඩගෙ දුව උදව් කිරීමය.

  8. Kumari Says:

    Missing piece in the puzzle is the last visitor to see SWRD on the fateful day. It was none other than the American Ambassador.

    The lady at the neighbouring house told courts that a ball headed man wearing Khaki shorts jumped from the wall in to her garden and ran towards the gate and out. Also, there was a Buddhist monk’s robe and an umbrella on the floor where Somarama was. Somarama would have been another Sirisena, and didn’t know what was happening. It was too late for him to realise what happened.

    Mrs B was never happy with the outcome of the trial, that is one of the reasons why she wanted the Privi Council out of SL legal system. She did this is 1972 with the new Constitution.

  9. Kumari Says:

    Forgot to mention, that same evening John Kotalawela called for a meeting of his shadow cabinet at his Kandawela Residence. So the assassination was well planned.

  10. Christie Says:

    “Somarama would have been another Sirisena, and didn’t know what was happening.”.

    I don’t think Chandrika was old enough to plan her fathers demise?

  11. Christie Says:

    Indian Gobbles at work.

    Unfortunately we Sinhalese believe all these stories.

    Banda was to visit USA and USA rep visiting him is not an issue.

    When Sri Lanka was made a Republic Privy Council is gone.

    Those days shadow cabinet meetings were held to discuss issues raised by the cabinet.

  12. Christie Says:

    Indian Goebbles at work.

    Unfortunately we Sinhalese believe all these stories.

    Banda was to visit USA and USA rep visiting him is not an issue.

    When Sri Lanka was made a Republic Privy Council is gone.

    Those days shadow cabinet meetings were held to discuss issues raised by the cabinet.

  13. Nimal Says:

    Some believe that under the instructions of Buddatrakitha soma was given the task but he just could finish him of and came Ossie Corea and finished him off.I have been to Rosemead place a couple of times as Mrs B is a relative of my sister in law’s close relative(a Ratwatta). I smelt liquor and W.Daha…. a friend of our from Galle commented that the PM was forced to have some bad company. I don’t know what Corea looks like and it could be one that looked like the odd one.Hope CBK make a note of this. I related this to Anura when we met at OEG’s flat in Bayswater road. So sad he was taken out of this world. His English pronunciation was good.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress