ආණ්ඩුවේ සල්ලි අච්චු ගැසීම කොච්චර ද?
Posted on April 30th, 2018

කීර්ති තෙන්නකෝන්

2018 මාර්තු සහ අප්‍රේල් දෙමස තුළ පමණක් රු. ට්‍රිලියනයක්, (බිලියන 1000) ක සල්ලි අච්චු ගසා ඇතැයි ප්‍ර‍වෘත්තියකි.  එය සමාජ ජාලාවන්හි දිගටම ප්‍ර‍චාරය වේ.  එය පට්ටපල් බොරුවකි!

1951 සිට 2017 දෙසැම්බර් දක්වා මහ බැංකුව අච්චු ගසා ඇති මුදල් ප්‍ර‍මාණය 2017 මහබැංකු වාර්ෂික වාර්තාවේ237 පිටුවේ 7.4 වගුවේ දැක්වේ.  එහි 4 වන තීරුවට අනුව, රු. බිලියන 939.8 කි.  2018 මාර්තු අග වන විට එය රු. බිලියන 930 කි.  2018 අප්‍රේල් මැද වන විට එය රු. බිලියන 1006 ක් විය.  කි. එනම් රු. ට්‍රිලියනයකි.  

ඉතින්, අවුරුදු 70 ක් තුල මහ බැංකුව අච්චු ගැසූ මුදලට සමාන මුදලක් මාස 2 ක් තුල, අච්චු ගසන්නේ නම් රට බංකොලොත්ය. එවිට කඩේට පාන් ගේන්නට යන්නට සල්ලි කොළ  විල්බැරෝවක් අවශ්‍ය වනු ඇත.

2018 අප්‍රේල් 26 දිනට මහ බැංකුව සිය අවුරුදු 70 තුලම ‘අච්චු ගසා ඇති මුදල රු. බිලියන 998 කි.

සිංහල අවුරුදු කාලයටත්, නත්තල් කාලයටත් මහ බැංකුව සෑම වසරකම අතිරේක මුදල් සංචිත වානිජ්‍ය බැංකු වෙත යොමු කරයි. ඒ මිනිසුන්ගේ මුදල් පරිහරණ අවශ්‍යතා ඉහළයන බැවිනි. උත්සව සමය අවසානයේ දී එම අතිරේක මුදල් නැවත මහ බැංකුවට ලැබේ. ඒ ව්‍යාපාරිකයින් නැවත මුදල් වානිජ්‍ය බැංකු වෙත යොමු කරන බැවිනි.

ලංකාවේ මුදල් අච්චු ගැසීම රු.බිලියන 1000 ඉක්මවා යන්නේ අප්‍රේල් මාසයේ දී ය. නැවත මුදල් මහ බැංකුවට ලැබීම නිසා එය අද රු. බිලියන 998 සීමාවේ පවතී.

බැදුම්කර වංචාව නිසා මුල්‍ය අනුපාතිකයින් පවත්වා ගැනීමට 2015 හා 2016 දී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගැසීම සිදු විය. (බැදුම්කර කොමිසමේ දී ද මේ කරුණ හෙළි විය)

වසර 16කට පසුව, ලංකා ආර්ථිකයේ අඩුව වර්ධන වේගය 2017දී (3.1%) වාර්තා වී ඇත. රාජපක්ෂ සමයේ යුද්ධය පවතින විටත් මෙයට වඩා ආර්ථික වර්ධනයක් සිදු වී ඇත. (රාජපක්ෂ වසර 9 ක පාලනය ආර්ථික වර්ධනයේ සාමාන්‍යය 6.4% කි. යහපාලන රජය සමයේ එය 4.1 % කි.) යහපාලනය යටතේ ආර්ථිකය දැවැන්ත අර්බුදයකට පත් වී ඇති බව සත්‍යයකි. නමුත්, මාස 2ක් තුල රු.බිලියන 1000 ක් අච්චු ගසා නම් නැත.

එය පට්ටපල් බොරුවකි! (රජයේ මුදල් අච්චු ගැසීම පිළිබද මහ බැංකුවේ දත්ත මේ සමග අමුණා ඇත. එය උපුටා ගත්තේ 2017 මහ බැංකු වාර්තාවෙනි)

කීර්ති තෙන්නකෝන්

One Response to “ආණ්ඩුවේ සල්ලි අච්චු ගැසීම කොච්චර ද?”

  1. aloy Says:

    Keerthi Tennakone,

    “සිංහල අවුරුදු කාලයටත්, නත්තල් කාලයටත් මහ බැංකුව සෑම වසරකම අතිරේක මුදල් සංචිත වානිජ්‍ය බැංකු වෙත යොමු කරයි”

    Does this mean that CB issues printed money to be withdrawn after the events?. If it is so GOSL is issuing worthless money to citizens?. What happens here needs further explanation.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress