අලි බබා සහ හොරු එකසිය දහඅට
Posted on June 3rd, 2018

Courtesy Divaina

බැඳුම්කරය රටත් කා ගමත් කා, දේශපාලනඥයනුත් කා දමා ඇති බව මේ වන විට පැහැදිලි ය. බැඳුම්කරයේ හිමිකරුවන් වන ඇලෝසියස්‌ යුගලය වෙතින් ජරාව කෑ දේශපාලනඥයන් එකසිය දහඅටකගේ නම් ලැයිස්‌තුවක්‌ ගැන කරුණු හෙළි වී තිබේ. මෙම ලැයිස්‌තුව ජනාධිපතිතුමා විසින් පත්කරන ලද බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කෙරුණු නඩු භාණ්‌ඩයකි. මෙය ජනාධිපති ලේකම් භාරයේ තිබූ බවත්, පසුව ජනාධිපතිතුමා විසින් රාජ්‍ය ලේඛනාගාරයට යවන ලද බවත් දැන ගන්නට තිබේ. ඒ අතර දැන ගන්නට ඇති අනෙක්‌ කාරණය නම් රාජ්‍ය ලේඛනාගාරයට යවන ලද රජයේ ලියෑවිල්ලක්‌ මහජනතාව ඉදිරිපිටට ගෙන ආ හැක්‌කේ වසර 30 කට පසු බව ය. එසේ නම් ස්‌ථිර වශයෙන් ම මෙහි යූ.එන්.පී මන්ත්‍රීලාගේ පමණක්‌ නොව ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන්ගෙත් නම් තිබෙනවා විය යුතු ය.

ඒ නිසා පාර්ශ්ව දෙක කෙරෙහි අනුකම්පා කළ ජනාධිපතිතුමා එය රාජ්‍ය ලේඛනාගාරයට යවන්නට ඇත. මන්දයත්, මේ නම් ලැයිස්‌තුව ප්‍රසිද්ධියට පත් වුවහොත් මහජන මන්ත්‍රීවරුන් සෑහෙන පිරිසකට රෙදි ඇඳගෙන පාර්ලිමේන්තු යැමට ඉඩ නොලැබෙන බැවිනි. එක්‌ අතකට රටේ ජීවන වියදම ඉහළ ගොස්‌ ඇති මෙවන් යුගයක මන්ත්‍රීවරුන්ට රෙදි සඳහා යන වියදම අඩුකර දීමට හැකිනම් එය යහපත් ක්‍රියාවකි. බැඳුම්කරයට සපෝට්‌ එකට ගොස්‌ ලියූ අයගේද, පොත් නොලියූ අයගේ ද නම් බැඳුම්කර සල්ලි ලැයිස්‌තුවේ තිබෙන බව දැන ගන්නට තිබේ. හිටපු රූප රාජිනියන්ගේ නම් (ඔවුන් මේ වන විට ආණ්‌ඩුවේ ලොකු අතුය) එහි ඇති බව දැන ගන්නට තිබේ. මෙහි අවසන් අර්ථකථනය වන්නේ බැඳුම්කර ඇලෝසියස්‌ලා මහ බැංකුව කඩා සොරකම් කළ මුදල් පාර්ලිමේන්තුවේ කොටසක්‌ අතට ද ගොස්‌ ඇති බවය. ඒ අනුව දයාසිරි ජයසේකර තවදුරටත් තනි වන්නේ නැත. තමා ඇලෝසියස්‌ගෙන් ලක්‍ෂයක්‌ ලබාගත් බව µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා කීමෙන් දයාසිරිගේ හුදෙකලාව යම් දුරකට මැකී යන අතර දැනට රාජ්‍ය ලේඛනාගාරයේ කාන්තා නිලධාරිනියක භාරයේ සුරක්‍ෂිතව ඇති නම් ලැයිස්‌තුව එළියට ආවොත් දයාසිරිගේ තනිය සම්පූර්ණයෙන් ම පහව යනවා පමණක්‌ නොව “ජරාව කෑමේ සාමූහිකත්වය’ නමැති හැඟීමෙන් ඔහු උද්දාමයට පත්වනු ඇත.

අනුන්ගේ සල්ලිවලින් දේශපාලනය කිරීම මේ රටේ සෑම කල්හිම සිදුවිය. මේ රටේ විසූ ඉහළම දේශපාලන පවුලකට අයත් කාන්තාවක්‌ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මරදානේ මුදලාලි කෙනකුගෙන් ලබා ගත් මිලියන ගණන් මුදල් පසු කාලයේදී ඒ මුදලාලිටම සියයට හතරේ පොලියට ණයට දුන්නේය. තම සල්ලි ඒවනවිටත් එම කාන්තාවට පරිත්‍යාග කළ ආකාරයෙන්ම µයිල් ලේස්‌ වලින් බැඳ තිබෙනු දුටු මුදලාලිට මහත් කලකිරීමක්‌ ඇති විය. මේ කාන්තාව අදටත් රෙදි අඳින අතර ඉදිරි දේශපාලන කටයුතුවලට ද සම්බන්ධ වීමට තැත් කරන්නී.

සාමාන්‍යයෙන් ආණ්‌ඩුවක්‌ සැඟවිය යුතු තොරතුරු වර්ග කිහිපයක්‌ තිබේ. යුද රහස්‌, රාජ්‍ය රහස්‌, තීරණාත්මක යුද්ධවලදී ගත් තීන්දු ඒවා අතුරින් වර්ග කිහිපයකි. ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු ගොස්‌ ජරාව කන පල් හොරුන්ගේ නම් ලැයිස්‌තු මෙම වර්ගීකරණයට අයත් වන්නේ කෙසේදැයි අපි ප්‍රශ්න කරමු. මේ නම් ලැයිස්‌තුව තමා වෙත මුදා හරින ලෙස කථානායකතුමා ද ඉල්ලීමක්‌ කර ඇත. ඒ හොරුන්ගෙන් හොඳ මිනිසුන් වෙන්කර ගනු පිණිසය. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ විධායක බලය මේ අවස්‌ථාවේදී ඔබතුමා පාවිච්චි කළ යුතුමය.

One Response to “අලි බබා සහ හොරු එකසිය දහඅට”

  1. Ratanapala Says:

    Sinhala hating , Buddhist hating Catholic Austin Fernando was brought in as the President Secretary to keep a check on Simple Sirisena by Christian Ranil. He sees what comes, what goes and what happens in between at the President’s office. He is the keeper of the Sorrysena President in his cage.

    He was Depath Naya’s former boss when he was only a lowly Gramasevaka and Fernando the Government Agent. What a jolly arrangement to keep the lowly in place – here goes conspiratorial Ranil at his best behaviour – planning and executing his masters’ plan to the letter. Sirisena even said – he will address Ranil as “Sir”! This man symbolises the lowest level Sri Lanka has reached in every sphere of activity including presidential decorum. His lowly demeanour during foreign travel and at meetings with national leaders of other countries put all of Sri Lanka to shame.

    All those concerned, especially Sinhala Buddhists should keep a watch on Austin Fernando for what damage he can still instil on the body politic of Sri Lanka. A very dangerous person – going by his previous Anti Buddhist work, now in place to execute the Western Agenda through Sorrysena! This sly fox is a danger to all in Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress