කැෆේ සංවිධානය විසින් අද දින රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුන් පළිසේන යන අය වෙත යොමු කරන ලිපිය
Posted on June 3rd, 2018

Rajith Keerthi TennakoonExecutive Director/CaFFE

කැෆේ සංවිධානය විසින් අද දින රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුන් පළිසේන යන අය වෙත යොමු කරන ලිපිය හා ඒ පිළිබද හඩ පටය මේ සමග අමුණා ඇත.

  2018 ජූනි 3

කාර්ය භාර බන්ධනාගාර නිලධාරි මගින්,

1.      අර්ජුන් ඇලෝසියස් මහතා, වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය.

2.      කසුන් පලිසේන මහතා, වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය උදෙසා සිදු කරන කාරුණික ඉල්ලීමයි.

පසුගිය දින කිහිපයේ පර්පචුවල්, මෙන්ඩිස් සහ එයට අනුබද්ධ සමාගම් මගින් මුදල්, තෑගි, පරිත්‍යාග, මැතිවරණ ව්‍යාපාර සදහා ආධාර, ලබා දුන් පුද්ගලයින් පිළිබද රට තුළ දැඩි ආන්දෝලනයක් ඇතිවී ඇත.  දේශපාලනඥයින් ඇතුළු 118 කට හෝ 116 ක හෝ වෙනත් සංඛ්‍යාවකට ඔබලාගේ මැදිහත්වීමෙන් ලැබී ඇති දෑ පිළිබද මාධ්‍ය වාර්තාවල දැක්වේ. තවද, තමන් මුදල් ලබා ගත් බව දේශපාලනඥයින් කිහිප දෙනෙකු ප්‍ර‍සිද්ධියේ පිළිගෙන ඇත. තවත් පිරිසක් මුදල් ලැබුණු/නොලැබුණු බව සෘජුව ප්‍ර‍තිකේෂප කිරීමෙන් වැලකී සිටී.

අල්ලස් හෝ කප්පම් ලබාදීම ලංකාවේ වලංගු නීතිය යටතේ ගැනෙන කාර්යයක් නිසා ඒ පිළිබද ඔබගෙන් විමසීම මෙම ලිපියේ අරමුණ නොවේ. 

ඔබ හොදින්ම දන්නා පරිදි ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ඕනෑම අයෙකුට මුදල්, තෑගි, මැතිවරණ ප්‍ර‍චාරක කටයුතු සදහා ආධාර, ආගමික සංවිධාන, පුන්‍ය ආයතන වෙත මුදල්මය හෝ ද්‍ර‍ව්‍යමය ආධාර සිදු කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැත.  එය පුරවැසියන් සතු අයිතියකි. එය මැතිවරණ නීතිය අනුව ද, වරදක් නොවේ.

2010 ජනවාරි 1 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා ඔබගේ ආයතනය හෝ ඔබගේ පෞද්ගලික මුදල් පරිත්‍යාග කොට ඇති පුද්ගලයින්ගේ නාම ලැයිස්තුවක් ඔබ විසින් ප්‍ර‍සිද්ධියට පත් කරන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලමි.  මන්ද, එමගින් දේශපාලනඥයින්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සහ අනෙකු පුරවැසියන් මේ වන විට පත්ව ඇති අපහසුතාවයෙන් මුදවා ගැනීමට හැකි කෙටිම හා පැහැදිලි මාර්ගය එය වන බැවිනි.

1.      උක්ත කාලය තුල, විසින් රු. ලක්ෂ 5 ට වැඩි මුදල් පරිත්‍යාග,

2.      රු. ලක්ෂයට වැඩි වටිනාකමක් සහිත ත්‍යාග,

3.      රු. ලක්ෂයට වැඩි මැතිවරණ අරමුදල් ලබා දී ඇති දේශපාලනඥයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුද? යන්න වෙන් වෙන් වශයෙන් හෙළි කරන්නේ නම් මැනවි.

බැදුම්කර සිද්ධිය නිසා ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලනඥයින් ඇතුළු පිරිස් තවදුරටත් අපහසුතාවට පත්වීම වැලැක්වීම ඔබ දෙපලගේ වගකීමකි.  යම් හෙයකින් මෙම කරුණු මා වෙත ලබාදීම සුදුසු නොවන්නේ යැයි ඔබ සිතන්නේ නම්, එම තොරතුරු සෘජුව ගරු කථානායකතුමාට වෙත යොමු කිරීමේ හැකියාව ද, ඔබ වෙත පවතින බව සලකන්න.   

මෙයට, 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

පිටපත

1.      ගරු කථානායකතුමා

2.      ගරු සභානායකතුමා

3.      ගරු විපක්ෂනායකතුමා

4.      ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා

5.      මහින්ද දේශප්‍රිය මහතා, සභාපති, මැතිවරණ කොමිෂන් සභාව

Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka
100/19 A, Welikadawatta Road,
Rajagiriya,Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress