පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අර්ජුන්-පලිසේන සමග පැවැත්වූ දුරකථන සංවාද පිළිබද සම්පූර්ණ වාර්තාව කථානායකවරයා විසින් කැදවිය යුතුයි
Posted on June 5th, 2018

කීර්ති තෙන්නකෝන් Executive Director/CaFFE

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අර්ජුන්-පලිසේන සමග පැවැත්වූ දුරකථන සංවාද පිළිබද සම්පූර්ණ වාර්තාව කථානායකවරයා විසින් කැදවිය යුතුයි – කීර්ති තෙන්නකෝන්

අප මාස 4 ½ ක් ඉල්ලා සිටි ලේඛන වලින් කොටසක් අද පාර්ලිමේන්තුවට ලැබී තිබෙනවා.  වැඩි කොටස තවමත් පාර්ලිමේන්තුවට ලැබී නෑ.  පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් මේ ලේඛන ලබා ගන්නට උසාවි නියෝගයක් ලබාගත හැකියි.  මේ ලේඛන සියල්ල නොමැතිව බැදුම්කර වංචාව ගැන කිසිදු විධිමත් හරවත් සංවාදයක් ඇති විය නොහැකි යැයි කිර්ති තෙන්නකෝන් මහතා අද රාජගිරියේ දී පැවසීය.

විවිධ පුද්ගලයින් ඇලෝසියස් හා පළිසේන සමග පැවැත්වූ සංවාද ඇතුළත් සී 350 ලේඛනයේ කොටස් දෙකක් පාර්ලිමේන්තුවට ලැබී තිබෙනවා. එකක් කෝප් කමිටුවේ සිටින අතර ඇලෝසියස්-පලිසේන සමග සාකච්ඡා පැවැත්වූ පුද්ගලයින් ගැනයි.  දෙවැන්න, රවී කරුණානායක ගේ පවුලේ සාමාජිකයින් පැවැත්වූ දුරකතන සංවාද ගැනයි.  නමුත්, කථානායකවරයාට දැන් අවශ්‍ය නම් පුළුවන්  පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරු ඇලෝසියස්-පළිසේන සමග පැවැත්වූ සාකච්ඡා පිළිබද වාර්තාවක් කැදවන්න.  එවිට මේ සගවන්නට හදන අබිරහස හෙළිදරව්වේවි.

බැඳුම්කර ගනුදෙනුව පිළිබදව පාර්ලිමේන්තුවට ලබාදී ඇති සභාගත විය යුතුයි. එපමණක් නොවෙයි, මේ වාර්තා පාර්ලිමේන්තුවට සීමා නොකොට ඒ පිළිබඳ උනන්දුවන පාර්ශව වලට විමර්ශනය කිරීම සඳහා මහජන ප්‍රසිද්ධියට පත්කළ යුතුයයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. අනිත් අතට පාර්ලිමේන්තුවට ලබාදී ඇති වාර්තා තුළින් මෙම බැඳුම්කර වංචාවට අදාල සත්‍යය තත්වය අණාවරණය නොවන බවත් සමස්ථ වාර්තාව නොමැතිව තෝරාගත් කොටසකින් පමණක් නිගමනවලට එළැබිය නොහැකි බවත් ප්‍ර‍කාශ කළේය.

බැඳුම්කර ගණුදෙනුවට අදාලව සිදුකල  සම්පූර්ණ ජනාධිපති විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලෙස තමන් ද ඉල්ලීම් කළ බව සඳහන් කළ තෙන්නකෝන් මහතා මා ඉල්ලූ කිසිවක් ලැබී නෑ.  ඒ ඇයි ද කියා මම දන්නේ නෑ. නමුත්, සගවන්නට බොහෝ දේ ඇති බව නම් අද දවත් පැහැදිලි වුණා යැයි ද ප්‍ර‍කාශ කළේය.

කෝප් කමිටු සාමජිකයිගෙන් මුදල් ලබා නොගත් බවට දිවුරුම් ප්‍ර‍කාශයක් අවශ්‍යයි

බැදුම්කර මුදල් තමන් ලබා නොගත් බව, මැතිවරණ වියදම් සදහා මේ සමාගම්වල මුදල් නොලැබුණු බවට කෝප් කමිටු සාමාජිකයින්ගෙන් දිවුරුම් පෙත්සමක් ලබා ගත යුතු යැයි අද අප කථානායකවරයාට යෝජනා කළා.  පසුගිය කෝප් කමිටු දෙකක සාමාජිකයෝ පර්පචුවල් සමාගමේ මුදල් ලබාගෙන ඇති බව මේ වන විට හෙළිවී තිබෙනවා.  ඔවුන් තමයි ෆුට් නෝට් දමමින්, පොත් ලියමින් බැදුම්කර වංචාවක් සිදු නොවූ බවට තර්ක ඉදිරිපත් කළේ.  දැන්වත් කෝප් සමාජිකයින් බැදුම්කර වංචාව සැගවීමට දරණ උත්සාහය වැලැක්විය යුතුය.  මුදල් ලබා නොගත් මන්ත්‍රීවරු පමණක් කෝප් කමිටුවට පැමිණීම තහවුරු කළ හැක්කේ කථානායකවරයාට පමණයි, යැයි ද පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress