බැදුම්කර මුදල් ලැබූ පුද්ගලයින් කෝප් කමිටු සමාජිකයින් ලෙස කටයුතු කිරීම වැලැක්වීම
Posted on June 5th, 2018

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2018 ජුනි 5

 

කරු ජයසූරිය මැතිතුමා,

ගරු කථානායකතුමා,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.                                                                        

ගරු කථානායකතුමනි,

බැදුම්කර මුදල් ලැබූ පුද්ගලයින් කෝප් කමිටු සමාජිකයින් ලෙස කටයුතු කිරීම වැලැක්වීම

ඔබතුමන් විසින් පත් කරනු ලැබූ නව කෝප් කමිටුව අද දින රැස්වීමට නියමිතය.  පසුගිය කෝප් කමිටුවේ සාමාජිකයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වන විට බැදුම්කර මුදල් ලබා ගැනීම පිළිබද චෝදනා එල්ල වී ඇති බව ඔබතුමන් දනී. මෙම තත්වය, කෝප් කමිටුවේ ප්‍ර‍තිරූපයට, විශ්වසනීයත්වයට හේතු වන්නක් නොවේ.

එබැවින් අද පළමු කෝප් කමිටු රැස්වීමේ දී, පර්පචුවල් සමාගම, එයට අනුබද්ධ ආයතන, මෙන්ඩිස් සමාගම මගින් මුදල්, ත්‍යාග සහ මැතිවරණ ආධාර හෝ වෙනත් කිසිදු ප්‍ර‍තිලාභයක් ලබා නොගත් පුද්ගලයින් පමණක් කෝප් කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කරන බවට වග බලාගැනීම ඔබතුමන්ගේ යුතුකමක් වන්නේය.

ඒ සදහා, කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවන සියළුම පර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තමන් ‘පර්පචුවල් සමාගම, එයට අනුබද්ධ ආයතන, මෙන්ඩිස් සමාගම මගින් මුදල්, ත්‍යාග සහ මැතිවරණ ආධාර‘ ලබා නොගත් බවට දිවුරුම් කොමසාරිස්වරයෙකු ඉදිරියේ අත්සන් තබන ලද දිවුරුම් ප්‍ර‍කාශයක් ලබා ගැනීම කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.

මෙයට විශ්වාසී, 

 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress