බැදුම්කර මුදල්වලින් ජනමාධ්‍යවේදීන්ට මුදල් ගෙවා ඇත්තේ මහ බැංකු විගණන නිලධාරීන් එය දුෂිත/වංක/නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස නම් කිරීමෙන් ද පසුවයි.
Posted on June 8th, 2018

කීර්ති තෙන්නකෝන් කියයි  මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 

බැදුම්කර වංචාවෙන් මුදල් සහ වෙනත් දීමනා ලබා ගත් මාධ්‍යවේදීන්ට එම තෑගි, අරමුදල් ලැබී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකු අභ්‍යන්තර විගණන නිලධාරීන් එය දුෂිත/වංක/ නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස නම් කිරීමේන් ද පසුව එය වරදක් බව දැන දැනම බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍ර‍කාශ කරයි. අද (8) රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

‘දුෂණ විරෝධී පෙරමුණ‘ විසින් 2017  ජනවාරි මස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට අර්ජුන් මහේන්ද්‍ර‍න් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සදහා යොදා ගෙන ඇතැයි පැමිණිල්ලක් ඉදිරිපත් කළා.  එම පැමිණිල්ල දැන් විභාග කර අවසන්.  පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් එම පැමිණිල්ල සමග පිටු 5 ක මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාවක් ද විමර්ශනය සදහා ලබාදුන්නා. එහි ‘මාධ්‍ය කටයුතු පිටස්තර අයට පැවරීම‘ යන අනු මාතෘකාව යටතේ නිරීක්ෂණ 7 ක් ඉදිරිපත් කර තිබෙනවා.  එයින් කියවෙන්නේ මහේෂ් සේනානායක යන අය විසින් සිදු කළ යෝජනාවක් මත ගොඩනැගිලි පවිත්‍ර‍ කිරීමට විශේෂඥතාවක් සහිත අබාන්ස් නම් සමාගමක් හරහා ගෙවීම් සිදු කොට මාධ්‍ය හා සමාජ මාධ්‍ය සන්නිවේදන කටයුතු සිදු කර ඇති බවයි. 

මහේෂ් සේනානායක නැමැත්තා ‘ද ෆිනෑන්ස් හි සේවය කළ අයෙකු බව විගණන වාර්තාවේ දැක්වෙනවා.‘  ඊයේ පාර්ලිමේන්තුවේ දී ඔහු බැදුම්කර මුදල් බෙදූ බවටත් චෝදනා එල්ල වුණා.  මේ පුද්ගලයා තමාගේ නොවන ක්‍රෙඩිට් කාඩ්පතකින් ගෙවීම් රැසක් සිදු කර තිබෙනවා. ‘වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍ර‍කට අවන්හලකට මේ ගනුදෙණු සිදුවී ඇති බව ඉදිරියේ දී අනාවරණය වූවහොත් ඒ ගැන පුදුම විය යුතු නෑ.

මේ විගණන වාර්තාව හෙළිදරව් වූ රජයට අය විය යුතු රුපියල් මිලියන 3.2 ක් චෙක්පත් 3 කින් පර්පචුවල් සමාගවේ අනුබද්ධ ආයතනයක් විසින් රජයට ගෙවා දමා තිබෙනවා. ඒ බව ඊයේ අධිකරණයේ දී හෙළිදරව් වුණා. 

දැන් මේ විමර්ශන සදහා දැවැන්ත දේශපාලන බලපෑමක් එල්ල වී තිබෙනවා.  දේශපාලනඥයෝ පොලිස් නිලධාරීන්ට බලපෑම් කරන බව ඉතා පැහැදිලියි.  පාර්ලිමේන්තුවට ගෙනත් බනිනවා. මුදල් ගත්ත අය කට්ටියක් කට වහගෙන ඉල්ලවා. තවත් අය හයියෙන් කෑ ගහනවා.  දැනට සෙලාන්, ලංකා, සම්පත්, යූනියන් බැංකුවලින් ගෙවපු මුදල් ගැන විතරයි විමර්ශන කෙරෙන්නේ.  කොමර්ෂල් බැංකුව හරහා මුදල් ගෙවූ අයත් ඉන්න පුළුවන්. මේ විගණන වාර්තාවෙත් 7 වෙනි පිටුව ඇයි ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ?  ඒක පිටිපස්සේ ඉන්න බලවතා කවුද? යනුවෙන් විමසීය.

මෙම මාධ්‍ය හමුවේදී නොරොච්චෝලේ බලාගාරය සහ බලශක්තිය නිපදවීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ සහ ඛණිජ තෙල් සම්පත් පිළිබද විශේෂඥ උපුල් කුලසිංහ යන මහත්වරු සහභාගි වූහ. 

 

මාධ්‍ය ඒකකය 

කැෆේ සංවිධානය 

One Response to “බැදුම්කර මුදල්වලින් ජනමාධ්‍යවේදීන්ට මුදල් ගෙවා ඇත්තේ මහ බැංකු විගණන නිලධාරීන් එය දුෂිත/වංක/නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස නම් කිරීමෙන් ද පසුවයි.”

  1. Christie Says:

    සින්හල දේසපාලකයන්ට ඉන්දියානු පරපෝසිතයන් සල්ලි විසිකිරීම රටේ ප්‍රාජාතන්තර වාදය පටන් ගත් කාලයට යයි.
    සමසමාජ කාරයන්ට හැන්ඩිලා කැප්ටන්ලා ඥානම්ලා වැනි ඉන්දියන් කාරයෝ මුලින්ම සල්ලි වියදම් කල අය වෙති.
    ඉන්පසුව බඩරනායකට වියදම් කලේය. බන්ඩට මූලිකව වියදම් කලේ හයිඩ්‍රමනීලාය. මෙම ඉන්දියානු පරපෝසිතයෝ කල්ලියක් වශයෙන් මෙම වියහියදම් කලෝය.
    දහනායක මහතාගේ සියයක් අපෙක්සකයන්ට කොලොඹ ඉන්දියන් පරපෝසිත වෙලෙන්දහන් රුපියල් සියය බැගින් ඇප මුදල් බැන්දෝය.
    අමෙරිකාව හරහා අද එන මුදල් රාජ් රාජරත්නම් හා මහෙන්දරම් වැනි අයගේ මුදල්ය.
    කානගී සරසවියේ කෙනෙක් කියන් ඔය ඩොලර් පහ මහ ගොඩක් නොවේය.
    ඒ කාලයේ සර් ජොන් වැනිඅයට අනුන්ගේ සල්ලි ඔනෑකලේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress