බොහෝ ශ්‍රී ලාංකික උගතුන් තුල කුහක සහ ඊර්ෂ්‍යා ගති ලක්ෂණ ඇත්තේ මන්ද ?
Posted on June 8th, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මට හමුවූ ශ්‍රී ලාංකික වෘත්තිකයන් (උගතුන් ) තුල තිබෙන අතිශයින්ම කුහක සහ ඊර්ෂ්‍යා  ගති  මාගේ අවධානයට ලක්වී තිබේ. අපේ උගතුන් කුහක සහ ඊර්ෂ්‍යා සහිත  කුඩුකේඩු මනසකින් ක්‍රියා කරන්නේ මන්ද ? මම එය අධ්‍යනය කරමි. පහත දැක්වෙන්නේ එක් උදාහරණයකි. 

මෑතකදී  ගංජා භාවිතය සහ සෞඛ්‍ය පිලිබඳව මනෝ වෛද්‍ය ආචාර්‍ය මන්ඩේ  ඉග්වේ (නයිජීරියාව) , විශේෂඥ මනෝ වෛද්‍ය උපාලි පීරිස්    සහ මා විසින්  පත්‍රිකාවක් ලියුවෙමි. අප විසින් තවමත් දියුණු කිරීමට උත්සහ කරන මෙම පත්‍රිකාව සඳහා විවිධ රටවල මානසික සෞඛ්‍ය පිලිබඳ උගතුන් දක්වන ලද ප්‍රතිචාර මෙසේය​.  

 1) මනෝ වෛද්‍ය ගෞරව් මේතා ( ඉන්දියාවේ ; එංගලන්තයේ සහ කැනඩාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට අත්දැකීම් ඇත්තෙකි. – ප්‍රතිචාර ධනාත්මකය​. ධෛර්‍ය්‍ය වඩන ප්‍රතිචාර දැක්වීය )

2) මනෝ වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍ර ( ශ්‍රී ලංකාවේ ඉපදුනේය​. නමුත් වයස නවය වන විට දෙමාපියන් සමග කැනඩාවට සංක්‍රමණය විය. ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිලිබඳ සහාය මාහාචාර්‍යවරයෙකි. ඇමරිකාවේ සහ කැනඩාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට ඇත​. – ප්‍රතිචාර ධනාත්මකය. විවේචන constructive හෙවත් අර්ථකාරීය) 

3) මනෝ  වෛද්‍ය ස්ටීවන් යුසුෆියන් ( ස්පාඤ්ඤයේ සහ උතුරු ඇමරිකාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබේ. – ප්‍රතිචාර ධනාත්මකය​. විවේචන අර්ථකාරීය)

4) මනෝ වෛද්‍ය මේරි සීමන් – ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය මහාචාර්‍යවරියකි. බ්‍රිතාන්‍යයේ සහ උතුරු ඇමරිකාවේ මනෝ වෛද්‍යවරියක ලෙස සේවය කොට ඇත​. ප්‍රතිචාර ධෛර්‍ය්‍ය වඩවයි) 

5) මනෝ වෛද්‍ය මයිකල් රීවා – (ඉතාලි ජාතික මනෝ වෛද්‍යවරයෙකි . ප්‍රතිචාර ප්‍රතිචාර ධනාත්මකය. අනුබල සහිතය )

6) මනෝ වෛද්‍ය ඔලෙග් -(රුසියාවේ මනෝ වෛද්‍යවරයෙකි. රුසියාවේ / යූක්‍රයීනයේ මෙන්ම පෝලන්තයේ සේවය කොට ඇත​. ප්‍රතිචාර උනුසුම්ය​. පත්‍රිකාවේ අඩුපාඩු ධනාත්මකව පෙන්වා දෙයි)

මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය – (ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරයෙකි. ප්‍රතිචාර විශ්ලේෂණය කරන විට එහි ඉරිසියාව මෙන්ම අනාරක්‍ෂිත හැඟීම් (insecurity feelings ) දක්නට තිබේ.  කන්ස්ට්‍රක්ටිව් හෙවත් අර්ථකාරී විවේචනයක් දක්නට නැත​)

ඉහත දක්වා ඇත්තේ එක් උදාහරණයක් පමණි. මෙවන් උදාහරණ සිය ගනනක් මට දිය හැකිය​. එම නිසා මා මේ දෙය පවසන්නේ එක් සිද්ධියක් පාදක කරගෙන බව නොසිතන්න​. එසේම මෙහිදී මම මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය නරක කුහක පුද්ගලයෙකු ලෙස ලේබල් කරනවා කියා නොසිතන්න​. ඔහු තුල අනන්තවත් යහ ගුණ තිබිය හැක​. ඔහුගේ ප්‍රතිචාරය බොහෝ ලාංකික උගතුන් දක්වන ප්‍රතිචාර වලට සමානය​. එය නිසගයෙන්ම තමා තුලින් එලියට එන්නකි. 

ශ්‍රී ලාංකික වෘත්තිකයා නොහොත් උගතා කුහක කුඩුකේඩු මිනිසෙකු වූයේ මන්ද ? මා සිතන ආකාරයට හේතු කීපයකි.

1) දිවයිනකට කොටු වීම නිසා මතුවන දිවයින් මානසිකත්වය 

2) තමන් පිලිබඳ අනාරක්‍ෂිත හැඟීම් (insecurity feelings ) 

3) වෙනත් රටවල සමාජ සමග මුසු නොවීම ( විභාග සඳහා පිටරට යාම මේ යටතේ ගැනෙන්නේ නැත​) 

4) සම්පත් හිඟ සමාජයක ජීවත් වීම නිසා අනෙකා නිරන්තරයෙන් සතුරෙකු ලෙස දැකීම 

5) හීනමානය නිසා අන්‍යන් ගේ දක්‍ෂතා නාස්තික මනසකින් බැලීම 

6) අපගේ ආත්මාර්ථකාමී අධ්‍යාපන ක්‍රමයේ වරද 

7) ලෝකයට විවෘත නොවීම නිසා ඇති ලිං මැඞි මානසිකත්වය​. විදේශිකයන්ට බිය වීම (Xenophobia) 

8) දැණුම ගවේශනය නොකිරීම පීපී මානසිකත්වය​. දැණුම අප්ඩේට් හෙවත් යාවත්කාල නොකිරීම  

9) විවිධ අත්දැකීම් ඇති වෘත්තිකයන් සමග අධ්‍යාපනික අදහස් හුවමාරු නොකර ගැනීම සහ ඒ සඳහා දක්වන බිය​

10) තමාගේ විශය හැරුණු කොට වෙනත් විශයන් පිලිබඳ අවබෝධයක් නොවීම 

11) තමන් ගේ අනාරක්‍ෂිත බව නිසා බෝඩ් සර්ටිෆිකේෂන් වැනි මාෆියා පන්නයේ මිණුම් දඞු අත තබාගෙන සිටිනවා මිස දැණුම සඳහා විවෘත නොවීම 

12) ජාතිවාදී වර්ගවාදී තම පාසල , තම විශ්ව විද්‍යාල ප්‍රධාන කොට පටු ගෝත්‍රික ආකල්ප වලින්  ලෝකය දෙස බැලීම. විවෘත මනසක් නොතිබීම 

දීප්ති කුමාර ගුණරත්න පවසන පරිදි ශ්‍රී ලංකාවේ බොහෝ උගතුන් තුල සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව වැනි විශයන් පිලිබඳ ගැඹුරු දැනීමක් නැත​. එහෙත් නොදියුණු සමාජය විසින් ඔවුන්ව ඉන්ටර්ලෙක්චුවල්ස් හෙවත් ධීමතුන් ලෙස සලකති. එහෙත් මේ ඊනියා ධීමතුන් සතුව ඇත්තේ ඉතා නොගැඹුරු දැණමකි. මෙම දැණුම වෙනත් ප්‍රගතිශ්‍රීලී සමාජ වල මෙන් අභියෝගයට ලක් නොවන නිසා ඔවුන් සුරක්‍ෂිතය​. එහෙත් මෙකී වෘත්තිකයන් උගතුන් ලෙස සැලකිය හැකිද යන්න දීප්ති කුමාර ගුණරත්න තව දුරටත් ප්‍රශ්න කරයි. 

( මෙම ලිපිය මනෝ වෛද් මහේෂ් රාජසූරිය මහතා විවේචනය කරන ලිපියක් නොවන බව සලකන්න)

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

One Response to “බොහෝ ශ්‍රී ලාංකික උගතුන් තුල කුහක සහ ඊර්ෂ්‍යා ගති ලක්ෂණ ඇත්තේ මන්ද ?”

  1. Christie Says:

    Hinduthwa has imposed a minority complex on us Sinhalese.

    This is seen among Dalits and Aadhiwasis of India and subjects of Indian Colonies.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress