ආර්ථිකය ශක්තිමත් කර බදු බර අඩුකිරීම අභියෝගයක් නොවේ
Posted on June 11th, 2018

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරමින් රට වේගවත් සංවර්ධනයකට ගෙනගිය තමන්ට 20% කින් බදු බර අඩුකර ජනතාවට සහන ලබාදෙමින් රට ඉදිරියට ගෙනයෑම කිසිදු ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

සියයට 20කින් බදු බර අඩුකරන්නේ කෙසේදැයි කියා පෙන්වාදෙන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාට කරන ලද අභියෝගය ගැන මව්බිමකළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකි බව එදා ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කරද්දී ත්‍රස්තවාදය පරාජය කිරීමට තමා නායකත්වය ලබා දෙමින් අභියෝග රැසක් මධ්‍යයේ ත්‍රස්තවාදය පරාජය කර රට සංවර්ධනය කළ තමාට රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් බදු බරෙන් ජනතාව නිදහස් කරමින් ඔවුන්ට යම් සහනයක් ලබාදීම අභියෝගයක් නොවන බවත් ඒ සඳහා තමා තුළ සැලසුම් තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මත දිගින් දිගටම පටවන බදු බරට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධී බලවේග දිගින් දිගටම හඬ නඟපු නිසා බදු බර ගැන අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අවධානය යම් ආකාරයකට යොමු වී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

අවධානයට පමණක් සීමා නොවී බදු බරෙන් මිරිකී සිටින ජනතාවට යම් සහනයක් ලබාදීමට ආණ්ඩුව දැන්වත් ක්‍රියාකළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

One Response to “ආර්ථිකය ශක්තිමත් කර බදු බර අඩුකිරීම අභියෝගයක් නොවේ”

  1. Christie Says:

    We need a government run by locals, not a government run by India’s puppets.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress