ඇමරිකානු පුරවැසිභාවය එක දිනකින් ඉවතට.. ගෝටා ජනාධිපතිවරණයට සූදානම්
Posted on June 11th, 2018

 අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

19 වන සංශෝධනයෙන් පස්සේ ද්විත්ව පුරවැසියෙකුට ජනපතිවරණයට තරග කරන්න බෑ.  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමේ අයදුම්පත ප්‍රතික්ෂේප වුණු බවට බරපතල බොරු ප්‍රචාරයක් සමාජ ජාලා වල පැතිරෙනවා.  ඒ වගේම පුරවැසිභාවයෙන් ඉවත් වීම ඇමෙරිකාව විසින් අනුමත කරන්නේ ජනපතිවරණයෙන් පසුව බවට කටකතා පැතිරෙනවා.  එතකොට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙනවා වගේ ගෝඨාභය මැතිතුමාට ජනපතිකමයි ඇමෙරිකානු පුරවැසිකමයි දෙකම නැති වෙනවා කියලායි පුවත්පත් වලට ලිපි ලියන ඩොලර් පවුම් විද්වතුන් කියන්නේ.  මේ තත්වය නිසා ඇමෙරිකානු පුරවැසිකම පිළිබඳව නීතිමය තත්වය රටට පැහැදිලි කරන්න කියලා ගෝඨාභය මැතිතුමා මගෙන් ඉල්ලීමක් කළා.

ඇමරිකානු පුරවැසිභාවය එක දිනකන් ඉවතට.. ගෝටා ජනාධිපතිවරණයට සූදානම්..[Video]

මුලින්ම කියන්න ඕනෑ ඇමෙරිකානු පුරවැසිකම අත් හැරීම ඇමෙරිකාවට නුහුරු දෙයක් නොවේ.  විවිධ හේතු මත සෑම වසරකම 5,000ක් වැනි විශාල පිරිසක් ඇමෙරිකානු පුරවැසිකම අත් හරිනවා.

ඇමෙරිකානු පුරවැසිකමට අදාළ නීතිය තමයි Immigration and Nationality Act of 1952 නොහොත් 1952 සංක්‍රමණ සහ ජාතිකත්ව පනත.  මේ පනතේ 349(ඒ)(5) වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුට ඇමෙරිකානු පුරවැසිකම අත්හරින්න පුළුවන්.  දෙපැත්තම කැමැති වෙන්න ඕනෑ නෑ.  පුරවැසියා කැමති නම් අත් හරින්න පුළුවන්.  පුරවැසිකම අත්හැරීම ප්‍රතික්ෂේප කළ යුතු හෝ කළ හැකි අවස්ථා නීතියේ සඳහන් වෙන්නේ නෑ.  නමුත් නඩු තීන්දු වලින් තීරණය වී තිබෙනවා.

ඇමෙරිකාවේ සිටිමින් පුරවැසිකම අත් හැරීමට අයදුම් කළොත් ප්‍රතික්ෂේප කළ යුතුයි.  ඒ වගේම අයදුම් කරන පුද්ගලයා සතු එකම පුරවැසිකම ඇමෙරිකානු පුරවැසිකම නම් ඔහුගේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

පළමු පියවර තමයි වෙනත් රටක පුරවැසිභාවය ලබා ගැනීම.  රටක් නැති පුද්ගලයෙකුට බරපතල නීතිමය ගැටළු වලට මුහුණ දෙන්න වන නිසා බොහෝ විට ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරනවා.  ඒ නිසා ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමේ සම්මුඛ සාකච්ඡාවට යන විට පුරවැසිකම තිබෙන අනිත් රටේ ගමන් බලපත්‍රය රැගෙන යෑම අතිශයින්ම වැදගත්.  ගෝඨාභය මහතා දැනටමත් ලංකාවේ පුරවැසියෙකු නිසා පළමු පියවර සම්පූර්ණයි.

දෙවන පියවර වන්නේ ඩීඑස් 4079 සිට ඩීඑස් 4083 දක්වා වන පත්‍ර පිරවීමයි.  ඩීඑස් 4079 යනු පුරවැසිකම අත්හැරීමට අදාළ ප්‍රශ්න මාලාවක්.  ඩීඑස් 4080 කියන්නේ පුරවැසිකම අත්හැරීමේ දිවුරුම් ප්‍රකාශයයි.  ඩීඑස් 4081 යනු පුරවැසිකම අත්හැරීමේ ප්‍රතිවිපාක තමන් දන්නා බවට කරන ප්‍රකාශයයි.  ඩීඑස් 4082 යනු පුරවැසිකම අත්හැරීම පිළිබඳ සාක්ෂිකරුවන් පුරවන පත්‍රිකාවයි.  ඩීඑස් 4083 යනුවෙන් හඳුන්වන්නේ පුරවැසිකම අත්හැරීමේ සහතිකයයි.

මේ පත්‍රිකා අධ්‍යනය කරලා අවශ්‍ය තොරතුරු සූදානම් කර ගත් පසු තෙවන පියවර වන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට අවශ්‍යතාවය දන්වලා වෙලාවක් වෙන් කර ගැනීමයි.  හතර වන පියවර වෙන්නේ අදාළ පත්‍රිකා පුරවලා සාක්ෂිකරුවන් දෙදෙනෙකු සමග තමන්ගේ දෙවන පුරවැසිකම තහවුරු කරන ලේඛණ ද සමග අදාළ වේලාවට ඇමෙරිකානු තානාපති කාර්යාලයට යෑමයි.

තානාපති කාර්යාලයේ දී පුරවැසිකම අත්හැරීමේ ලේඛණයට තානාපති කාර්යාලයේ නිලධාරියා සහ සාක්ෂිකරුවන් ඉදිරිපිට අත්සන් තැබුවාම ඒ මොහොතේ සිට පුරවැසිකම අවසන් වෙනවා.  ඒ බව සහතික කරලා ඩීඑස් 4083 කියන මෙන්න මේ ලේඛණය ලබා දෙනවා.  ඒකට තමයි පුරවැසිකම අත්හැරීමේ සහතිකය කියන්නේ.  රියදුරු බලපත්‍රය ලැබෙන තුරු දෙන තාවකාලික රියදුරු බලපත්‍රය වගේ, රක්ෂණ සහතිකය ලැබෙන තුරු දෙන තාවකාලික රක්ෂණ ආවරණය වගේ මේ සහතිකය තාවකාලිකයි.  ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිකම අත්හැරීමේ ස්ථිර සහතිකයක් නිකුත් කරන තෙක් මෙම ලේඛණය වලංගුයි.

අවසාන පියවර වන්නේ  අවසාන බදු වාර්තාව ගොනු කළ දිනයේ සිට පුරවැසිකම අත් හරින දිනය තෙක් වූ කාලයට අදාළ බදු වාර්තාව ගොනු කිරීමයි.  ඊට පස්සේ මාස දෙකක් සහ හයක් ඇතුලත පුරවැසිකම අත් හැරීමේ ස්ථිර සහතිකය නිකුත් කරනවා.

මේ ක්‍රියාවලිය දෙස බැලුවාම කාරණා දෙකක් පැහැදිලියි.  පළමු කාරණය තමයි වෙනත් රටක පුරවැසියෙකු වන ඇමෙරිකානුවෙකු විසින් ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම නැවැත්වීමට ඇමෙරිකානු ආණ්ඩුවට හැකියාවක් නැති බවයි.  දෙවන කාරණය වන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු ඉදිරියේ පුරවැසිකම අත් හැරීමේ ප්‍රකාශය නිසි ලෙස සම්පූර්ණ කළ වහාම ඇමෙරිකානු පුරවැසිකම අත් හැරෙන බවයි.  මේ නිසා ගෝඨා භය කියන භීතිකාව වැළඳුනු පිරිස් පතුරුන ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණයට තරග කරන්න ඇමෙරිකානු පුරවැසිකම බාධාවක් නොවන වග ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

2 Responses to “ඇමරිකානු පුරවැසිභාවය එක දිනකින් ඉවතට.. ගෝටා ජනාධිපතිවරණයට සූදානම්”

  1. Hiranthe Says:

    much awaited information!!! Thank you for that!!

  2. Vaisrawana Says:

    This is good news indeed. Gota can give up his American citizenship without ado by presenting himself at the American consular office in Colombo. Where America is concerned, Gota is not an absconding criminal like Singaporean Arjun Mahendran, who was after all not even a Sri Lankan citizen. (Of course, Gota is no ordinary Sri Lankan, and on that ground the US State Dept could think up some device to disqualify him as a candidate for the Lankan presidency. However, if the largest number of our people of all races and religions rally round him at the correct time as they are doing at this moment, the Americans will not interfere with the matter.
    Why should some Sri Lankans worry so much about Gota contesting for the presidency? What wrong has he done? He risked his life to rid the country of terrorism, and even now he is living as a person whose life is constantly at risk. Let them imagine themselves in his position like Atticus in A Mocking Bird. We who belong to the same Buddhist culture as Gota should have enough empathy with him to understand that he is not the kind of person to relish power over others. But in a situation where he feels he can serve the nation with his high level of education, smart work experience and proven management skills, he won’t refuse to assume office at the top if elected, despite his personal disinclination to be a politician. A president, if s/he is to be successful, must be given the opportunity to act as a politics-free but democratic executive head, in the same way as the Speaker is required to play a politically neutral role in Parliament. Gota, I am sure, given his calm and collected temperament, and his strong personality, will love such a position.
    Udaya Gammanpila’s knowledge as a lawyer should not be underated. He and Wimal Weerawansa are two politicians that the country cannot do without at this unprecedentedly critical juncture.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress