‘මව්බිම’ට එරෙහි අපහාස නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ වගකීම ඇමැති රණවක
Posted on June 11th, 2018

තිළිණි කෞශල්‍යා විජේසිංහ උපුටාගැණීම  මව්බිම

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළේ
රාජපක්ෂවරුන්ය කියා ප්‍රකාශ කරන මෙන් අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ට විවිධ බලපෑම් එල්ල වෙන අතරේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ වගකීම පා.ච. රණවක ඇමැතිතුමා භාර ගැනීම සතුටට කාරණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ ඊයේ (11දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

‘මව්බිම’ පුවත්පත තමන්ට නිශ්චිතව සාක්ෂි තිබෙන නිසා ඉතාම වගකීමෙන් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළේ පා.ච. රණවක ඇමැතිතුමන්ය කියන කාරණය තමන්ගේ පුවත්පතේ ප්‍රසිද්ධ කළා. ඇමැතිතුමා කෝටි සියයක් වන්දි ඉල්ලලා ‘මව්බිම’ පුවත්පතට නඩු දැම්මා. නඩුව දැක්කම බයවෙලා සමථයකට පත් කරගමු කියා කියයි යැයි එතුමා හිතන්න ඇති. ‘මව්බිම’ පුවත්පත සතුව සාධාරණ සාක්ෂි තිබුණු නිසා ‘මව්බිම’ එහෙම කරන්න ගියේ නැහැ.

පා.ච. රණවක ඇමැතිතුමාගේ නීතිඥයෝ මව්බිම පුවත්පතේ නීතිඥයන්ට කතා කරලා අහනවා නඩුව ගොඩින් බේරගමුද කියලා. නඩුව කරගෙන යමු කියලා ‘මව්බිම’ පුවත්පත කියනවා. තමන්ට අපහාසයක් වුණාය කියලා නඩු දාපු රණවක ඇමැතිතුමාම නඩුව ඉල්ලා අස් කර ගන්නවා. කෝටි සියයටත් පයින් ගහලා.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළේ පා.ච. රණවක ඇමැතිතුමන්ය කියලා පුවත්පතේ පළවීම තමන්ට අපහාසයක් වී නැතැයි කියා එතුමා පිළිගන්න නිසා තමයි අපහාසයට සිදුවූ වන්දිය ඉල්ලලා ගොනු කළ නඩුව ඉවත් කරගත්තේ.

එතුමාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රගීත් එක්නැලිගොඩ, ලංකා ඊ නිවුස් එකට බරපතළ අශිෂ්ට ගණයේ ලිපියක් ලිව්වා. ඒ ලිපියෙන් පස්සේ එක්නැලිගොඩ අතුරුදන් වෙන්නේ. ඒ ලිපියයි අතුරුදන් වීමයි අතර කාල පරාසයේ සිදු වුණු දේවල් පිළිබඳ අපටත් යම් අවබෝධයක් තිබෙනවා. ඒ නඩුවේ සාක්ෂිකරුවන් වෙන්න අපිත් බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් අපිට ඒ අවස්ථාව අහිමි වුණා නඩුව ඉවත් කර ගැනීම නිසා.

අපි දෑස් දල්වා බලාගෙන ඉන්නවා අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුව මෙවරවත් ප්‍රශ්න කරාවි කියලා. මීට පෙරත් මේ නම තමයි කියැවුණේ. නමුත් ආණ්ඩු පෙරළියෙන් පස්සේ මේ පැත්තෙන් ඒ පැත්තට පැන්න නිසා චම්පික ජම්පික වූ නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.

තමන්ම පිළිගත්තට පස්සේ සාක්ෂි හොයන්න දෙයක් නෑ. දඬුවම් කිරීම පමණයි තියෙන්නේ. සාක්ෂි ආඥා පනතේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා ‘පිළිගත් දේ ඔප්පු කිරීම අනවශ්‍යයි’ කියලා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ මැතිතුමා දූෂණ විරෝධී හ‍ෙ¾ඩ් නායකයෙක් ලෙස මාධ්‍ය හමුවක් කැඳවලා ගල්අඟුරු වංචාවේ මහා මොළකරු පා.ච. රණවක ඇමැතිතුමන්ය කියලා ප්‍රකාශයක් කරලා, එය ‘මව්බිම’ පුවත්පතේ පළ වුණා. මේ ප්‍රකාශය නිසා තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් මිලියන පන්සියයක් ඉල්ලලා නඩු දැම්මා. දැන් ඒ නඩුවත් අයින් කරගෙන.

එතුමා කියන්නේ ගල්අඟුරු වංචාවේ මහ මොළකරු පා.ච. රණවකය යන ප්‍රකාශයෙන් තමන්ට අපහාසයක් වෙන්නේ නෑ. අපහාසයක් නොවන්නේ ඇත්තටම කළ කෙනකුට පමණමයි. එතුමා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ වගකීම විතරක් නෙමෙයි ගල්අඟුරු වංචාවේ මහා වගකීමද භාරගෙන තිබෙනවා. එතුමා වසර ගණනාවක් ගිහින් හෝ ඇත්ත ඇති සැටියෙන් පිළිගැනීම නිසා අපි සතුටු වෙනවා.

19 වැනි සංශෝධනයෙන් පස්සේ ද්විත්ව පුරවැසියකුට ජනපතිවරණයට තරග කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ අයැදුම්පත ප්‍රතික්ෂේප වුණු බවට බරපතළ බොරු ප්‍රචාරයක් සමාජ ජාලවල පැතිරෙනවා. ඒ වගේම පුරවැසිභාවයෙන් ඉවත් වීම ඇමෙරිකාව විසින් අනුමත කරන්නේ ජනපතිවරණයෙන් පසුව බවට කටකතා පැතිරෙනවා. එතකොට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙනවා වගේ ගෝඨාභය මැතිතුමාට ජනපතිකමයි ඇමෙරිකානු පුරවැසිකමයි දෙකම නැති වෙනවා කියලයි පුවත්පත්වලට ලිපි ලියන ඩොලර් පවුම් විද්වතුන් කියන්නේ. මේ තත්ත්වය නිසා ඇමෙරිකානු පුරවැසිකම පිළිබඳව නීතිමය තත්ත්වය රටට පැහැදිලි කරන්න කියලා ගෝඨාභය මැතිතුමා මගෙන් ඉල්ලීමක් කළා.

ඇමෙරිකානු පුරවැසිකමට අදාළ නීතිය තමයි ධ්ථථඪඨපචබඪධද චදඤ ව්චබඪධදචතඪබර ඒජබ ධට 1952 නොහොත් 1952 සංක්‍රමණ සහ ජාතිකත්ව පනතේ 349 (ඒ)(5) වගන්තිය යටතේ ඕනෑම පුරවැසියකුට ඇමෙරිකානු පුරවැසිකම අත්හරින්න පුළුවන්. දෙපැත්තම කැමැති වෙන්න ඕනෑ නෑ. පුරවැසියා කැමැති නම් අත්හරින්න පුළුවන්. පුරවැසිකම අත්හැරීම ප්‍රතික්ෂේප කළ යුතු හෝ කළ හැකි අවස්ථා නීතියේ සඳහන් වෙන්නේ නෑ.

පළමු කාරණය තමයි වෙනත් රටක පුරවැසියකු වන ඇමෙරිකානුවකු විසින් ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම නැවැත්වීමට ඇමෙරිකානු ආණ්ඩුවට හැකියාවක් නැති බවයි. දෙවැනි කාරණය වන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියකු ඉදිරියේ පුරවැසිකම අත්හැරීමේ ප්‍රකාශය නිසි ලෙස සම්පූර්ණ කළ වහාම ඇමෙරිකානු පුරවැසිකම අත්හැරෙනවා. මේ නිසා ගෝඨාභය කියන භීතිකාව වැලඳුණු පිරිස් පතුරන ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණයට තරග කරන්න ඇමෙරිකානු පුරවැසිකම බාධාවක් නොවන වග ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress