රත්මලාන දුම්රිය යාන්ත‍්‍රික අංශයේ නිෂ්පාදනය බිඳවැටේ. මතුවී ඇති ගැටළුවට ඉක්මන් විසඳමක් ලබා දෙන්න.
Posted on June 11th, 2018

 

All Ceylon Railway Employees’ General Union 

ලේකම්,
ජී.එස්.විතානගේ මැතිතුමා,
රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශය,
සෙත්සිරිපාය, බත්තරමුල්ල.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ සේවකයින්ගේ, සේවයට පැමිණිමේ හා පිටවීමේ වේලාවන් සම්බන්ධයෙන් මාස කිහිපයක සිට මතු වී ඇති ගැටළුවට නිසි විසඳුමක් ලබා නොදීම නිසා, එම අංශයේ නිශ්පාදන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත. මේ නිසා ධාවන තත්වයේ පවතින දුම්රිය එන්ජින් ප‍්‍රමානය 65 සිට 48 දක්වා පහල බැස ඇත.

මේ තත්වය  පිළිබඳව අවධානය යොමු නොකර තවත් කාලයක් ගත වුවහොත් ධාවනයට එක් කළ හැකි දුම්රිය එන්ජින් ප‍්‍රමානය තවත් අඩු වී යාහැකි බව පෙන්වා දෙන අතර, දුම්රිය එන්ජින් වල නඩත්තු කටයුතු දෛනිකව සිදු නොවීම මත දුම්රිය අවලංගු කිරීම, එන්ජින් අතරමග නතරවීම ආදිය සිදුවිමට ඉඩ ඇත. මේ මගින් දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය බිඳ වැටෙන අතර, දුම්රිය මගින් අනවශ්‍ය පීඩාවකට ද ලක්විය හැකි බවද පෙනවා දෙමු.

රත්මලාන ප‍්‍රධාන යාන්ති‍්‍රක ඉංජිනේරු අංශයේ මාස ගණනාවක් තිස්සේ මතු වි ඇති මෙම ගැටළුව විසඳීම සඳහා දුම්රිය නිලධාරීන්ගෙන් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇතත්, නිශ්චිත වේලාවක් නියමකර නිසි විසඳුමක් ලබා දීමට එම කමිටුව අපොහොසත් වී ඇත.

ප‍්‍රශ්නයට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් වෘත්තීය සමිති සහ සේවක කණ්ඩායම් විවිධ කි‍්‍රයාමාර්ග වල නිරත වන අතර, අවිධිමත් කි‍්‍රයාමාර්ග හේතුකොට ගෙන පරිපාලන ප‍්‍රශ්න ගණනාවක් මතුවී ඇත. මෙම ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීම ප‍්‍රමාද කිරීම නිසා සේවක අසමගිතාවයක් ගොඩ නැගී ඇති අතර, දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය සඳහා මෙය බරපතල ලෙස බලපා ඇත. අයිතීන් දිනා ගැනීමේදීත්, රාජකාරි කිරීමේදීත් එකට බැඳී සිටිය යුතු දුම්රිය සේවකයින්ගේ සමගිය ඉතා අත්‍යාවශ්‍ය වන බැවින් දෙපාර්තමේන්තුවේ පැවැත්මට අයහපත් නොවන හා සේවකයින් හා වෘත්තීය සමිති වලට එකඟවිය හැකි නිශ්චිත විසඳුමක් කඩිනමින් ලබා දෙන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.,

මෙයට

සේවක අයිතීන් වෙනුවෙන්

එස්.පී.විතානගේ

රධාන ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress