ඉංග‍්‍රිසි පාලකයන් වාරියපොල සුමංගල හිමියන් පවා යාපනයේ සිරගෙදර සිර කරන ලද්දේ සිවුරු හරවා නොවේ
Posted on June 16th, 2018

උපසම්පදා භික්‍ෂුවක් දින හතක කාලයක් චීවරය නොදරා සිටියහොත් භික්‍ෂුත්වය අහෝසි වන බව විනය පිටකයේ සදහන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම විනය පිටකයට අනුව කිසිසේත් නොවිය යුත්තක් බවද කී උන් වහන්සේ ඉංග‍්‍රිසි පාලකයන් විසින් වාරියපොල සුමංගල හිමියන් යාපනයේ සිරගෙදර සිර කරන ලද්දේ සිවුරු හරවා නොවන බවත් කියා සිටියහ.

සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ භික්‍ෂුත්ව රැුකදීම සදහා මහ නාහිමිවරුන් පෙරට ආයුතු යයිද අබයතිස්ස හිමියෝ සදහන් කරති.

එහිමියෝ මෙම අදහස් පල කරන ලද්දේ පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙණේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ජම්පරය අන්දවා ඇති බව බන්ධගාර ප‍්‍රධානීහු තහවුරු කරති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress