ඥානසාර හිමියන්ගේ සහාය කුමන්ත්‍රණකාරීව ලබාගෙන බලයට පැමිණි ආණ්ඩුව උන්වහන්සේව සිරගත කළා
Posted on June 18th, 2018

උදයන්ති මුණසිංහ උපුටාගැණීම  මව්බිම

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අනියම් උපකාරය කුමන්ත්‍රණකාරීව ලබා ගත් බවත් අද එම ගුණයද අමතක කරමින් වත්මන් ආණ්ඩුව එම හිමියන් සිරගත කළ බවත් උඩුවේ ධම්මාලෝක හිමියෝ පවසති.

පැවිදි හඬ සංවිධානය ඊයේ (18දා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ධම්මාලෝක හිමියෝ මේ බව පැවැසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මාලෝක හිමි

මේ ආණ්ඩුව පත්වීමේදී අපේ ඥානසාර හාමුදුරුවන්වත් මේ ආණ්ඩුව ප්‍රයෝජනයට ගත්තා. ඒක උන්වහන්සේත් නොදන්නවා වෙන්න පුළුවන්. අධිරාජ්‍යවාදීන්ගේ යුගයේවත් සිදු නොවුණු විදියේ ඉතා නරක විදියට සම්බුද්ධ ශාසනයට හානි කරනවා.

බොහෝ වෙලාවට අපි මේ දේවල් ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් කියන්නේ ඉස්සරහට එන ඡන්දයේදී අපි පිළිතුරු දෙන්නම් කියලා. නමුත් ඡන්දය එනකොට මේ අය කරන්න තියෙන සියලුම විනාශය කරලා ඉවරයි. ඊට පස්සේ අපිට නිවැරැදි කරගන්න හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඡන්දයක් එනතුරු බලාගෙන ඉන්නේ නැතිව අපි සියලු දෙනාම මැදිහත්වෙලා මෙවැනි තීරණාත්මක අවස්ථාවලදී කටයුතු කරමු කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඥානසාර හිමියන් සිරගත කිරීම සමස්ත සම්බුද්ධ ශාසනයටම කරපු අගෞරවයක්. ඒ නිසා මේක අවසාන එකත් නෙවෙයි පළමුවැනි එකත් නෙවෙයි.

මෙහිදී අදහස් දැක්වූ රෝහණ සංඝ සභාවේ අනුනායක ඕමාරේ කස්සප හිමි
ඥානසාර හාමුදුරුවන්ට දීලා තියෙන දඬුවම සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතු වෙනවා. මේ සිද්ධියත් එක්ක සම්බුද්ධ ශාසනයේ පැවැත්මට හා ආරක්ෂාවට බරපතළ හානියක් එල්ල වෙලා තියෙනවා. මහණ වෙන්නේ ඒ පුද්ගලයාගේ කැමැත්තෙන්. පැවිදි කරවපු පුද්ගලයාටවත් සිවුරු අරවන්න බැහැ. ඒ පුද්ගලයාගේ අකැමැත්තෙන්. එවැනි තත්ත්වයක් තුළ උන්වහන්සේගේ සිවුර මේ හිර ගෙදරදී අයින් කළා නම් ආපහු මේ සම්බුද්ධ ශාසනයට එකතු වෙන්න පිරිසක් එයිද කියන ගැටලුව තියෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ තියෙනවා බුදු දහම සුරක්ෂිත කොට පෝෂණය කරනවා කියලා. එහෙම නම් ඥානසාර හිමියන්ට සමාව දීලා නිදහස් කරන තැනට ආණ්ඩුව කටයුතු කරන්න ඕනි.

එහෙම නැතිව මේ ප්‍රශ්නය නිසා රටේ අනෙක් ප්‍රශ්න යටගහගෙන කටයුතු කරන්න ආණ්ඩුව මේක ආයුධයක් කරගන්නවා නම්
සංඝයා වහන්සේගේ ආත්ම ගෞරවය බේරා ගන්න මේ රටේ රාජ්‍ය උත්සව වර්ජනය කරන්න වෙයි.
පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලාම මේ රටේ විවිධ ක්ෂේත්‍ර තුළ නොයෙක් විදියේ හැලහැප්පිලි තියෙනවා. මාසෙකට වතාවක් සොබාදහමත් හැප්පෙනවා මේ ආණ්ඩුව එක්ක. මේ රටේ ජනතාව අන්ත දුගී භාවයට පත් වෙලා. අද වෙනකොට ජීවත් වීමේ තරගයට මුහුණ දීලා තියෙනවා රටේ ජනතාව.

පසුගිය වකවානුව තුළ භික්ෂුන් වහන්සේ 48 නමක් බන්ධනාගාර ගත කළා. ඊට අමතරව භික්ෂුන් වහන්සේ 16 නමක් සිරගෙයි ඉන්නවා. තව කොච්චර ගනීද දන්නේ නැහැ. මේ රටේ ජාතිය වෙනුවෙන් භාෂාව වෙනුවෙන් අපේ ආගම වෙනුවෙන් කතා කරන භික්ෂුන් වහන්සේට තමයි මේ තර්ජන ඇතිවෙලා තියෙන්නේ.

ඥානසාර හිමියන් එක්නැලිගොඩ උපාසිකාවට අපහාසයක් කළා කියලා වරදක් නොකරපු ඥානසාර හිමියන්ව හිරේ දාලා තියෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෛත්‍රි පාලනයක් කරන නිසා තමයි අද මේ රට විනාශ වෙලා තියෙන්නේ. අපි ජනාධිපතිට කියනවා දැන් මෛත්‍රි පාලනය කළා ඇති මෛත්‍රි වර්ධනයක් කරන්න කියලා. මෛත්‍රි පාලනය කරපු නිසා තමයි රටේ ජනතාවගේ ඊර්ෂ්‍යාව, වෛරය, කේ‍රා්ධය වැඩිවෙලා තියෙන්නේ.

ඒ වගේම තමයි අධිකරණය භාරව ඉන්න උපාසක අම්මා කියනවා නීතිය කාටත් එක හා සමානයි කියලා. අපිත් ඒකට විරුද්ධ නැහැ. බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ මනුෂ්‍යත්වය පදනම් කරගෙන නීති හදන්න කියලා. ඉතින් ඒ උපාසක අම්මාට මං කියන්න කැමැතියි මේ රට විනාශ කරන නීති රීති ගේනවා නම් අණ පනත් ගේනවා නම් මේකටත් ඒ උපාසක අම්මා පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා මැදිහත් වෙන්න කියලා.

ඥානසාර හිමියන්ට අද මේ ආණ්ඩුව තියපු අත අනාගතයේ රට, ජාතිය ගැන කතා කරන ඕනෑම භික්ෂුන් වහන්සේ කෙනෙකුට තියන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලාට කරපු අනියම් තර්ජනයක් මේක.

ජනාධිපතිවරයාට අපි කියනවා ඔබතුමා සතු විධායක බලතල පාවිච්චි කරලා පොදු සමාවක් ඥානසාර හාමුදුරුවන්ට ලබා දෙන්න. ගෝනවල සුනිල් වගේ අයට පොදු සමාව දීලා දවසෙන් එළියට අරගෙන සාම විනිසුරුකම් දුන්නා. ස්ත්‍රී දූෂණ චෝදනා ලබා සිටි අය පොදු සමාවෙන් එළියට ගන්න පුළුවන් නම් ඥානසාර හිමියන්ට පොදු සමාව දුන්නාට කාටවත් මොකුත් කියන්න බැහැ. ජනාධිපතිතුමා කොන්ද කෙළින් තියාගෙන තීරණ ගන්නා බව මෙයින් පෙන්වන්න පුළුවන්.

උදයන්ති මුණසිංහ

2 Responses to “ඥානසාර හිමියන්ගේ සහාය කුමන්ත්‍රණකාරීව ලබාගෙන බලයට පැමිණි ආණ්ඩුව උන්වහන්සේව සිරගත කළා”

  1. Hiranthe Says:

    අනේ My3!!

  2. Christie Says:

    බොදු බල සේනාවෙ විතානගේ ද කවුද ඓස්සර සී-නෝර් කියන නෝර්වේ රටෙන් සින්හල අපිට කෙලපු ආයතනයක කකුලක්. 1958 ඉන්දියානු පරපෝසිතයන් (දෙමලූ යාපනයේ සින්හල මාලුකාරයන් මරල දැම්මට පස්සෙ තමයි නෝර්වේ මේ සෙල්ලම පටන් ගත්තෙ. ඉන්දියාව මේ කාලයේ නෝර්වේ වලින් මිලිටරි බඩු ගත්ත රටක්. බොදු බලයට ඉන්දියානු සල්ලි ආවේ නෝර්වේ හරහා.ඉන්ඩියාව නානසාරව මුස්ලිම් කිරිස්තියානි චන්ද මහින්දගෙන් අයින් කලා.

    සෝබිත හිමි ඉන්දියානු පරපෝසිතයන්ගෙන් යැපුන ඉන්දියාවට කත් ඇදපු කෙනෙක්. පිටකොටුවෙ ඉන්දියානු කෙලින්වීදියෙ ඉන්දියානු පරපෝසිත ෆේවරිට් මුදලාලිගෙ පක්කලි වැඩ්කල කෙනෙක්.ඉතින් සිරිසෙනත් සොබිතයම තමයි. වෙනස එකෙනෙක් පරලොව .
    මිනිහ සින්හලයන් බෙදන්න තමයි යහපාලන ගේම දුන්නෙ. සින්හලය බෙදල ඉන්දියානු පරපෝසිත චන්දයෙන් සිරිසේනව වෙල්ලවට නැග්ගුව.

    අන්තිමට ඉන්දියානු පරපෝසිත ඇතුල් කෙශාප් වැඩේ දුන්න.

    1951 ඉන්දියාව බන්ඩ ගෙනල්ල හාමුදුරුවරු දාල බන්ඩලවා අපිට සින්හල කවල සින්හල අපිට වැඩේ දුන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress