ශ‍්‍රී ලංකාවේ .. නීති විරෝධීයි.. එංගලන්තයේ රැජින නීතීඥ ස්ටීවන් හාර්වී වෘත්තිමය ලෙස කියයි..
Posted on June 21st, 2018

lanka C news

මහා බ්‍රිතාන්‍යයේ ප්‍ර‍වීණ නීති විශාරදයෙකු වන රැජින නීතීඥ (Queen’s Counsel) ස්ටීවන් හාර්වී මහතා, 2018 මැයි 20 වැනිදා නිකුත් කර ඇති විශේෂ මතයෙන් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ මූල්‍ය වංචා විමර්ශන අංශය (FCID ආයතනය) පිහිටුවා ඇත්තේ නෛතික බලය ඉක්මවා යෑමෙන් නිසා, එම දෙපාර්තමේන්තුවට නීත්‍යානුකුල පැවැත්මක් නොමැති බවය.

තවද, FCID ආයතනයට කිසිදු පැමිණිල්ලක් විභාග කිරීමට බලයක් නැති බවද ඔහු ප්‍ර‍කාශ කොට ඇත. එපමණක් නොව, දේශපාලකයින් විසින් එම ආයතනයට ලබා දී ඇති පැමිණිළි විභාග කිරීම සදහා එහි නිලධාරීන් අනුගමනය කර ඇති ක්‍රියා පටිපාටියද නීති විරෝධී යයි, හාර්වී මහතා පෙන්වා දි ඇත.

ශ‍්‍රී ලංකාවේ .. නීති විරෝධීයි.. එංගලන්තයේ රැජින නීතීඥ ස්ටීවන් හාර්වී වෘත්තිමය ලෙස කියයි..

මෙම තත්ත්වය ඔස්සේ, ඉකුත් වසර 3 කට අධික කාලයක් තුළ FCID ආයතනය විසින් පවත්වාගෙන යන ලද කටයුතු සහ ඒවා මෙහෙයවනු ලැබූ පුද්ගලයන් සිදු කොට ඇති කටයුතු සම්පූර්ණයෙන්ම නීති විරෝධී ඒවා බවද, එම ක්‍රියා සදහා ඔවුන් වගකිව ඇති යුතු බවද හාර්වී මහතාගේ මතය හරහා සනාථවී ඇත.

මෙම නීතිමය මතයෙන් පලවී ඇති ආකාරයට මෙවන් නීති විරෝධී ක්‍රියාවල යෙදී ඇති සියලුම නිලධාරීන් සහ දේශපාලඥයන්ට ඉදිරියේදී දැවැන්ත නීතිමය ප්‍ර‍ශ්න සහ අර්බුධ වලට මුහුණ දෙන්නට සිදුවනු නො අනුමාන බවද, හාර්වී මහතාගේ මතය විග්‍ර‍හ කොට ඇති ශ්‍රී ලාංකික නීති විශාරදයන් පෙන්වා දී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress