සාමකාමී සහජීවනය හා සංහිදියාව යනු කුමක්ද කියා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ගම්මානයක අය හා හමුදා නිලධාරියෙක් ලොවටම කියාපායි.
Posted on June 21st, 2018

ෂෙනාලි ඩී වඩුගේ

මෙම හමුදා නිලධාරියාගේ සමුගැනීම නිසා බොහෝ විවේචකයන් කම්පනයට පත් වී ඇති අතර ඔවුන්ට කට උත්තරද නැති වී ඇත. මෙම විස්මයජනක සිද්ධිය නිසා අපේ ගෞරවනීය ශ්‍රී ලාංකීය හමුදාවට එරෙහිව පතුරුවන ලද ව්‍යාජ චෝදනා හා ගැරහීම් සම්පූර්ණයෙන්ම පාහේ වැළලී ගොස් ඇත. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ˜පච˜ ප්‍රචාර ගෙනගිය චූදිතයන් අතරට විදේශීය රාජ්‍යයන් හා ඒවායේ නියෝජිතයන්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන :ෂභඨධි-, රාජ්‍ය නොවන සංවිධාන :භඨධි-, එකසත් ජාතීන්ගේ මණ්ඩලය හා විශේෂයෙන්ම වත්මන් රජයට ඒකාබද්ධ දමිළ නායකත්වය හා එල්. ටී. ටී. ඊ. ගම්මානය තුළදී මෙම සිංහල හමුදා නිලධාරියා වෙනුවෙන් පවත්වන ලද සමුගැනීමේ උත්සවයේදී ඇති වූ හද කම්පා කරවන, හැඟ=ම්බර අවස්ථාවන් වල මතු වී ගෙන එන වීඩියෝ දර්ශන පැහැදිලිවම ලොවටම කියාපාන්නේ මෙම හමුදා නිලධාරියාව ඔවුන් සියලූ දෙනාගේම උපදේශකවරයා, පියා, සහෝදරයා, මඟපෙන්වන්නා හා මුළුමනින්ම පාහේ ඔවුන්ගේ නායකයා ලෙස පැහැදිලිව පිළිගෙන ඇති බව ඔප්පු වෙන බැවිනි. අපගේ විරෝදාර කර්නල් රත්නප්‍රිය බන්දු කර ඇත්තේ ප්‍රභාකරන්, පළාත් ඇමති විග්නේශ්වරන්, ශිවාජිලිංගම්, සුමන්දිරන්, සම්බන්දන් යන මන්ත්‍රීවරු හා තමිල්නාඩු දේශපාලඥයන්ට පවා කිරීමට නොහැකි වූ හෝ කිරීමට අවශ්‍ය නොවූ දෙයකි. අප ලෝකයේ දැනට පවතින ඛෙදුම්වාදී දේශපාලනය හරහා රාජ්‍යයන් ඛෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමය පැතිරෙමින් ඇති යුගයක කර්නල් බන්දු වැනි ජාතීන් දෙකක් එකසත් කළ අයෙක් අවංක වීරයෙක් ලෙස පිළිගෙන ඔහුට අප ජාතියේ ප්‍රණාමය හා ගෞරවාචාරය පිරිනැමිය යුතුය. කලින් කොටි සංවිධානයේ ගම්මානයක්ව පැවති ගමක ගැමියන් අවංකව හද පතුලෙන්ම මෙම සිංහල හමුදා නිලධාරියාව වීරයෙක් ලෙස පිළි නොගෙන තිබුනා නම් මෙම නිලධාරියාට සමුදීමේ උත්සවයකදී ඔවුන් වැලපෙමින් ඔහුව ඔවුන්ගේ කර මත තබාගෙන යාම කිසිම දිනක සිදු නොවන්නකි.

පළමු ආදර්ශය : කුල බේදයන් නොමැත.

කලකදී විශ්වමඩු ˜කොටි˜ ගුහාවක් විය. විශ්වමඩුවේ ජීවත් වූ අයගෙන් විශාල පිරිසක් එල්. ටී. ටී. ඊ. භටයන් ලෙස බඳවා ගන්න ලදී. තවද මෙම ගම්මානයෙහි ජීවත් වූයේ දිළිදු භාවයෙන් පෙලෙන පහත කුල වල අයයි. ඔවුන් ඔවුන්ගේම ද්‍රවිඩ සහෝදරයන් ලෙස සැලකූ අය විසින්ම කුල හීනයන් ලෙස සලකන ලදී. කිසිම ද්‍රවිඩ දේශපාලඥයෙක් මෙම කුල හීනයන්ගේ උවමනා එපාකම් ගැන සොයා බැලීමට උනන්දු නොවූහ. ඔවුන් ප්‍රයෝජනවත් වූයේ එක දෙයකටය. එනම් සටන් කරුවන් ලෙස බඳවාගෙන ඔවුන්ගේ මළ සිරුරු ඡායාරූප ගත කොට සිංහල හමුදාවට එරෙහිව ප්‍රචාරක මාධ්‍යයන් හරහා ලොව වටා ප්‍රදර්ශනය කිරීමය. නමුත් කර්නල් රත්නප්‍රියට මොවුන් කිසි දිනක කුල හීනයන් හෝ දිළින්දන් නොවීය. මෙම කර්නල් වරයා ඔවුන්ව සාමාන්‍ය මනුෂ්‍යයන් ලෙස සැලකූ අතර ඔවුන්ද කර්නල් වරයාගේ හිත මිතුරන් බවට පත් විය. මෙම කතාවේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට පහත දැක්වෙන ඡායාරූප සමත් වනු ඇත. මෙම ඡායාරූප වලින් මෙතෙක් කල් කොටි සංවිධානයට ලැදි අය විසින් දියත් කර තිබූ මිත්‍යාවන් හා සත්‍යයන් සම්පූර්ණයෙන්ම නැතිභංග කර දමා ඇත.

දෙවන ආදර්ශය : සිංහල හා දමිළ ජනතාව වෙන්ව ජීවත් නොවීය යුතුය.

මේ ආකාරයෙන් කිසිම ද්‍රවිඩ ජාතික සංවිධානයේ :ඔභA- දේශපාලඥයෙකු එල්. ටී. ටී. ඊ. යෙන් හෝ ගරු බුහුමන් ලබා නැත. උතුරේ කිසිම ද්‍රවිඩ ගම්මානයක වැසියන් විසින් කවදාවත් ද්‍රවිඩ ජාතික දේශපාලඥයෙකු කරගහගෙන ගොස් නැති අතර මෙම ගැමියන් කර්නල් රත්නප්‍රියව ඔවුන්ගේ කර මතින් ඔසවාගෙන ගියා පමණක් නොව ඔවුන් සියලූ දෙනාම එම අවස්ථාවේදී අඩමින්, වැලපෙමින් සිටි බවද නිරීක්ෂණය කරන ලදී. මෙම දර්ශනයෙන් අප සියලූ දෙනාම තුස්නිම්භූතයට පත් වී සිටින්නේ මින් පෙර සිංහල හා දෙමළ ජනතාවට එකට ජීවත් වීමට නොහැකි බව සනාථ කිරීම පි‚ස ගොතා තිබූ බොහෝ මුසාවන් අපට සම්පූර්ණයෙන්ම බැහැර කිරීමට සිදු වී ඇති බැවිනි. දෙමළ ජනතාවට වෙනම අසම්මිතික ෆෙඩරල් රාජ්‍යයක් අත්‍යවශ්‍ය බව සනාථ කිරීමට පැවති වාද විවාද කිසිසේත්ම අවශ්‍ය නොවන බව මෙම අසරණ ගැමියන්ගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලිවම ඔප්පු වී ඇත. මෙසේ කොටි සංවිධානය යටතේ පැවති සම්පූර්ණ ද්‍රවිඩ ගම්මානයක්ම සිංහල හමුදාවේ නිලධාරියෙකුට ඔවුන්ගේ හද පතුලෙන්ම දැක්වූ ප්‍රණාමය අත්‍යවශ්‍යයෙන්ම මුළු ලෝකයේම, විශේෂයෙන්ම එකසත් ජාතීන්ගේ මණ්ඩලය හා අනෙකුත් ශ්‍රී ලංකාවට එරෙහි විදේශීය රාජ්‍යයන් විසින් ගොඩනගාගෙන තිබූ ඉතාමත් සාවද්‍ය මතයන් බිඳ වැටිය යුතුය.

තෙවන ආදර්ශය : කෘතීම බාධක

අදාළ දේශපාලඥයන් විසින් දිනපතාම අපේ මනසට කාවද්දන ප්‍රධාන කරුණක් වන්නේ සිංහල ජනතාවට, ද්‍රවිඩ ජනතාව හා එක්ව ජීවත්වීමට අවශ්‍ය නැති බවය. සිංහල හමුදා භටයින් ද්‍රවිඩ ජාතිකයින්ට කෘෘර මෙන්ම අධම ලෙස සලකන බවත් ඒ නිසාම සිංහල හමුදාව උතුරෙන් ඉවත් කළ යුතුය යන්න පිළිගැනීම වස් අදාළ පාර්ශවයන් විසින් අපව බුද්ධිශෝධනයකට භාජනය කොට ඇත. කරුණු මෙසේ තිබියදී කොටි සංවිධානය යටතේ පාලනය වූ ගම්මානයක සියලූම ගැමියන් සිංහල හමුදා නිලධාරියෙකුට සමුදීම සඳහා අඩමින් දොඩමින් වැළපෙමින් පෙළ ගැසී සිට, ඔවුන්ගේම සහෝදර පිරිසක් විසින් කර මත තබාගෙන එන මෙම නිලධාරියාට ආචාර කිරීමේ සිද්ධිය පැන නැගී ඇත. අප සියලූ දෙනාම දැන් ඇසිය යුතු ප්‍රශ්නයක් වන්නේ ˜සිදුවන්නේ මොන කෙන්ගෙඩියක්ද?˜ කියාය. අපට ලැබී ඇති ඡායාරෑප වලින් මෙම කතාව මොනවට පැහැදිලි වේ. මෙම සිත් කම්පා කරන සිද්ධිය තේරුම් ගැනීමට නම් අප කළ යුත්තේ මෙම ඡායාරෑප වල සිටින ස්ත්‍රී පුරුෂ සියලූදෙනාගේම ඇස් වලින් කඩා හැලෙන කදුළු තේරුම් ගැනීම තුළින්, අපගේ සිත් වලට කාවද්දා තිබූ විකෘති කරන ලද ප්‍රවෘත්ති හා සාවද්‍ය තොරතුරු සියල්ලම අප වෙත පටවා තිබුනේ සාමය පි‚ස යන ගමනට කෘතීම දේශපාලන බාධක ලෙස බව වටහා ගැනීමෙනි. මෙසේ තනි හමුදා නිලධාරියෙක් දෙමළ කොටි ත්‍රස්තවාදීන් යටතේ පැවති මුළු ගම්මානයකම වැසියන්ගේ සිත් දිනාගෙන සිටින අවස්ථාවක ඛෙදුම්වාදී ද්‍රවිඩ පක්ෂ වල සාවද්‍ය ප්‍රචාරක යන්ත්‍රයන්ගේද බලපෑමෙන් වත්මන් රජයට ද උවමනා වී ඇත්තේ මෙම ශේෂ්ඨ රණවිරුවාට කළගුණ සලකන ජනතාවගෙන් ඈත් කිරීම පි‚ස ස්ථාන මාරුවක් ලබා දීමය.

හතරවන ආදර්ශය : තුන්වන පාර්ශවයන් හා විදේශීය රාමු තුළ ඇති අදහස් ඵල රහිතය.

අපගේ ජිවන රටා වල උස් පහත් වීම් ඛෙදාහදා ගැනීමට හෝ ගෞරවනීය අනෙේ‍යාAන්‍ය සම්බන්ධතා පැවැත්වීමට හෝ සාමකාමී ජිවන රටාවක් ඇති කර ගැනීමට කෙහෙල්මල් බටහිර තාක්ෂණ විද්‍යාවන්, භාහිර පාර්ශවයන් හෝ මුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන අපට අවශ්‍ය නැත. ලෝකය පුරා යම් හෝටලයක හෝ කොළඹ වායු සමීකරණය කරන ලද කාමරයක ශ්‍රී ලංකාව පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වන තුන්වන පාර්ශවයන් හෝ සාමකාමී සහජීවනය හා සංහිදියාව පිළිබඳ විවිධ ආකෘති හා ලිපිගොනු රැගෙන ගුවන්යානා වල ව්‍යාපාරික පන්තියෙන් පැමිණෙන එක්සත් ජාතීන්ගේ තැරැව්කරුවන් හෝ නියෝජිතයන් පැහැදිලිවම අපට අවශ්‍ය නොවන්නේ ශ්‍රී ලංකා හමුදාවේ එක් විරෝදාර නිලධාරියෙක් හා එල්. ටී. ටී. ඊ. පාලනයේ පැවති ගම්මානයක වෙසෙන සියලූම ශ්‍රී ලාංකීය ජාති හිතෛෂී වැසියන් සාමකාමී සහජීවනය යන්න කුමක්ද කියා මුළු ලොවටම පෙන්වා දී ඇති බැවිනි. මෙසේ සියලූදෙනාම අනිවාර්යයෙන්ම මතකයේ රඳවා ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ එක් ශ්‍රී ලාංකීය හමුදා නිලධාරියෙක්, දැඩි කොටි ත්‍රස්තවාදී මතයන්ගෙන් පිරි ගම්වැසියන්ගේ අදහස් හා මතවාද සම්පූර්ණයෙන්ම වෙනස් කළ බවයæ මෙවැනි විස්මයජනක සිදුවීමකට, කිසියම්ම විදේශීය මතයකට හෝ ලියවිල්ලකට උත්තර සැපයිය නොහැක. ඉහත කී ජාත්‍යන්තර සංවිධාන හෝ විදේශීය මතයන්ගෙන් තොරව අපගේ ශ්‍රී ලාංකීය යුද හමුදාව හා අදාළ ගම්මානයේ දැඩි කොටි ත්‍රස්තවාදී මතයන්ගෙන් පිරී සිටි සියලූම ගැමියන්ද එකට එකතු වී ගොඩනගාගෙන ඇති සාමකාමී සංහිදියාවේ හා සහජීවනයේ ශක්තිමත් බැම්ම, දැඩි විශ්වාසය හා සමඟිය මත ගොඩනැගීමෙන් මෙම ජාත්‍යන්තර ප්‍රජාවන් හා අනෙකුත් ශ්‍රී ලාංකීය කටයුතු වලට ඇඟිලි ගසන පාර්ශවයන් කිසිසේත්ම අවශ්‍ය නොවන බව තේරුම් ගැනීම ඔවුන්ට දැඩි කම්පනයක් ඇති කරවන්නකි. මෙම සිද්ධියෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ සංහිදියාව හා සහජීවනය සඳහා අපට කිසියම්ම විදේශීය මැදිහත්වීමක්, විදේශීය රාමු තුළින් විවිධ අදහස්, මුදලට කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හා විදේශීය නියෝජිතයින් අනවශ්‍ය බවත්, සංහිදියාව හා සහජීවනය පහසුවෙන්ම ඉහත සඳහන් අයගේ අදහස් හෝ ඇඟිලි ගැසීම් නොමැතිව අපට පහසුවෙන්ම ලබාගත හැකි බවත්ය.

පස්වන ආදර්ශය : දෙමළ ජාතික සංවිධානයට, ඉහළ කුල වල ද්‍රවිඩ පුරවැසියන්ට, කොටි සංවිධානයේ ජාත්‍යන්තර ඩයස් පෝරාවට අවධාරණය කෙරෙන්නේ අපේම ජනතාව නොමග යැවීමට උත්සහ නොකරන ලෙසටය.

විශ්වමඩුව යුක්ත වන්නේ 100% ක්ම පාහේ දිළිදු, කුලහීන ද්‍රවිඩ ජනතාවගෙනි. ඔවුන්ට අයත් වූ ඛේදනීය ඉරණම වූයේ කොටි සංවිධානයට බලහත්කාරයෙන් බඳවාගෙන ඉහළ පැලැන්තියේ ද්‍රවිඩ පිරිස් වලට පමණක් වාසි වන අරමුණු සඳහා තම ජීවිත පුද කිරීමය. ඔවුන් වෙනුවෙන් හඩක් නැගීමට හෝ ඔවුන්ව රැකබලා ගැනීමට කිසිවෙක් නොසිටියහ. මෙම කුලහීන ද්‍රවිඩ වැසියන් විසින් ශ්‍රී ලාංකීය හමුදාවේ නිලධාරියෙකුට මෙතරම් ඉහළ ගෞරවයකින් සැලකීම ගැන ද්‍රවිඩ ජාතික සංවිධානය, ද්‍රවිඩ කුලවතුන් හා ද්‍රවිඩ ඩයස්පෝරාව ඊර්ෂ්‍යා කරමින්ද, ලැජ්ජා වෙමින්ද සිටිනවා විය හැක. මෙම අහිංසක ජනතාව දෙමළ ජාතික සංවිධානය, දමිළ කුලවතුන් හා එල්. ටී. ටී. ඊ. ඩයස්පෝරාව වෙත යවා ඇති පැහැදිලි ප‚විඩය වන්නේ ඔවුන් තව දුරටත් මිනී මැරීමට අකමැති බවත්, සාමකාමී ජීවන රටාවක් තුළ ජිවත් වීමට කැමති බවත්ය. එය එසේම වේවාæ අප ඉදිරියට ගොස් තව තවත් විශ්වමඩු වැනි ගම්මාන ඇති කළ යුතුය. සාමකාමී සහජීවනය හා සංහිදියාව කවදාවත් ළඟා කර ගත නොහැකි බව කියමින් මුලා වී සිටින තව බොහෝ ද්‍රවිඩ ගම්මාන වල වැසියන්ට මෙම ගෞරවනීය සාමයේ ප‚විඩය ගෙන යා යුතුය. ව්‍යාජ සංහිදියා රාමු තුළ සිටිමින් අප සියලූදෙනාම තව දුරටත් වෙන්කර තැබීමට උත්සාහ කරන එම පාර්ශවයන් විසින්ම අපගේ අහිංසක ජනතාවට කොතරම් ව්‍යාජ අදහස් කවා ඇත්ද?

අප රටේ එහා මෙහා පාවෙමින් ඇති මිත්‍යා මත හා මුසාවන් සියල්ල කර්නල් රත්නප්‍රිය ඔහුගේ උපේක්ඛාව තුළින් සුනු විසුනු කර දමා ඇත.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දැඩි මතධාරීන් රැසක් බිහි කළ විශ්වමඩු ගම්මානයේ ජනතාව දැන් අඩා වැලපෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ එක් විරෝදාර නිලධාරියෙකුට සමුදෙන මොහොතකදීය. මෙයින් ලැඛෙන ප‚විඩය ඉතා පැහැදිලිය. සිංහල හා ද්‍රවිඩ ජනතාව අතීතයේ සියවස් ගණනාවකටම සාමයෙන් හා සංහිදියාවෙන් ජිවත් වූ පරිද්දෙන්ම ඉදිරියටත් යාමට නම් සියලූම සන්හිදියාවට බාධා ඇති කරන පාර්ශවයන්, ජාතිවාදී දෙමළ ජාතික සංවිධාන දේශපාලඥයන්, සිංහල මුස්ලිම් ජාතිවාදී දේශපාලඥයන් හා ද්‍රවිඩ කුල ක්‍රමය ඉවත් කර ජාත්‍යන්තර ද්‍රවිඩ ඩයස්පෝරාවට තව දුරටත් අප මව්බිමේ ඛෙදීම් ඇති කිරීමට තහංචි දැමිය යුතුය.


විශ්වමඩු ගම්මානයට ප්‍රධාන ඇමතිවරයෙක් පත්කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් එසේ වන්නේ අනිවාර්යයෙන්ම කර්නල් රත්නප්‍රිය මිස විග්නේශ්වරන් හෝ ද්‍රවිඩ ජාතික සංවිධානයේ කිසිවෙක් නොව.
ඛෙදුම්වාදීන්ගේ මිත්‍යාවන් විනාශ කර දමා සාමය හා සත්‍ය සංහිදියාව කුමක්ද කියා ලෝකයට පෙන්වා දුන් මෙම අභීත සිංහල හමුදා නිලධාරියාට අපගේ ගෞරවය හා ප්‍රණාමය පිරිනැමිය යුතුයæ

ෂෙනාලි ඩී වඩුගේ

2 Responses to “සාමකාමී සහජීවනය හා සංහිදියාව යනු කුමක්ද කියා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ගම්මානයක අය හා හමුදා නිලධාරියෙක් ලොවටම කියාපායි.”

  1. Charles Says:

    Congratulations Shenali for this article in Sinhala.

  2. Hiranthe Says:

    I agree with Charles Shenali.

    Welcome home, although you are already 100% home!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress