සජිත් නායකත්වයේ යහලක්‍ෂණ පෙන්වයි.. හිට්ලර් අල්ලාගෙන පක්‍ෂ විපක්‍ෂ උන් ගෝටාට මඩ ගහද්දී සජිත් මඩ අතහැර උඩුගං පිහිනයි..
Posted on June 23rd, 2018

lanka C news

පසුගියදා ගෝඨාබය රාජපක්‍ෂ මහතාගේ නිවසේ පැවති දානමය කටයුත්තේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමියන් විසින් සිදු කරන පද ප‍්‍රකාශයන් කිසිම ආකාරයෙන් නරක දෙයක් අදහස් කලේ යයි තමන් විශ්වාස නොකරන බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

උන් වහන්සේ විසින් කියු දෙයිහි අර්ථය ඊට වඩා දුරදක්නා නුවනින් බාර ගැනීමට තමන් කැමති බවද ඇමතිවරයා සදහන් කරයි.

‘අපේ රටට අවශ්‍ය වන්නේ රටට ආදය කරන, ජනතාවට ආදරය කරන, ජනතාවට සෙත සලසන, අපේ කමට ආදරය කරන, ආගම ධර්මය සුරකින පාලනයක්’ යයිද ඇමතිවරයා කියා සිටියේය.

සජිත් නායකත්වයේ යහලක්‍ෂණ පෙන්වයි.. හිට්ලර් අල්ලාගෙන පක්‍ෂ විපක්‍ෂ උන් ගෝටාට මඩ ගහද්දී සජිත් මඩ අතහැර උඩුගං පිහිනයි..

පක්‍ෂ විපක්‍ෂ දේශපාලඥයන් බොහෝ දෙනෙකු අදාල ප‍්‍රකාශයට විවිධ අර්ථකතන දෙමින් අස්ගිරි අනු නාහිමිටත් ගෝටාභය රාජපක්‍ෂ මහතාටත් නොයෙකුත් අවලාද එල්ල කරද්දී එජාප නියෝජ්‍ය නායකයා විසින් යම් සාධනීය අදහසක් දැරීම විශේෂත්වයකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන්ද දේශපාලන වාසිය නොතකමික් මේ ආකාරයේ දුර්ලබ භාවිතයන් බොහෝ දැකගත හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress