පොසොන් පොහොය දින පණිවුඩය
Posted on June 26th, 2018

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති

උතුම් වූ බුද්ධ ධර්මය ජම්බුද්වීපයේ සිට ශ්‍රී ලංකාද්වීපයට දායාද කෙරුණේ අද වැනි උතුම් පොහෝ දිනකය. එබැවින් ප්‍ර‍නීත වූ උතුම් බුද්ධ වචනය පළමු වරට ශ්‍ර‍වනය වූ පොසොන් පොහොය දිනය ශ්‍රී ලංකා වාසීන්ට උත්තම වූ දිනයයි.

අප ඇසූ පළමු බුද්ධ වචනය සියලු සත්වයින්ටම මෛත්‍රිය වැඩිය යුතු බවයි. ඒ උතුම් බුද්ධ වචනය එදා සේම අදත් මුළු මහත් ලෝකයේම හිතසුව පිණිසද, පැවැත්ම පිණිසද හේතු වන බව මෙත් සිතින් යුතුව සිහිපත් කල යුතුය. එබැවින් මේ පොසොන් පොහොය දිනයේදී ඒ අති උත්තම දායාදය අපට රැගෙන වැඩමවා වූ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ මහත් ගෞරවයෙන් සිහිපත් කර උන්වහන්සේ ඉගැන්වූ ධර්මයෙහි හැසිරීමට අදිටන් කරගතයුතු යැයි මම මහත් බැති සිතින් යුතුව ප්‍ර‍කාශ කරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි !

මහින්ද රාජපක්‍ෂ

හිටපු ජනාධිපති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress