ඔනරබල්‍ ,වෙනරබල් සහ වල්නරබල්
Posted on June 29th, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග

අපි ඔවුන්ට පඩි ගෙව්වෙමු  
නවීන වාහන අරන් දුන්නෙමු  
ඔවුන්ව නඩත්තු කලෙමු 
ඔවුන් ඔනරබල්   

අපි තව සමහරක්ට කන්නට දුන්නෙමු  
ඔවුන්ට සැප පහසු ගෙවල් සදා දුන්නෙමු  
දිව් ලෝක සැප පතා තුට්ටු දෙක පූජා කලෙමු  
අය වෙනරබල් වෙති   

අප දිවා රැය කඹුරන්නෝ වෙමු 
තුන්වේල කන්නේ නැත ලෙවකන්නෙමු  
වවුලන් මෙන් එල්ලී බස් කෝච්චි වල යමු  
අප වල්නරබල්  වන්නෙමු 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress