අකිල ආපසු පාසල් යා යුත්තේ ඇයි?
Posted on July 1st, 2018

 
 මේ රටේ අධ්‍යාපනය පූසා ගහෙන් බහින්නාක්‌ මෙන් බිමටම පහත් වෙමින් පවතී. උසස්‌ අධ්‍යාපනය ගැන පමණක්‌ යම් තරමකින් බලාපොරොත්තුවක්‌ තැබිය හැකි අතර එයට හේතුව එය මේ මොහොතේදී උගතකු වූ විජයදාස රාජපක්‌ෂ අත පැවැතීමය. එහෙත් එතැනින් පහළ තිබෙන අධ්‍යාපනයට වැලේ වැල් නැති අතර අවශ්‍ය වැල් අඹරා ගැනීම සඳහා වනාන්තරද නැත. මෙරට අධ්‍යාපනයේ මස්‌තකප්‍රාප්තිය තව දින 3 කින් (4) සිදුවන බවට අපි අපේ මුල් පුවතින් හෙළිකර ඇත්තෙමු. ඒ, සියලු පාසල් වැඩ වැරීමය. අපගේ ප්‍රාර්ථනය ජාතියේ දරුවන්ට මහත් සේ හිරිහැරදායක වූ මෙවැනි වර්ජන නොපැවැත්වේවා යන්නය. එහෙත් 1970 න් පසු මේ රටේ පොදුජන ප්‍රාර්ථනා, නිෂ්ක්‍රීය සිතුවිලි පමණි. මිනිසුන් සිතන කිසිවක්‌ සිදු වීමට දේශපාලනඥයෝ ඉඩ නොතබති. රටේ කරුමයට මෙවැනි අධ්‍යාපන වර්ජනයක්‌ සාර්ථක වුවහොත් බිම ඇනෙන්නේ අකිල කාරියවසම්ගේ පස්‌ස නොව ජාතියේ පස්‌ස පැත්තය. අකිල විරාඡ් කාරියවසම් ඇමැතිතුමා යළි මුල පටන්ම කුරුණෑගල ඉස්‌කෝලේ ගොස්‌ හෝ මේ ඇත්ත උගත යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress