මහජනතාවට නිකුත් කළ “සී 350‘‘ ලේඛනයේ ඇස්බැන්දුවක්. නිකුත් කර ඇත්තේ පාර්ලිමේන්තුවට දුන් පිටු 139 න් පිටු 127 යි.
Posted on July 4th, 2018

මහජනතාවට නිකුත් කළ සී 350‘‘ ලේඛනයේ ඇස්බැන්දුවක්.නිකුත් කර ඇත්තේ පාර්ලිමේන්තුවට දුන් පිටු 139 න් පිටු 127 යි.‘කෝප් සමාජිකයින්ගේ හා රවී කරුණානායක පවුලේ දුරකතන විස්තර නෑ.-මාධ්‍ය ඒකකය  CaFFE

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද දින මහජනතාව වෙත නිකුත් කරනු ලැබූ ‘සී 350‘‘ ඇමුණුමේ අන්තර්ගතව ඇත්තේ මහ බැංකුවේ නිලධාරීන් හා බාහිර පුද්ගලයින් පැවැත්වූ දුරකතන සංවාද පිළිබද කරුණු පමණක් ඇතුලත් වාර්තාවක් බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෝප් කමිටුව පැවැත්වෙන කාල වකවානුව තුල කෝප් කමිටු සාමාජිකයින් හා අර්ජුන ඇලෝසියස් පැවැත්වු දුරකතන සංවාද පිළිබදවාර්තාවක් ද, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැත්වූ දුරකතන සංවාද පිළිබද සවිස්තර වාර්තාවක් ද රහස් පොලීසිය විසින් බැදුම්කර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ පිළිබද තෝරාගත් කරුණු පමණක් කොමිෂන් සභා අවස්ථාවේ දී අනාවරණය කරනු ලැබීය.  එම වාර්තා කිසිවක් මහජනතාව වෙත නිකුත් කිරීම සදහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා අවසර ලබා දී නැත.

ජනාධිපති ලේකම්වරයා විසින් ‘සී 350 සිට සී 359‘ දක්වා වන ලේඛනයක් ගරු කථානායකතුමා වෙත යොමු කර ඇත.  නමුත්, එම ලේඛනය මේ දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දී නැත.  පාර්ලිමේන්තුවේ සභාගත කර ද නැත.   ‘සී 350 සිට සී 359‘ දක්වා ලේඛනයේ පිටු 139 ක් අඩංගු වේ.  එයින්, පිටු 127 ක් පමණක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද මහජනතාවට නිකුත් කර ඇත.

අප වෙත ලබා දී ඇති වාර්තාවේ මුල් පිටපත ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව නැත.  එහි සහතික කළ වාර්තාවක් ද මහජනතාව වෙත නිකුත් කර නොමැත.

රහස් පොලීසිය විසින් බැදුම්කර කොමිෂන් සභාවට ඉදිරිපත් කළ දුරකතන සංවාද ‘කෝප් කමිටු සාමාජිකයින් හා රවී කරුණානායක ගේ පවුලේ සාමාජිකයින්‘ පැවැත්වූ දුරකතන සංවාදන ඇතුලත්වේ.

බැදුම්කර වාර්තාවේ සංවේදී නොවන තොරතුරු මහජනතාව වෙත නිකුත් කරන බවට ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට හා මහජනතාව වෙත අවස්ථා කිහිපයක දී ජනමාධ්‍ය ඔස්සේ ප්‍ර‍කාශ කර ඇති නමුත්, එම තොරතුරු කිසිවක් මේ දක්වා ජනගත වී නොමැත. සම්පූර්ණ බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධිය පත් කළ යුතු බව කැෆේ සංවිධානය නැවත වරක් අවධාරණය කර සිටී.

මාධ්‍ය ඒකකය                                              2018 ජූලි 4

Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka
100/19 A, Welikadawatta Road,
Rajagiriya,Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress