අති විශේෂ හෙලිදරව්ව – චීන පෝට්සිටි සමාගමෙන්  සිරස මාධ්‍ය ජාලය මුදල් අරගෙන
Posted on July 7th, 2018

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

 සිරසේ ලොක්කා ප්‍රභාකරන් මෙන් රහසිගත ජීවිතයක් ගත කරන රටේ සාරය උරා බොන කල්ලතෝනි ජාවාරම් කාරයෙකි. මොහුගේ සම්පූර්න කථා වස්තුව ලියුවහොත් එය වැඩිහිටියන්ට පමනයි ලේබලයෙන් ඉදිරිපත් කල යුතුව ඇත. එහෙයින් මේ කථාව ස්වයං වාරණයකට ලක් කර ඇති බව පාඨකයන්ට දැනුම් දිය යුතුව ඇත. සිරස මාධ්‍ය භාවිතය ගුජුප්සාජනකය. පවුල් සංස්ථාව කඩා බිද දමමින් සංකර ඉන්දිය මොඩලයක්  බිහිකිරීමේ සාහසික ගමනක මොවුන් නියුතුය.  සිය මාධ්‍ය ජාලය හරහා හීන දහම් වලට ආවඩමින් සැබෑ  බෞද්ධ ධර්මය යටපත්  කරනේය. මෙම  සාහසික වැඩ පිලිවෙල මෙහෙයවනුයේ මල නොතලා රොන් ගන්නා සේය. වකුගඩු රෝගය හරහා ලංකාවේ දහස් ගනනක් මිනිසුන් මරා දැමූ තවත් දහස් ගනනක් රෝගී කල ග්ලයිෆෝසෙට් එකාධිකාරයේ අයිතිකරුවන් සිරස සමාගමය  .බිලියන 24 ක් හෙවත් කෝටි 2400 ක් ගෙවා පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුවට පි‍ටුපස සිටින සොර කල්ලියද මොවුන්ය. රුසියානු යුධ නැව් ජාවාරමට විරුද්ධ වීම නිසා  ලංකාවට පහළ වූ දක්ෂතම නාවික හමුදාපතිවරයෙක්  වූ ට්‍රැවිස් සින්නයියා මාස 3න් ගෙදර යැවීම පි‍ටුපස සිටියේද මොවුන්ය. නෙලුම් කුලුන සාදා නිමකල පසු ප්‍රකෝටි ගනනක් වටිනා ගුවන් විදුලි සංඛ්‍යාත රැසක් මොවුන් විසින් සොරා කෑවේය.

යහපාලන ආන්ඩුව පත්වූ විගස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවාය . එම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා ලංකාවේ සියලුම මාධ්‍ය ආයතන සහභාගි වුවද සිරස මාධ්‍ය ජාලය එය වර්ජණය කලේය. සිරස මාධ්‍ය සාකච්ඡාව වර්ජණය කළේ කවර හේතුවක් නිසාදැයි මාධ්‍යවේදියෙකු හිරුණිකාගෙන් විමසූවිට ඇය කෙලින් උත්තරයක් දුන්නාය. ඇය කියා සිටියේ ‘‘අයියෝ, සිරසෙ ලොක්කා ඇඹලයෙක් නෙ. දවසක් එයා මට කියුව  එයා කියන විදියට වැඩ කළොත් මාව ලංකාවෙ ඉහළම තැනකට ගේනව කියල. එයාට මාව නටවන්න බෑ. කිලීගෙ දේශපාලනය නිසා සිරස විනාශවෙලා ඉවරයි. ඒවගේ චැනල්වලින් අපිව නොපෙන්නුවට කමක් නෑ’’ ඇය මෙසේ ප්‍රකාෂකලේ ‘සිරසේ මාධ්‍යකලාව’ හමුවේ දේශපාලනඥයන් කවරාකාරයෙන් හැසිරිය යුතුදැයි පූර්වාදර්ශයක් සපයමිනි. සිරසේ ලොක්කා යනු සිය  සේවකයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරවාගෙන ඔවුන් හරහා තම අවශ්‍යතා ඉටුකරගන්නා කපටි ව්‍යාපාරිකයෙකි. තම මාධය ජලයේ හයිය පෙන්වා පුද්ගලයන් බ්ලැක් මේල් කරන තක්කඩියෙකි

යහපාලන රජය පත්වූ විගස ‘සිරස’ ගාලු මුවදොර පැය විසි හතර පුරා කැමරා අටවාගෙන චීන පෝට් සිටි ව්‍යාපෘතියට බොරු විරෝධයක් පෑවේය. රටේ  නැති පාරිසරික ගැටලු මවා පෑවේය. සිරස මාධ්‍ය ජාලය පරිසරය වෙනුවෙන්ම කැපවන බව පෙන්වමින් පෝට් සිටි ව්‍යාපෘතියට උදේ සිට රෑ වනතුරු පහර දුන්නේය. සිරසට අනුව ලංකාවේ එතෙක් සිදු කෙරුණු අතිශය විනාශකාරී නරකම ව්‍යාපෘතිය පෝට් සිටි ව්‍යාපෘතිය විය. දිගින් දිගටම චීන ව්‍යාපෘතියට සිරසින් එල්ල වූප්‍රහාරයෙන් ගැලවීමට  ප්‍රතිමෙහෙයුමක් දියත් කිරීමට පෝට් සිටි සමාගම  තීන්දු කලේ මේ අතරය. පෝට් සිටි ව්‍යාපෘතියේ ප්‍රතිරූපය ඉහළ දැමීමද ඔවුන්ගේ අරමුණක් විය. ඔවුන් මේ සදහා ‍තෝරා ගත්තේ අලෙවිකරණ සහ වෙළද ප්‍රවර්ධනයේ ජාත්‍යන්තර කීර්තියට පත් සමාගමක්  වූ Phoenix – Ogilvy PR අයතනයය. එය ඩොලර් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවක් විය.මේ බව ආරංචි වූ සිරස ලොක්කා වහාම ක්‍රියාත්මක වී තමන්ගේ කණ්ඩායමක් China Port City Development සමාගමේ ප්‍රධාන විධායක Dr. Lin හමුවීම සඳහා සදහා පිටත් කලේය.

සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව China Port City Development Company ප්‍රධාන විධායක Dr. Lin කොන්ත්‍රාත්තුවෙන් Phoenix – Ogilvy PR – සමාගම කපාදමා සිරසට ලබා දුන්නේය. මෙම සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සඳහා කිලී මහරාජා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් ඉල්ලා තිබුනි. එහි මුල් අදියරේ කටයුතු සඳහා China Port City Development සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 03 ක් හෙවත් රුපියල් ලක්ෂ 400 කට ආසන්න මුදලක් ලබා දුන්නේය. මෙම මුදල සිරස මාධ්‍ය ජාලය අයත් කැපිටල් මහරාජා සමාගම වෙත China Port City Development සමාගම විසින් සම්ප්‍රේෂණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ FCIB (Foreign Currency Investigation Bureau) මගින් තහවුරු කොට ඇත.  ඇමරිකානු ඩොලර් මිලියන 03ක අත්තිකාරම් මුදලක් ලබාගත් සිරස China Port City ව්‍යාපෘතියට සුදුහුණු ගෑමේ ව්‍යාපෘතියක් ආරම්භ කලේය. සිරස විසින් එම ව්‍යාපෘතිය හැදින්වූයේ ‘රන්බිම ව්‍යාපෘතිය’ වශයෙනි. සිරස ගමින් ගමට ගොස් රන්බිම ව්‍යාපෘතිය ඔස්සේ ගඩොලින් ගඩොල ඉදිවන සාම ස්මාරකයක් ගැන බොරු පම්පෝරියක් ගැහුවේය. සිරස කියුවේ ඉදිවන සාම ස්මාරකය නෙළුම් කුළුනට වඩා උස එකක් බවය. කෙසේ වුවද චීන සමාගමෙන් මුදල් ගත් විගස  එතෙක් පතුරු ගසමින් සිටි චීන පෝට් සිටිය  එක් ‍රැයකින්  අනර්ග ව්‍යාපෘතියක් විය

මහරාජාගේ සාර්ථකත්වයේ ප්‍රභලතම  රහස නම් සිය කූට ව්‍යපාරික සැලසුම්  වලට දේශපාලන අධිකාරියේ අනුග්‍රහය ලබා ගැනීමය. මෙම දේශපාලන ව්‍යාපෘතිය සදහා මග හෙලි පෙහෙලි කරන්නේ සිරස හරහාය. මොවුන්ගේ අලුත්ම දේශපාලන ගෝනි බිල්ලා වී ඇත්තේ ” සිරස ගම් මැද්ද ” ව්‍යාපෘතියයි.ගම්මැද්ද බැලූ බැල්මට ජනතාවට සෙත සළසන වැඩසටහනක් ලෙස පෙනී යයි. නමුත් ගම්මැද්දේ දී කරන්නේ ගමක පාරක්, බෝක්කුවක්, හෝ නිවසක් නැති පවුලක් ගැන හෝ නැතිනම් වතුර නැති පෙදෙසක දුක් කදුලු අලෙවි කිරීමයි . ඉන් පසු අදාල බැංකුවේ ගිනුමකට මුදල් දමන්න යැයි රටට කියයි. පරිත්‍යාගශීලීහූද ලක්ෂ ගණනක මුදල් ගිනුමට බැර කරයි. සිරස කරන්නේ පරිත්‍යාග වලින් ලැබූ මුදල් තමන්ගේම ජල නල කොම්පැනියට ගෙවා අදාල ගමට වතුර දීමයි. අනතුරුව සිරස පමණයි අපට උදව් කළේ කියා ගැමියන් ලවා කියවා ගනිමින් මාධය සංදර්ශනයක් තියයි.  ගම්මැද්ද වැඩසටහනට ඩොලර් වලින්ද අඩුපාඩුවක් නැත . වරෙක ආසියානු ගුවන්විදුලි සංගමයේ වාර්ෂික සැසිවාරයේ දී රජයේ සුභසාදන ක්‍රියාවලිය හෑල්ලුවට ලක් කොට සිරසේ ගම්මැද්ද ඔසවා තැබුවේය. සිරස එසේ කලේ ඩොලර් වලින් තම මඩිය තර කර ගැනීමේ අපෙක්ෂාවෙනි.

බැසිල් රාජපක්ෂ විසින් කිලී මහරාජාගේ ගුවන් විදුලි සංඛ්‍යාත හොරකම හෙලිදරව් කිරීමත් සමගම කිලී මහරාජා දන්ඩෙන් පහර කෑ නයෙකු සේ කිපුනේය . ඔහු තම මාධය ජාලය අසික්කිත ලෙස යොදා ගෙන ” අඩෝ , උඹ , පලයන් ” භාෂාවෙන් බැසිල්ට තර්ජනය කලේය. මෑතකදී  මහින්ද -බැසිල්-ගෝඨාභය එක් වෙදිකාවට ගොඩ වීමත් සමගම සිරස මාධ්‍ය ජාලය යලි පරල වී ඇත. පසුගිය මාස කිහිපය පුරා  බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකු ඩොලර් වලට රට පාවා දෙමින් ලන්ඩනයේ සිට ක්‍රියත්මක වන  වෙබ් අඩවියක් හරහා රණ විරුවන්ට අපහාස  වන අන්දමේ මඩ ප්‍රචාර  ගෙන යමින් සිටියේය. පසුගිය මාසයේ  රජයේ ප්‍රභලයෙකු ලන්ඩන් නුවර කල සංචාරය අතර තුර මොවුන්ට පවුම්  ලක්ෂයක මුදලක් ගෙවූ බවට වෙබ් අඩවි වල වාර්තා පලවිය. මෙම පුද්ගලයා දැන් සිරස මාධ්‍ය  සමග එක්ව ඇති අතර  රාජපක්ෂලාට එරෙහිව මඩ මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කරමින් සිටියි.  මේ දිනවල සිරස සුන්දරියන් කිහිප දෙනෙකු මොහු  ලියන බොරු  සමාජ ගතකරමින් සිටින අයුරු දැකගත හැකි අතර , මේ කසකරුවන් කියා සිටින්නේ මඩ  පෙරහැර ලග ලගම එන බවය 

 

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

2 Responses to “අති විශේෂ හෙලිදරව්ව – චීන පෝට්සිටි සමාගමෙන්  සිරස මාධ්‍ය ජාලය මුදල් අරගෙන”

  1. Christie Says:

    These are the Indian Colonial Parasites who were and are behind our politicians Bandas, N M, Phillip, J R J, and Sirisena to name a few.

  2. Leela Says:

    කිසිම ජාති හිත‌ේෂිය‌ෙක් නා කපන වැස්සකට වත් ‘සිරසට’ ග‌ොඩ න‌ොවිය යුතු බව දැන් වසර ගනනාවක සිට මග‌ේ අදහසය්. ද‌ේසප්‍ර‌ේමී ජනතාව මරික්කාර් රංගා ම‌ොරග‌ොඩ වැනි කිලී ග‌ේ ඇබිත්තයන් පාර්ලිම‌ේන්තු මංත්‍රින් ල‌ෙ‌ස ඉදිරිය‌ෙ‌ේ‌ දී වත් වත් පත් න‌ොකර ගත යුතුය්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress