නීති විරෝධි කේබල් නාලිකා වලට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන නව කේබල් රූපවාහිනී සේවාවන් සදහා බලපත්‍ර නිකුත් කිරිම ගැන විරෝධය දැක්විම. 
Posted on July 19th, 2018

චතුරංග ද අල්විස් සභාපති වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය

2018 ජුලි 19 වන දින

පි.ආර්.එස්.පි ජයතිලක
අධ්‍යක්ෂක ජනරාල්
ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව,
276, ඇල්විටිගල මාවත,
කොළඹ 08.

  1. 07. 19

මහත්මයාණෙනි,

නීති විරෝධි කේබල් නාලිකා වලට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන නව කේබල් රූපවාහිනී සේවාවන් සදහා බලපත්‍ර නිකුත් කිරිම ගැන විරෝධය දැක්විම.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹනු! මැයෙන් 2018. 06. 13 දින ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාට අප විසින් ලිඛිත ඉල්ලිමක් භාර දෙනු ලැබීය. එම ලිපිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම්,කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජුනි මස 22 දින ලිපියක් (PS/SP/Sec/TRCSL) අප වෙත යොමුකර තිබු අතර තැපැල් වර්ජනය හේතුවෙන් අදාළ ලිපිය අප හට ලැබුනේ ජුලි මස 14 වැනිදා ය.

අදාළ ලිපිය මගින් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පී.ආර්.එස්.පී.ජයතිලක මහතාට සභාපතිවරයා විසින් නියෝග කර තිබුනේ අප විසින් යොමුකල පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකර ඊළඟ කොමිෂන් සභා රැස්විමට වාර්තාකරන ලෙසයි.

තත්ත්වය එසේ පවතිද්දි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් තින්දුවක් නොගෙන මාධ්‍ය ආයතනයක් වන Trymas Media Network (Pvt) Ltd සදහා කොමිෂන් සභාව විසින් කේබල් නාලිකාවක් පවත්වාගෙන යැමට අවශ්‍ය බලපත්‍රයක් නිකුත් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් අපගේ බලවත් විරෝධය මේ හරහා ප්‍රකාශ කරමු.

පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූව රට පුරා ඉතා සංවිධානාත්මකව හා තීව‍්‍ර ලෙස ක‍්‍රියාත්මක වන ලියාපදිංචි නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් හරහා ජාතික ආරක්ෂාවට මෙන්ම රටේ ආර්ථිකයට කල මහත් බලපෑම සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් කර ඊට සම්බන්ධ පාර්ශවයන් හට නීතිය ක්‍රියාත්මක කරන තෙක් අලුත් කේබල් නාලිකාවකට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරිම සමාජ සාධාරණතමක මුලධර්ම උල්ලංඝනයක් බව තරයේ අවධාරණය කරමු.

කේබල් නාලිකාවක් පවත්වාගෙන යැමට අවශ්‍ය බලපත්‍රයක් ඉල්ලා ඇති අදාළ ආයතනය හරහා උතුරේ ක්‍රියාත්මක වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් නීතියට මුවාවී ජාතික අරක්ෂාවට බලපෑම් කිරිමට අවශ්‍ය අවකාශ සපුරා ගැනිමට කුමන්ත්‍රණය කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

ඒ හේතුවෙන් Trymas Media Network (Pvt) Ltd සඳහා කේබල් රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරිමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස විරුද්ධත්වය පලකරන අතර වහාම නව බලපත්‍ර නිකුත් කිරිමට පෙර ජාතික ආරක්ෂාව අනතුරේ දමමින්, රටේ බදු මුදල් ගෙවිම පැහැර හරිමින් ක්‍රියාත්මක වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් වහාම නතර  කරන ලෙසත්,ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අප ඉල්ලා සිටිමු.

ස්තූතියි!

මෙයට,

චතුරංග ද අල්විස්

සභාපති

වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය

ඇමුණුම් -01 වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවට භාරදුන් පැමිණිල්ල.

-02 හිටපු ජනාධිපති ලේකම්,කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා නිසී පරික්ෂණයක් කරන ලෙස ඉල්ලමින් කොමිෂන් සභාවට යැවු ලිපිය.

-03 Trymas Media Network (Pvt) Ltd සඳහා කේබල් රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරිමට අදාළ ප්‍රසිද්ධ දැන්විම (PUBLIC NOTICE)

පිටපත් :-

01.ජනාධිපති ලේකම් කාර්යාලය

02.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය

03.සියලූම මාධ්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress